The title of the page
Classroom of the Elite (2024) S03 E13 [END] Sinhala Subtitles
Classroom of the Elite (2024) S03 E13 [END] Sinhala Subtitles
7.4
94

Classroom of the Elite (2024) S03 E13 [END] Sinhala Subtitles | “ආදරය හොඳම ගුරුවරයාය” | සිංහල උපසිරැසි සමඟ

2024 වසරේ Winter Season හි වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ සීරීස් එකක් වුනු Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e හෙවත් 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 Season 3 සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙමින් මේ ඇනිමෙ එක Season 3 ට අදාළව කොටස 13 කින් සමන්විත වෙනවා. ඒ කතා මාලාවේ 13 වෙනි කොටස, එහෙමත් නැතිනම් අවසාන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. ඒ අනුව අපි Classroom of the Elite Season 3 හි අවසානයටයි අපි ඇවිත් ඉන්නේ. කතා සමයන් තුනක් තිස්සේ ගලාගෙන ආපු High School Manipulator කෙනෙක් ප්‍රධාන චරිතය වෙන මේ කතාවේ මේ වෙනකොට හුඟක් දේවල් සිද්ධ වෙලා අවසානයි.

මේ Season 3 හි සිද්ධ වුනු විශේෂ සිදුවීම් ගැන කෙටියෙන් මතක් කරනවා නම්, පසුගිය Season 2 හි අවසානය සමඟින් අයනොකෝජි කියොතකා ප්‍රමුඛ D පන්තිය C පන්තිය තෙක් ලකුණුවලින් ඉහළට ආ තැනින් කතාව මේ Season 3 එකට සම්බන්ධ වුනා. මිශ්‍ර පුහුණු කඳවුර නම් වුනු පරික්ෂණයෙන් අනතුරුව ශිෂ්‍ය සංගම් සභාපතිවරයෙක්ගේ නව පත්වීමක් දකින්න ලැබුනා. හොරිකිතා මනාබු වෙනුවට නගුමෝ මියාබි කියල ශිෂ්‍යයෙක් තමයි ඒ අලුත් සභාපතිතුමා වුනේ. ඊට පසුව A පන්තියේ නායිකා සකයනගි අරිසුගෙන් අයනොකෝජිට සහ B පන්ති නායිකා ඉචිනොසේ හොනමිට තර්ජන එල්ල වෙනවා. මේ නිසාම ඉචිනොසේගේ රහසකුත් දැනගන්න ලැබෙනවා. වසර අවසාන පරික්ෂණය අනුව C පන්තියේ කිසි කෙනෙක් නෙරපීමට සුදුසුකම් ලබලා නැති නිසා පන්තිවල සිසුන් නෙරපන්න තවත් අතිරේක විශේෂ පරික්ෂණයක් පවත්වනවා. ඒ වෙනුවෙන් පවත්වන පන්ති ඡන්දයෙන් පළමු වසරේ B පන්තියෙන් හැර අනිත් A,C,D කියන පන්ති තුනෙන්ම එක්කෙනා බැගින් පාසලෙන් නෙරපුනා. පස්සෙ අලුතෙන් ආපු වැඩ බලන පාසල් සභාපතිතුමාගේ සැලැස්මකට අනුව අයනොකෝජිව පාසලෙන් නෙරපීමේ අරමුණකින් මේ නෙරපීමේ පරික්ෂණය පැවත්වුවායි කියල අයනොකෝජි සහ A පන්තියේ බුද්ධිමත් නායිකාව වෙන සකයනගි සැකයෙන් පසු වෙනවා. ඉන් පසුව වසර අවසාන පරික්ෂණයත් පවත්වනවා. මේකෙන් පන්තියකට විරුද්ධව පන්තියක් විදිහට තමයි පරික්ෂණය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව C පන්තියට විරුද්ධව A පන්තිය මුහුණ මුහුණ ගැටෙනවා. අලුත් සභාපතිතුමාගේ ඇඟිලි ගැසීමක් නිසා මේ සටනින් පරාද වෙන අයනොකෝජි ප්‍රමුඛ C පන්තිය D පන්තිය තෙක් නැවත පසු බසිනවා.

ඒ වගේම මේ විදිහට පළමු වසර අවසාන වෙද්දි දෙවෙනි වසර වෙනුවෙන් අයනොකෝජි සහ අනිත් පන්ති නායකයන් අතර සටන නැවතත් ඇරඹෙන්න පටන් ගන්නවා. ඒ වගේම අයනොකෝජි කියොතකා ආදරය කියන දේ මොකක්ද කියල ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. උපන් දවසේ ඉඳලම කිසි හැඟීමකින් පදම් නොවුනු, වයිට් රූම් එකෙන් ලෝකයට විවෘත වුනු අයනොකෝජි ඒ වෙනුවෙන් අයනොකෝජි තියන පළමු පියවර මොකක්ද කියල මේ අවසාන කොටසින් දකින්න පුලුවන්. එහෙනම් නරඹන්න මේ අවසාන කොටස. මේ Season 3 සම්පූර්ණ වෙනකල් බලන් හිටපු අයට දැන් එකදිගට Classroom of the Elite Season 3 බලන්න පුලුවන්. ඒ වගේම Season 1 හා 2 නොබලපු කෙනෙක් නම් මුලින්ම ඒ සීසන් දෙකම පිළිවෙළට බලල එන්න අමතක කරන්න එපා. මේ ගැන ඔයාගෙ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. Season 4 නිකුත් වෙන කාල වකවානුවක් ගැන තොරතුරක් මේ උපසිරැසිය නිකුත් කරන මොහොත වෙද්දි නම් නිවේදනය කරලා නෑ. ඉතින් ඒක එන කාලෙක ඒකටත් සිංහල උපසිරැසි අරන් එන බලාපොරොත්තුවෙන් Classroom of the Elite වෙත තාවකාලිකව නැවතුම තියනවා. එතෙක් හැමෝටම Happy Anime!✌️

Episode Name : Love is the best teacher.
Aired Date : 2024.03.27
IMDB Rating : 8.9

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

6 comments

  1. Pasindu Methsara

    digtm mewage sub denna puluwan wenna kiyala wish krnw
    Good luck guys.

  2. Thanks bro. Dr stone , Vinland saga ekatath sub dennako

  3. Thank u. Cowboy bebop anime series ekatath sub denna balanna

  4. thank you , me wage thawath manipulation series walata sub one 😊

  5. udantha de silva
    Cineru_users

    Keep up the good work team. Thank You so much for your efforts.

  6. Thanks bro …… me wage Monster , Code Geass wage anime walatath sub oneeeee 😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login