The title of the page
DC Super Hero Girls (2019) E11-E20 Sinhala Sub
DC Super Hero Girls (2019) E11-E20 Sinhala Sub
6.9
92

DC Super Hero Girls (2019) E11-E20 Sinhala Subtitles |සුපිරි වීර කෙල්ලෝ| සිංහල උපසිරැසි සමඟ

✒️ දර්ශන හෙට්ටිවත්තගේ ලිපිය

(DC Super Hero Girls (2019) E11-E20 Sinhala Sub)
හම්මෝ ඉතින්, කොහොමෙයි? මොකෝ වෙන්නේ ඉතින් කට්ටිය. මට නම් ජීවිතේ තෙහෙට්ටුම කාලයක් මේ ඇවිත් තියෙන්නේ. මොකද, හරිම අමාරු කාලයක්. ජීවිතේ පොඩි වෙනසක් කරලා අලුත් තැනකට යන්න හිතුවා විතරයි. කොහෙද ඒත්? ඒකත් අවුල් ගියා. මගේ කොම්පියුටරේ යාලුවෙක් ඉල්ලන් ගියා සතියකට, දෙකකට කියලා. පුතාත් හොඳටෝම දඟවෙලා. එයාගේ විකාර බලද්දී අනිත් ඔක්කොම අමතක වෙනවා. ඒ ඔක්කොටම වඩා මගේ මස්සිනා ටිපර් එකක් එක්ක අනතුරක් වෙලා ජීවිතේ බේරගන්න ලොකු සටනක් දෙනවා. ඉතින් එයා ලඟ ශිෆ්ට් එකට තමයි කට්ටිය ඉන්නේ. ඒ ඉන්න අතරෙයි නොනිදා මේ සබ් ගැහුවේ. අකුරුවල නම් අවුල් ඇති. මොකද රෑ 11 වගේ ඉඳන් පාන්දර 4 විතර වෙනකල් මේවා ගැහුවේ රෝහල් කාර්‍යමණ්ඩලේට හොරෙන්. ටැබ්, ෆෝන් තහනම්නේ! සමාවෙන්න ඉතින්.

තව එපිසෝඩ් 10ක් අරන් ආවා ඉතින්. අපේ දේශාන් මලයත් එක්ක සෙට් වෙලා මේක ඊලඟ සතියෙන් ඉවර කරනවා. හැබැයි ඒ මොකටත් කලින් මං නෙට්ෆ්ලික්ස් එකෙන් උණු උණුවේ ආපු සුපිරි සීරීස් එකක් කම්ප්ලීට් දෙනවා මේ සති අන්තයේ. සුපිරිම සුපිරියක්. වැදගත්ම දේ තමයි ඔන්න මං සති අන්ත විශේෂ එකතුවට හැර වෙන අලුත් ඒව කරන්නේ නෑ පරණ ඒවා ඉවර වෙනකල්. මේකේ තියෙනවා ලස්සන කතා ටිකක්. කොමඩි ගතියත් නියමයි. වචනත් ඉතින් මරු. පොඩි උනත් මේකේ කතා හරි ලස්සනයි, ජීවිතේට වැදගත්. අර ඉන්දියන් ජරා කාටුන් කෑලි වගේ නෙවෙයි. හැමෝටම ලස්සන, පොඩි තෑග්ගක් එක්ක, එන්නම් ඉක්මනින්ම.

මේ වැඩවලදී ලොකුම තල්ලුව දෙන මගේ ආදරණීය බිරිඳව, පුතාව ආදරෙන් මතක් කරනවා. සමිත මල්ලි, අංජුල මල්ලි, මධුවා මල්ලී, චානක මල්ලී වගේම අපේ ටොප් ෆෑන් ලිස්ට් එකේ ඉන්න හශාන්, කාන්ත, ඉසිර වගේ හැමෝමත් ආදරෙන් සිහිපත් කරනවා. හශාන් මල්ලී නම් ඊ මේල් ද දා විස්තර අහනවා. ස්තූතියි මල්ලී.

ඔන්න කට්ටියට මාව සම්බන්ධකරගන්න ඕනේ නම් පහල තියෙන විදිවලින් ඒක කරන්න පුලුවන්
01 You Tube එකේ #සදහම් Creations කියලා සර්ච් කරලා මගේ චැනල් එකට ගිහින් කමෙන්ටුවක් දාන්න.
02 [email protected] කියන ලිපිනයට ඊමේල් එකක් දාන්න.
03 මගේ ෆිල්ම් පෝස්ට් එකේ කමෙන්ට් එකක් ලියන් යන්න.

මේ මොන විදිහට උනත් පිළිතුරක් දෙනවමයි මං. ඉතින් එහෙනම් ඔන්න කොරෝනා ආයෙත් ඔරෝනවා. ගෙදර ඉන්න. කල්ලි ගැහෙන්න එපා. අපි දෙන ෆිල්ම් බල බලා ගෙදරම ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

✒️දේශාන් ආදිත්‍යගේ ලිපිය

කොහොමද ඉතින් හැමෝටම ඔන්න අපි කලින් දෙනවා කිව්ව විදියටම අදත් සුපිරි වීර කෙල්ලො 10 ක උපසිරැසි අරන් ආවා

වැඩියනම් කියන්න මුකුත් නෑ. ඔයාල දන්නවනෙ DC සුපිරි වීරවරියො ගැන Wonder Woman, Supergirl, Bumblebee, Batgirl, Zatanna,Green Lantern කෙල්ලො සෙට් එක.හොදයි ඔයාල දන්නෙනෑනෙ මෙයාලගෙ පොඩි කාලෙ වෙච්ච සුපිරි වීර වැඩ ගැන. හොදයි මේ සීරිස් එක මෙන්න මේ සුපිරි කෙල්ලො සෙට් එකේ පොඩි කාලෙ වෙන දේවල් ගැන තියෙන්නෙ.හදල තියෙන්නෙ Lauren Faust කියල කෙනෙක් නිෂ්පාදන Warner Bros. Animation විසින් Cartoon Network වෙනුවෙන්

මේකෙ 1-10 වෙනකන් උපසිරැසි අපි කලින් සතියෙ ඔයාලට තෑගි කලා.ඉතින් මේ සතියෙ අපි 11-20 වෙනකන් තමා දෙන්නෙ.ඔයාල දන්නැතුව ඇති මාත් එක්ක මේ උපසිරැසි ඔයාලට දෙන දර්ශන අයියට මේක ගොඩක් අමාරු කාලයක් ඉතින් ඒ අයියා ඔයාලට දෙනව කියපු උපසිරැසි දෙන්න පරක්කු උනාට තරහ ගන්න එපා.

මේ උපසිරැසි වගේම කලින් හදපු හැම උපසිරැසියක්ම හදන්න උදවු කරන දන්නැති දේවල් හැමවෙලේම වගේ කියල දෙන සමිත රමේෂ් අයියවත්,දෙවෙනියට අපේ අංජුල උමේෂ් අයියවත්,අශේන් මදුරංග අයියවත් ආදරෙන් මතක් කරනවා.අන්තිමටම මතක් කරන්න ඕන මගේ උපසිරැසි බලල කමෙන්ට් දාන හැම සහෝදරයෙක්ටම ස්තූතියි.දර්ශන අයියගෙ මල්ලිට ඉක්මනින් සනීප වෙන්න කියා ඉල්ලමින් මම නවතිනවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

15 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    හම්මෝ ඉතිං Superhero Girls ඉතුරු ටිකත් ගෙනැල්ලා දෙන්නා 😊😊 ඒ මදිවට ලිපියෙ මාවත් මතක් කරලා බොහොම ස්තුතියි ඉතිං දර්ශන සහ දේශාන් දෙන්නටම 😊👊..
    මස්සිනා ඉක්මනට සනීප වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා දර්ශන බ්‍රෝ 🙏
    ජය වේවා.!

  2. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ඔන්න සබ දාලා දේශාන් පුතේ. ඉසිරජනිත් පුතා කෝ?? පුලුවන් හැමෝම කමෙන්ටුවක් ලියන් යන්න හොඳේ. එතකොට අපේ හිතට පට්ට ෆිට් 🌻

  3. G.W.Deshan Adithya

    ආ දර්ශන අයියෙ ජනිත් අයියව තමා මාත් හෙව්වෙ හශාන් අයියනම් කලින්ම ඇවිත් ස්තූතියි බන් 😘😙😍

  4. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ස්තූතියි සහෝ 🌻

  5. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Onna Thanks sub ekata patta bro sorry parakkuunata niyamai bigatama Yan oya denna ma 💝💖💞

  6. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    කෝ මේ චානක????

  7. බොහොම ස්තුතියි දෙන්නාටම පුලුවන් නම් The walking dead world beyond එකටත් සබ් දෙන්න තාම එක එපිසොඩ් එකයි ආවේ😘

  8. චානක තිලංක

    බොහොම ස්තූතියි සබ් ටික අරගෙන ආවට පට්ට සබ් ටික සුපිරියි.

  9. Elakiri.e wagema teen Titans go eke wadath baraganna kiyala illanawa…..

    • 🌻 දර්ශන හෙට්ටිවත්ත | සදහම් ක්‍රියේශන්
      Cineru Family Member

      ටීන් ටයිටන්ස් ට්‍රයි කරන්නම්. එපි ගොඩයි ඒකේ සහෝ. ගේමක් ගහන්නම්කෝ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login