The title of the page
Classroom of the Elite (2024) S03 E13 Sinhala Sub
Classroom of the Elite (2024) S03 E13 Sinhala Sub
7.4
94

Classroom of the Elite (2024) S03 E12 Sinhala Subtitles | “සහෝදරයෙකුගෙන් උපදෙසක්” | සිංහල උපසිරැසි සමඟ —

2024 වසරේ Winter Season හි වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ සීරීස් එකක් වුනු Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e හෙවත් 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 Season 3 සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙමින් මේ ඇනිමෙ එක Season 3 ට අදාළව කොටස 13 කින් සමන්විත වෙනවා. ඒ කතා මාලාවේ 12 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. ඒ අනුව අපි Classroom of the Elite Season 3 හි අවසානයට හුඟක්ම ළං වෙලයි ඉන්නෙ.

සෑම පන්තියක්ම තමන්ගේ ප්‍රතිවාදී පන්තියට එරෙහිව තෝරා දෙනු බලන විෂයන් හතකින් සමන්විත වසර අවසාන විශේෂ පරික්ෂණය හරිම උද්‍යෝගීමත් විදිහට පැවැත්වුනා. රියුඑන්ගේ නායකත්වය යටතේ D පන්තිය කරුයිසවාගේ නායකත්වය යටතේ පැවති B පන්තියට විරුද්ධව සටන් කරද්දි, අයනොකෝජිගේ නායකත්වයෙන් යුතු C පන්තිය සකයනගිගේ නායකත්වයෙන් යුතු වුනු A පන්තියට විරුද්ධව සටන් කළා. මේකෙදි වඩාත්ම උද්වේගකර වුනේ C පන්තිය සහ A පන්තිය අතර වුනු සටන. ඒ මොකද අයනොකෝජි සහ සකයනගි අතරත් සිද්ධ වෙන තරඟයක් තිබුනා. C සහ A පන්ති සාමාජිකයන් කරට කර තමන්ට ලැබෙන විෂයන් ඔස්සේ තරඟ කරනවා. ඒත් අවසානයේදි පැවැත්වුනු චෙස් තරඟයට පන්ති දෙකේම මහමොළකරුවන් දෙන්නාම තරඟ වැදුනු එක හරිම උද්වේගකර අවස්ථාවක් වුනා. චෙස් තරඟයෙන් අයනොකෝජි පරාජයට පත් වුනත් සැබවින්ම ඒ පරාජය පාසලේ අලුත් වැඩ බලන සභාපතිතුමාගේ මැදිහත් වීම නිසා සිද්ධ වුනා කියල අවසානයේදී එළිදරව් වෙනවා.

සැබෑ බුද්ධිමතා අයනොකෝජි කියොතකා බව ඔප්පු වුනත් පාසල් ශිෂ්‍යයින්ගේ පරික්ෂණ ප්‍රතිඵල වලට සභාපතිතුමා මැදිහත් වුනු එක කාටත් ලොකු ප්‍රශ්නයක්. පළමු වසර අවසානයෙදි මෙහෙම වුනා කියල කියන්නෙ ඉදිරි වසර වලදී මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒ නිසා අයනොකෝජි මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතුයි. ඒ වගේම හිටපු ශිෂ්‍ය සංගම් සභාපතිතුමා වගේම හොරිකිතා සුසුනේගේ අයියා වෙන හොරිකිතා මනාබු අධ්‍යයන කාලය නිමා කරල පාසල් හැර යාමත් සිද්ධ වෙනවා. මේ නායකයාගේ නික්ම යාම මොන විදිහට දකින්න ලැබේවිද? සුසුනේ සහ අයනොකෝජි ප්‍රමුඛ සකයනගි අලුත් වැඩ බලන සභාපතිතුමා සම්බන්ධයෙන් මොන විදිහේ සැලැස්මක් ක්‍රියාත්මක කරාවිද?

බලන්න එහෙනම් මේ 12 වෙනි කොටසින් මොකද වෙන්නෙ කියලා. නරඹන්න එහෙනම් මේ Highschool Psychology ය. ඒ වගේම අපි Classroom of the Elite Season 3 හි අවසානයට හුඟක් ළං වෙලයි ඉන්නේ. ඒ අනුව තව එක කොටසකින් මේ Season 3 නිමාවට පත් වෙනවා. මේ උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මීළඟට 13 වෙනි කොටස හෙවත් අවසාන කොටස තුළින් හමුවෙමු.

Episode Name : Change your desires rather than the order of the world.
Aired Date : 2024.03.20
IMDB Rating : 7.9

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login