The title of the page
DC Super Hero Girls (2019) E01-E10 Sinhala Sub
DC Super Hero Girls (2019) E01-E10 Sinhala Sub
6.9
92

DC Super Hero Girls (2019) E01-E10 Sinhala Subtitles |සුපිරි වීර කෙල්ලෝ| සිංහල උපසිරැසි සමඟ

දේශාන් ආදිත්‍යගේ ලිපිය
කොහොමද යාලුවනෙ ඔයාලට ඉතින්. ඔන්න අපි ඔයාලට අද අරගෙන ආවා සුපිරි කාටූන් සීරිස් එකක්.

කතාව ගැන 
මේක ගැන කිව්වොත් ඉතින් මෙහෙමයි ඔයාල දැනටමත් දන්නවනෙ  DC සුපිරි වීරවරියො ගැන Wonder Woman, Supergirl, Bumblebee, Batgirl, Zatanna,Green Lantern කෙල්ලො සෙට් එක.හොදයි ඔයාල දන්නෙනෑනෙ මෙයාලගෙ පොඩි කාලෙ වෙච්ච සුපිරි වීර වැඩ ගැන. හොදයි මේ සීරිස් එක මෙන්න මේ සුපිරි කෙල්ලො සෙට් එකේ පොඩි කාලෙ වෙන දේවල් ගැන තියෙන්නෙ.

මේක 2019 නිකුත් කරපු සීරිස් එකක්.හදල තියෙන්නෙ Lauren Faust කියල කෙනෙක් නිෂ්පාදන Warner Bros. Animation විසින් Cartoon Network වෙනුවෙන්. මේකෙ ඉන්නව කෙල්ලො 12 දෙනෙක් මෙයාල හැමෝගෙම ස්කෝලෙ වෙන්නෙ මෙට්‍රොපොලිස් පාසල.

DC-Super-Hero-Girls cover.jpg
ඉතින් මේ හැමෝම පාසලේදි වලියකට පැටලෙනවා.මේ වලියෙන් පස්සෙ හැමෝම එකිනෙකාව දැන අදුරගන්නවා.ඉතින් මෙයාලම එකතුවෙලා සුපිරි වීර කණ්ඩායමක් හදනවා.නපුරු අයට පාඩම් උගන්නන්න තමයි මෙයාල මේක හදන්නෙ උපසිරැසි ගැන    

මේක ලස්සන කාටුන් සිරිස් එකක්. පොඩි ලමයි වෙනුවෙන් හදල තියෙන. අපි හිතුවා මේකට සිංහල උපසිරැසි නැති නිසා උපසිරැසි හදල ඔයාලට දෙන්න.ඔයාල දන්නවනෙ ඉතින් අපේ ඇනිමේශන් කැටගරියෙ ඉන්න දර්ශන අයියව. දන්නැති අයත් ඇති මේ අයියා තමා දැනට ආපු ගොඩක් ඇනිමේශන් ෆිල්ම් වලට සිංහල උපසිරැසි හදන්නෙ.

ඉතින් දර්ශන අයියයි මමයි එකතුවෙලා ප්ලෑනක් ගැහුවා ආතල් එකේ මේකටත් සබ් දෙන්න. අපි හැම සතියෙම ඔයාලට මේකෙ සිංහල උපසිරැසි 10 ගානෙ දෙන්න හදන්නෙ.ඇනිමේශන්වලට ආස අයට නම් මේක ගොඩක් වටිනවා.

අන්තිමටම මං මතක් කරන්න ඕනෙ සෙට් එකක් ඉන්නවා.අපේ හැම වැඩකටම සහයවෙන සමිත රමේෂ් අයියා,දෙවෙනියට අපේ අංජුල උමේෂ් අයියා,තුනට අපේ අශේන් මදුරංග අයියා මේ තුන්දෙනාව මතක් කරන්නම ඕනෙ හැම දේකටම උදව් කරන සෙට් එකක් ඉන්න එක ලොකු හයියක්.

දර්ශන හෙට්ටිවත්තගෙන් ඌණ පූරණයක් :

හම්මෝ, ඔන්න සුපිරියටම සබ් ගහන, මාර වේගවත් පොඩි මල්ලී කෙනෙක් එක්ක (මල්ලි කිව්වට මට වෙන්නේ පුතා🤣🤣🤣) ඔන්න ලස්සන සබක් ගෙනාවා. මේක දෙන්නලොකුම හේතුව තමා Isirajanith සහෝගේ හැම කමෙන්ට් එකකම මේක ඉල්ලපු එක. ඒ වගේම මේක නෙට්ෆ්ලික්ස් එකක්! හෑ ඉතින් කොහොම අතාරින්නද? මේකේ ඔක්කොම එපි පනස්ගානක් තියෙයි. ඒත් තාම ඩවුන්ලෝඩ් දෙන්නේ 32යි. ඉතින් ඒ 32ම අපි සති තුනෙන් දෙනවා දේශාන් මල්ලී කිව්ව විදිහටම. 

මේක පොඩි ළමයිට කිව්වට ඉතින් ලොකු අයටත් මරු. මොකද ඉදිරියට එන ඩීසී ශෝවල බේස් එක තමා මේ. අනික ලස්සන විහිලු ටිකක් තියෙයි. මම මේක ටයිප් කරන්න ගන්නකොට දේශාන් මල්ලී ඉවර කරලත් ඉවරයි. අන්න එහෙම කොල්ලෙක් තමයි අලුත් සගයා. ඒ උනාට චානක ව අමතක කොරලා නෙවෙයි ඕං. එයත් අපේ එපි 5ක් විතර කරලා දෙන්නම් කිව්වා. සුපිරිම සුපිරි සහෝදරයෙක් තමයි චානක කියන්නේ.

මං හිතන් ඉන්නවා මගෙන් කට්ටිය බැන බැන ඉල්ලන ලොකු ඉල්ලුමක් තියෙන “ද එක්ස්පන්ස්” දේශාන් මල්ලි කැමතිනම් එයාට දෙන්න. මට සාලෙම් කරගන්නත් ඕනේ. බැට්මෑන්, ට්‍රාන්ස්ෆෝර්මර් , ඩොකියුමන්ට්‍රියක් එහෙම කරන් යන්නත් එපැයි. අනික අපේ අංජුල සහෝයි, සමිත සහෝයි මාව දැන් වීකෙන්ඩ් ස්පෙශල් එකට රෙජිස්ටර් කරන් ඉන්නේ. ඉතින් ඒවටත් වෙලාව ඕනේ. ඒකයි එහෙම හිතුවේ.

බලන්න සබ් කොහොමද කියලා. මට වෙනස්කම් කරත් කමක් නෑ, අලුත් පොඩ්ඩගේ හිත හැදෙන්නවත් කිලෝබයිට් 2ක් වැය කරලා කමෙන්ටුවක් ලියන්න. අපි සබ්වලට පොරයක් නැතුව ආතල් එකේ සබ් දුන්නා. ඒ වගේම දිගටම එහෙම සබ් දෙන්නයි හිතන් ඉන්නේ. මං පටන් ගත්ත සීරීස් ටිකයි, අලුත් ඒවයි ඔක්කොම ඉක්මනින් ඉවර කරන්න පුලුවන් මේ ක්‍රමේට ගියොත්. අනික අලුත් පොඩ්ඩව ඉක්මනට 50ට එක්කන් යන්නත් ඕනේ.

එහෙනම් ඉතින් හැමෝටම බුදු සරනයි! සදහම් සරණයි! සඟ සරණයි! දන්නවනේ කාටද විශේෂ ස්තූතිය කියලා? මගේ බිරිඳ ලක්ශ්මී, සදහම් පුතාට තමයි ඉතින් මුලින්ම. ඊලඟට සමිත, අංජුල ඇඩ්මින් බොස්ලාට. ඇයි අර බූට් කෑවේ නැතෙයි කියන චානක තිලංක සහෝට. ඌ නම් සහෝ නෙවෙයි, හෙවනැල්ල වගේ. ඒ තරම් සුපිරි පොරක්! අපිට හැමවෙලේම කමෙන්ට් ලියන හැම කෙනෙක්ටම ස්තූතියි. ඔයාලා තමයි අපේ හයිය. හශාන් සහෝට මං මේල් එකක් එව්වා. රිප්ලයි නම් නෑ තාම. 

එහෙනම් තව වීර කෙල්ලෝ 10ක් හා ඩයිනසෝර්ලා 8ක් හා හොල්මන් යන වර්ග තුනෙන්ම එකක් ගානේ අරන් එන්නම්කෝ ලබන සතියේ.එහෙනම් කොල්ලෝ ඕං අපි (මායි, දේශානුයි) ගියා 🤣🤣🤣🤣🤣. ඔයාලට ජයෙන් ජයම වේවා! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

17 comments

  1. Sub ekata thanks ..
    Puluwannam “The Big Bang Theory” series ekata sub eka denna.

    • G.W.Deshan Adithya

      අදහසට බොහොම ස්තූතියි සහෝදරයා අපි ඉස්සරහට ඒකත් දෙන්නම්කො 😊😊

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ආ දේශාන් පුතේ, ඕං සබ දාලා. ඉතිරි 5ත් පටන් ගන්නකෝ එහෙනම්
    🤣🤣🤩🤩🤩🤣🤣🤩🤩🤩🤣🤣

  3. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👊.. පුළුවන් නම් Harley Quinn (2019) – TV Series එකටත් සබ් කරන්න ඒකත් සුපිරි season 2යි episodes 26යි එක episode එකක් විනාඩි 20ක් 25ක් වගේ යන්නෙ 😊

  4. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    කෝ මේ isirajanith . ඕං දුන්නා 10ක්ම. ලබන සතියේ තව 10ක් දෙන්නම්

  5. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks subtitle ekata man genath thibba thx cineru teame ekatama mage illima itukarata thanks brothers oyalata ubau help karapu hemotamath thx gobariyak

  6. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Onna awa comment eka dala Tika welawak yano wetenna comment eka supiri thanks hemotama ow DC Harley Quinn ekath patta ekata wena site ekakin ep3 sub dila neweththuwa mokada danne neweththwe please thanks aniwa pissu wetuna Harley nisa

  7. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ස්තූති කරන්න අපේ දේශාන් මල්ලිට. කොල්ලා සුපිරි වැඩ්ඩෙක්. මට මාර හයියක් හොඳේ. ස්තූතියි දේශාන් පුතේ

    • Ishirajanith
      Top Fan ⭐⭐⭐

      Sirawatama kolla deshan supiri weddek wage Darshana aiye oyatath thanks supiri site eka

  8. චානක තිලංක
    Cineru Family Member

    මේකට සබ් දුන්න එකට බොහොම ස්තූතියි. පට්ටයි සහෝලා.

    • ☑️දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      හා හා ස්තූතියි. කෝ උපසිරැසි බොල

  9. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ස්තූතියි සහො 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login