The title of the page
Classroom of the Elite (2024) S03 E09 Sinhala Subtitles
Classroom of the Elite (2024) S03 E09 Sinhala Subtitles
7.4
94

Classroom of the Elite (2024) S03 E10 Sinhala Subtitles | “වරදින් මුදවා ගැනීම” | සිංහල උපසිරැසි සමඟ —

Classroom of the Elite S03 E10 (2024)
“වරදින් මුදවා ගැනීම”

2024 වසරේ Winter Season හි වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ සීරීස් එකක් වුනු Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e හෙවත් 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 Season 3 සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙමින් මේ ඇනිමෙ එක Season 3 ට අදාළව කොටස 13 කින් සමන්විත වෙනවා. ඒ කතා මාලාවේ 10 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

පන්ති අතර සිද්ධ වුනු නෙරපීම් වලින් පස්සෙ ඒ නෙරපීම් වල උණුසුම යන්නත් කලින් ආයෙත් වතාවක් විශේෂ පරික්ෂණයක් නිවේදනය කරනවා. ඒ තමයි වසර අවසාන විශේෂ පරික්ෂණය. හැම පන්තියකම නායකයා තෝරා ගනු ලබන තවත් පන්තියක් එක්ක මුහුණ දෙන්න සිද්ධ වෙන මේ පරික්ෂණය හොඳ උද්වේගකර එකක් බව පෙනී යනවා. මොකද සෑම පන්තියක්ම විෂයන් හතක් සමත් විය යුතු මේ පරික්ෂණයේ, විෂයන් අනිත් පන්තියට දෙනේ ඒ පන්තියට විරුද්ධව තරඟ වදින පන්තිය වීම විශේෂත්වයක්. ඒ නිසා මේක තරම් අමාරු පරික්ෂණයක් වෙනවා.

මේ මොන පරික්ෂණය තිබුනත් C පන්තියේ කැපී පේන චරිතයක් වෙන හිරාටා යෝසුකේ නම් ඉන්නෙ හැමෝම එක්ක තරහින්. ඒ මොකද හැමෝම එකතු වෙලා යමඋචි හරුකිව නෙරපීම නිසා වගේම ඒක වළක්වා ගන්න තමන්ට මොකුත්ම කරගන්න බැරි වුනු නිසා හිරාටා පන්තියේ කා එක්කවත් කතා කරන්නවත් කැමති නෑ. හිරාටා මේ මුහුණ දෙන්නේ මේ වගේම වුනු දෙවෙනි සිදුවීමට. ඒ කියන්නෙ හිරාටාට කලිනුත් මේ වගේ දෙයක් වෙලා තියෙනවා. ඒ සිද්ධිය මොකක්ද? ඒකත් එක්ක මේක හසුරුවාගන්න හිරාටාට පුලුවන් වේවිද? ඉදිරි විශේෂ පරික්ෂණයට හිරාටා දායක වෙන්නෙ කොහොමද? හොරිකිතා ප්‍රමුඛ අයනොකෝජි මේ ප්‍රශ්න විසඳන්නෙ කොහොමද? බලන්න එහෙනම් මේ 10 වෙනි කොටසින් මොකද වෙන්නෙ කියලා. නරඹන්න එහෙනම් මේ Highschool Psychology ය. උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මීළඟට 11 වෙනි කොටස් තුළින් හමුවෙමු.

Episode Name : The first couse of Absurd conclusion I ascribe to the want of Method.
Aired Date : 2024.03.06
IMDB Rating : 8.3

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

One comment

  1. me classroom-of-the-elite-2024-s03-e10 eka na ne.10 eka thiyanna 09

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login