Do Do Sol Sol La La Sol (2020) E01 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E01 Sinhala Subtitles
7.4
97%

Do Do Sol Sol La La Sol (2020) E01 Sinhala Subtitles | දිළෙන දිළෙන පුංචි තාරකාව​ | සිංහල උපසිරැසි සමඟ

අධ්‍යක්ෂණය​: Kim Min-kyeong
විධායක නිෂ්පාදනය​: Yoon Jae Hyuk
නිෂ්පාදනය​: Jung Hae-ryong
රචනය​: Oh Ji-young
ප්‍රධාන චරිත​: Go Ara, Lee Jae wook , Kim Joo-hun
බෙදා හරිනු ලැබුවේ: KBS  Netflix (ජාත්‍යන්තරයට​)
නිකුත් කළ​ දිනය: 2020 ඔක්තෝම්බර් 7 – නොවැම්බර් 26
දාවන කාලය​: එක කොටසක් මිනිත්තු 60
භාෂාව​: කොරියන්
කොටස් සංඛ්‍යාව​: 16

Do Do Sol Sol La La Sol (2020) කියන්නේ දකුණු කොරියානු ටෙලි කතා මාලාවක්. මේකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Go Ara, Lee Jae-wook සහ​ Kim Joo-hun යන අයයි. මෙය ප්‍රථම වරට KBS2 සහ Netflix හරහා විකාශය කිරීමට නියමිතව තිබුණේ 2020 අගෝස්තු 26 වන දිනයේදීය​. කෙසේ වෙතත් KBS විසින් විකාශය කල් දැමුවා COVID-19 ව්‍යාප්තිය පැතිරීම වැලැක්වීම සඳහා. අන්තිමේ 2020 ඔක්තෝම්බර් 7 වෙනිදායින් විකාශය ඇරඹු මෙම කතා මාලාව නොවැම්බර් 26 දක්වා සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම කොරියානු සම්මත වෙලාවෙන් රාත්‍රි 9.30 ට විකාශය ට පත් වුණා. මේ කතාවේ “ඩෝ- ඩෝ-සොල්-සොල්-ලා-ලා-සොල්” කියන්නෙ ඔයාලා පොඩි කාලෙ අහපු “Twinkle, Twinkle, Little Star” ගීතයේ පළමු පද පේළියේ සංගීත ස්වර කිහිපයයි. ඒක මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ගු රා- රාට විශේෂයි. ඒක නිසයි ඒක කතාවේ නම කරලා තියෙන්නෙ. එහෙම විශේෂ වෙන්නෙ කොහොමද කියලා දැනගන්න කතාව බලන්නකො.

කතා මාලාවේ ප්‍රධාන​ චරිත​

Go Ara​ පණ පොවන්නේ ගු රා-රා ගේ චරිතයටයි​ (Park So-yi තමයි පොඩි කාලේ චරිතයට රඟපාන්නේ.) මන්-සු ගේ එකම දියණිය වන ඇය Ra-Ra Cosmetics හි උරුමක්කාරියද වෙනවා. ඇය අවාසනාවන්ත නමුත් සර්වශුභවාදි පියානෝ වාදිනියක්. ඇයට දක්ෂතාවයක් තිබෙනවා හැම පුද්ගලයෙකුගේම​ වගේම ඕනෑම දෙයක, හොඳ දකින්නට​. ඇය වටා සිටිනා පුද්ගලයින් ගේ ජීවිත පවා දීප්තිමත් වෙනවා ඇය හින්දා.

Lee Jae-wook​ පණ පොවන්නේ සුන්වූ ජූන් ගේ චරිතයටයි ​ (Shim Ji-wan තමයි පොඩි කාලේ චරිතයට රඟපාන්නේ.) අබිරහස්ජනක සහ තනිව සිටීමට කැමති පුද්ගලයෙක්. නමුත් හොඳ පෙනුමක් හිමි ඉක්මණින් උණුවන​ හදවතක් සහිත වූ තරුණයෙක්. ඔහුට ඔහුගේම රහස් සහ වේදනාවන් තියෙනවා. ඔහු අනෙක් අයගෙන් ඇත්ව සිටිනා චරිතයක් පවත්වාගෙන හිටියත්, ඔහුට තිබෙනවා අන් අයටත් වඩා පෙරමුණ ගත හැකි උසස් ගුණාංග​. ගු රා-රාගේ ධානාත්මක සහ ලාමක ගති වලට ඔහු ක්ෂණිකවම​ ආකර්ෂණය වෙනවා.

Kim Joo-hun​ පණ පොවන්නේ චා ඉයුන්-ස්‍යුක් ගේ චරිතයට​යි ඔහු රැකියාවේ වැඩ අධිකව ආතතියකට පත්වී, මානසික රෝගයකට ලක්වූ විකාලාංග චිකිත්සකවරයෙක්. ඔහු දික්කසාද වූ තැනැත්තෙක් වන අතර කලකට පෙර පියානෝව පිළිබඳව දක්ෂතාවක් දැක්වූ පුද්ගලයෙකි. ඔහුද ගු රා-රා පිළිබඳව ආකර්ෂණයක් දක්වන්නේ ඇයගේ තිබෙන සරළ බාවයටත්, ජවයටත්, උණුසුම් පෞරෂත්වයටත් ය​​. මීට අමතරව සහය නලු නිලියන් ගොඩ දෙනෙක් මේ කතාමාලාවට රංගනයෙන් දායක වෙනවා. ඒ අය ඔයාලට කතා මාලාවේ කොටසින් කොටස බලද්දි හඳුනා ගැනීමට පුලුවන් වෙයි.

පළමු කොටසේ කතාව කෙටියෙන්
කතාව ආරම්භයේදි ගු රා-රා, ඒ කියන්නෙ කතාවෙ ප්‍රධාන චරිතය සංගීතය හදාරන්න යොමු කෙරෙනවා ඇගේ තාත්තා විසින්. නමුත් ඇය ඒක කරන්නෙ කැමත්තෙන් නොවේ. ඇය පළවෙනියටම ඉදිරිපත් වුන ප්‍රසංගයේදි ඇයට වාදනය කර ගන්න බැරි වුන ගීතයක් වෙන ” දිළෙන, දිළෙන​, පුංචි තාරකාව,” ඇය මොසාර්ට්ගේ විචල්‍යන් අනුව ඇගේ තාත්තට පේන්න, ඇගේ අවසාන ප්‍රසංගයේදි ප්ලේ කරලා පියානෝ වාදනයෙන් අයින් වෙනවා. ඊට පස්සේ ඇයට ඇගේ තාත්තා බල කරනවා විවාහ වෙන්න​. විවාහය දවසේ තාත්තා එනකම් බලා ඉන්න ඇයට අමුත්තෙක් මුණගැහෙනවා. ඒ විතරක් නොවේ ඇගේ ලෝකයම කඩා වැටෙන විදිහේ ශෝකජනක ඉරණමකටත් ඇය මුහුණ දෙනවා. ඒ මොකක්ද කියලා කතාව බැලුවහම ඔයාලට තේරේවි. එහෙනම් ඔයාලම නරඹලා තීරණය කරන්න​. සුභ පැතුම්. ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

 

 

Due to copyright issues we do not provide any torrent links

download site
Download|412

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


23
Total Subtitles

12 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. පළවෙනි උපසිරැසියට සුභපැතුම් ❤️

    දිගටම කරන් යන්න

    Good Luck 👌🙂

  3. Thank you❤ ඔක්කොම episodes වලට sub දෙන්න හොදේ🤗 පළමු උපසිරසට සුභ පැතුම්❤

    • ඇත්තෙන්ම මේ කරනා සේවයට ගොඩාක් පින් මොකද මම ඇත්තටම කොරියානු කතාමාලා පිස්සෙක් කොරියන් ඇඩ් එකක් උනත් කම්ක්නෑ ඇත්ත්ටම් Cineru.lk සුපිරියි සාමානයෙන් ගොඩාක් වෙබ් සයිට් වල කොරියානු කතාමාලව ඉවර උනාට පස්සෙ තමා සබ් දාන්නෙ ඒත් Cineru අපිව පිස්සු වට්ටනව මොකද කොරියානු කතාමාලාවක එපිසෝඩ් දෙකක් රිලීස් වෙච්ච ගමන් සබ් දෙන්න පටන් ගන්නව හිතා ගන්න බෑ ඇත්තටම මාරයි Cineru.lk ❤️❤️

  4. Priyashan Jayarathna
    Cineru Family Member

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම් 🙂❤️
    දිගටම සබ් දෙන්න 😍

  5. thank you sub ekata
    hodin karanna
    subapathum

  6. mr hansana meke ithuru sub tika den nethda kathawa nathara karalada thiyenne

  7. meke anith episode tikath dennoooo

  8. ඇත්තෙන්ම මේ කරනා සේවයට ගොඩාක් පින් මොකද මම ඇත්තටම කොරියානු කතාමාලා පිස්සෙක් කොරියන් ඇඩ් එකක් උනත් කම්ක්නෑ ඇත්තටම Cineru.lk සුපිරියි සාමානයෙන් ගොඩාක් වෙබ් සයිට් වල කොරියානු කතාමාලව ඉවර උනාට පස්සෙ තමා සබ් දාන්නෙ ඒත් Cineru අපිව පිස්සු වට්ටනව මොකද කොරියානු කතාමාලාවක එපිසෝඩ් දෙකක් රිලීස් වෙච්ච ගමන් සබ් දෙන්න පටන් ගන්නව හිතා ගන්න බෑ ඇත්තටම මාරයි Cineru.lk ❤️❤️😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *