The title of the page
Bad Genius sinhala sub
Bad Genius sinhala sub
8.2

Bad Genius (2020) E10 Sinhala Subtitles |බෑන් ගෙ ප්ලෑන්| සිංහල උපසිරැසි සමඟ

Bad Genius නවවෙනි කතාංගය බැලුව නම්, හතර දෙනාගෙ අලුත් බලාපොරොත්තුව මොකක්ද කියල දැන් ඔයාලා දන්නවනේ. ඇත්තටම කියනව නම් ඒක බෑන් ‍ගෙ බලාපොරොත්තුවක්. ඒ වගේම ලින්ටත් අලුත් බලාපොරොත්තුවක් ලැබුණා, රට ගිහින් ඉගෙන ගන්න එකට.

STIC විභාගෙ කරපු මගඩිය අහුවෙන්න ඔන්න මෙන්න ලිහින් ලින් නූලෙන් බේරෙන්නෙ. අතටම අහු වුණ බෑන් අයෙත් තායිලන්තයට ආවත්, එයාගෙ ඉස්කෝලෙ ගමනත් නවතිනවා. හැබැයි එකඟ වුණ විදියටම බෑන්ට සල්ලි ටික නම් ලැබෙනවා. ඒත් ලින් ඉන්නෙ හරිම කලකිරීමෙන්. කොහොම උනත් ලින් ට ඕස්ට්‍රේලියාවෙ ගිහින් අම්ම ලඟ ඉඳන් ඉගෙන ගන්න නම් චාන්ස් එක ලැබෙනවා.

මේ අතරෙ තාත්තා එක්ක රණ්ඩු කරන පැට් ගෙදරින් එන්නෙ තාත්තගෙ තඹ සතයක්වත් ගන්නෙ නැතුව. තාත්තගෙ සල්ලි නැතුවට මොකද, ඩීල් එකෙන් ලැබුණ සල්ලි තිබුණනෙ. ටික කාලයක් නිශ්ශබ්දව ඉන්න බෑන්, ලින්ට කතා කරනවා. ඒ වගේම ග්‍රේස්ටත්. දැන් බෑන් ටිකක් දියුණු වෙලා. අතට ලැබුණු සල්ලි වලින් එයාගෙ කඩේ හොඳට හදාගන්නවා. ලින් බෑන්ව හමුවෙන්න ඇවිත් බලනකොට හිතුවෙවත් නැති විදියට එතන ඉන්නෙ පැට් සහ ග්‍රේස්. අන්තිමේදි බෑන් ලින්ගෙන් අවසාන වතාවට උදව්වක් ඉල්ලනවා. අකමැත්තෙන් උනත් ඒකට කැමති වෙන ලින්, ඕස්ට්‍රේලියා යන ගමනත් ටිකක් පස්සට දානවා. එහෙනම් මෙන්න බලන්නකො… අලුත් බලාපොරොත්තුව හැබෑ කරගන්න ගහන ප්ලෑන් එක මොකක්ද කියලා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

7 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👊

  2. ep 10 download karaganna bane tvseriesandmovie site eken. permission illanawa. plz check

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  4. කො sub ගොඩක් පරක්කුයි නේ.sub දෙන්නෙ නැද්ද

  5. Sub dennne nadda? Godak parakkuine

  6. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login