The title of the page
Suvarna Sundari Sinhala Subtitle
Suvarna Sundari Sinhala Subtitle
7.7
83

Suvarna Sundari (2023) Sinhala Subtitles | “මාරයාගේ වෙස් ගත් සුවර්ණ සුන්දරී පිළිමය” | සිංහල උපසිරැසි සමඟ

(Suvarna Sundari (2023) Sinhala Subtitles) (Suvarna Sundari (2023) Sinhala Subtitle) (Suvarna Sundari (2023) Sinhala Sub) (Suvarna Sundari Sinhala Subtitle) (Suvarna Sundari Sinhala Sub) (Suvarna Sundari (2018) Sinhala Subtitle) (Suvarna Sundari 2023 Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න අදත් තවත් තෙළිඟු සිනමා සිත්තමක සිංහල උපසිරැසි අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා..අද අරගෙන ඇවිත් තියෙන්නේ Suvarna Sundari (2023) චිත්‍රපටය..ඉතින් මේක මුලින් 2018 වර්ෂයේ තමයි නිකුත් වෙන්න නියමිත වෙලා තිබ්බේ..නමුත් යම් යම් හේතු නිසා ඒ අවුරුද්දෙදි ෆිල්ම් එක රිලීස් වෙලානම් නෑ..ඔයාලා ගූගල් සර්ච් කරලා බැලුවත් ඔයාලට මේක 2018 අවුරුද්දට නියමිත ෆිල්ම් එකක් විදියට දැකගන්න පුලුවන්..ඉතින් කොහොමෙන් කොහොම හරි අන්තිමට මේක 2023 පෙබරවාරි 03 වෙනිදා සිනමාශාලා වලට නිකුත් වෙනවා..

Suvarna Sundari (2023)

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Surendra Madaarapu විසින්.. ඒ වගේම මේක අයිති වෙන්නේ Drama/Fantasy/Thriller කාණ්ඩයන් වලට..ඒ වගේම රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 7.7/10 අගයකුත් ගූගල් පරිශීලක මනාප 83% කුත් ලබා ගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..චිත්‍රපටයේ කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් Sakshi Chaudhary, Shamna Kasim සහ Jaya Prada ප්‍රධාන චරිත රඟ දක්වන අතරම Sai Kumar, Avinash, Satya Prakash, Ram Maddukuri, Satya Prakash වගේ නලු නිළියන් රැසක් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා..

Suvarna Sundari Movie Pre- Release Function Photos

අපි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඉතින් මේ කතාව පටන් ගන්නේ නපුරු බලවේගයක් අරක්ගෙන ඉන්න එක්තරා පිළිමයකින්..මේ පිළිමයට වර්තමානයේ නම් ලැබිලා තියෙන්නේ සුවර්ණ සුන්දරී පිළිමය කියලා..ඉතින් මේ පිළිමය ගොඩක් වාසනාවන්ත සලකුණක් කියලා හිතන ගොඩක් අය මේක කෝටි ගාණකට අලෙවි කරන්න උත්සාහ කරනවා..ඒත් ඒ කවුරුත් දන්නෑ මේ පිළිමයේ ඉතිහාස කතාව…ඉතින් මේක වටින පිළිමයක් නිසා එක එක කල්ලි කීපයක්ම මේක ලබාගන්න උත්සාහ කරනවා..එහෙම උත්සාහයක යෙදිලා මේක ලබාගෙන විකුණන්න යන අතර මගදි ඒ කණ්ඩායම අනතුරකට පත්වෙනවා..මේ අතරේ අනතුර සිද්ධ වුණ තැනින් බැංගලූර් වල බිස්නස් මීටින් එකට යමින් ඉදපු අංජලීගේ අතට මේ සුවර්ණ සුන්දරී පිළිමය පත්වෙනවා..ඉතින් මේ පිළිමෙත් බෑග් ⁣එකේ දාගෙන මීටින් එක තියන තැනට යන්න ලිෆ්ට් එකට නැගපු අංජලී, එයාගේ හස්බන්ඩ් රාම් ඇතුලුව ලිෆ්ට් එකේ හිටපු හැමෝමත් එක්කම ලිෆ්ට් එක අතර මැදදි හිර වෙනවා..ඉතින් ඔය වෙලාවේ හැමෝම බය ගන්වමින් එක එක අමුතු දේවල් සිද්ධ වේවි තියන අතරෙම ඒ ලිෆ්ට් එකේ ඉන්න එක එක්කෙනා එක එක විදියට මැරෙන්න පටන් ගන්නවා..ඉතින්,

  • ඒ ලිෆ්ට් එකේ හිටපු අය මැරෙන්නේ මොකක් නිසාද?
  • කවුද එයාලව මරන්නේ?
  • මේ දේවල් වලට මේ පිළිමේ තියන සම්බන්ධෙ මොකද්ද?
  • ඇත්තටම අංජලී කියන්නේ කවුද?
  • මේ හැම දේකම ආරම්භය වුණේ අංජලී නිසාද?

කියන ප්‍රශ්න තොගේකටම උත්තර දැනගන්නම් ඔයාලට මේ ෆිල්ම් එක අවසන් වෙනකන්ම නරඹන් වෙනවා..

Suvarna Sundari (2023)

එහෙනම් ඉතින් හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාධනා කරමින් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..එ වගේම පහළින් ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..එහෙනම් හැමෝටම,

බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

2 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Milinda Sandaruwan

    සබට බොහොම ස්තුතියි සහෝ ❤❤❤

    Bhoothaddam Bhaskar Narayana (2024) Telugu මේ ෆිලුමටත් ඉක්මනින්ම සබ් එක දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login