The title of the page
Classroom of the Elite (2024) S03 E11 Sinhala Subtitles
Classroom of the Elite (2024) S03 E11 Sinhala Subtitles
7.4
94

Classroom of the Elite (2024) S03 E11 Sinhala Subtitles | “බුද්ධිමතුන්ගේ සටන” | සිංහල උපසිරැසි සමඟ —

Classroom of the Elite S03 E11 (2024)

2024 වසරේ Winter Season හි වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ සීරීස් එකක් වුනු Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e හෙවත් 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 Season 3 සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙමින් මේ ඇනිමෙ එක Season 3 ට අදාළව කොටස 13 කින් සමන්විත වෙනවා. ඒ කතා මාලාවේ 11 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

අතිරේක විශේෂ පරික්ෂණය අනුව තමන්ගෙ පන්තියෙන් යමඋචි හරුකිව නෙරපීම නිසා පන්තියේ නායකයා වුනු හිරාටා යෝසුකේ, පන්තියේ අනිත් හැමෝමත් එක්ක තරහින් ඉන්නවා. කාත් එක්කවත් කතා නොකර කාගෙවත් මූණක් නොබල ඉන්න හිරාටාගේ ඇත්ත ප්‍රශ්නය මොකක්ද කියල අයනොකෝජි තේරුම් ගන්නවා. ඒ අනුව හිරාටාගේ හිතේ තියෙන දේ හිරාටාගේ කටින්ම එළියට අරන් අයනොකෝජි හිරාටාට යථාර්ථය පැහැදිලි කරල දෙනවා. ඒ විදිහට හිරාටාත් වසර අවසාන විශේෂ පරික්ෂණයට මුහුණ දීමේ මානසිකත්වයෙන් යුතුව හොරිකිතා ප්‍රමුඛ අයනොකෝජිගේ නායකත්වයෙන් මේ පරික්ෂණයට අවතීර්ණ වෙනවා.

ප්‍රතිවාදී පන්තිය තෝරා දෙනු ලබන විෂයන් හතකට මුහුණ දීමට සිද්ධ වෙන මේ විශේෂ පරික්ෂණය ඇත්තෙන්ම විශේෂ පරික්ෂණයක්. ඇත්තෙන්ම කිව්වොත් මේක බුද්ධිමතුන්ගේ සටනක්. C පන්තියේ අයනොකෝජිට එරෙහිව A පන්තියේ සකයනගි… විශේෂ පරික්ෂණයෙන් ජය ගන්නේ කවුද? මේ බුද්ධිමතුන්ගේ සටනින් ජය ගන්නේ කවුද? මේක මේ සීසන් එකේ මෙතෙක් ආපු කොටස්වලින් උද්වේගකරම කොටසක් කිව්වොත් නිවැරදියි. බලන්න එහෙනම් මේ 11 වෙනි කොටසින් මොකද වෙන්නෙ කියලා. නරඹන්න එහෙනම් මේ Highschool Psychology ය. ඒ වගේම අපි Classroom of the Elite Season 3 හි අවසානයට හුඟක් ළං වෙලයි ඉන්නේ. ඒ අනුව තව කොටස් දෙකකින් මේ Season 3 නිමාවට පත් වෙනවා. මේ උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මීළඟට 12 වෙනි කොටස් තුළින් හමුවෙමු.

Episode Name : There is only one rule in love: bring happiness to those you love.
Aired Date : 2024.03.13
IMDB Rating : 8.9

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

One comment

  1. thank you 😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login