The title of the page
Bad Genius (2020) E11-12 Sinhala Sub
Bad Genius (2020) E11-12 Sinhala Sub
8.2

Bad Genius (2020) E11-12 Sinhala Subtitles |සිස්ටම් එක වෙනස් කරමු| සිංහල උපසිරැසි සමඟ

(Bad Genius (2020) E11-12 Sinhala Sub)ආයුබෝවන්. ඔන්න මම අරන් ආවා Bad Genius කතා මාලාවෙ අවසාන කොටස් දෙක. ජීනියස් කිව්වම හැමෝම දන්නව මේ කතා කරන්නෙ දක්ෂයො ටිකක් ගැන කියලා. මෙයාලා ඉගෙනීමට විතරක්ම දක්ෂයො නෙවෙයි. තව පොඩි පොඩි සූත්තර වලටත් දක්ෂයි. ඒ නිසා ටිකක් බෑඩ්. ඉතින් කතා මාලාව බලපු අය දන්නව මෙයාලා කොච්චර දුරට බෑඩ් වැඩ ද කළේ කියලා. ලින්, ග්‍රේස්, පැට්, බෑන් කියන හතර දෙනා විභාග වල දාන සූත්තර තමයි මේ කතා මාලාව පුරාම තියෙන්නෙ. දහවෙනි කොටසින් නැවතුණු අයට මම එදා වුණ දේත් ටිකක් මතක් කරල දෙන්නම්කො…

තායිලන්තයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍රය තමයි මෙයාලා උස්සන්න යන්නෙ. නිපෝන් ආරක්ෂක මුද්‍රණාලයට රිංගල පේපර් එකේ ෆොටෝ ගහල එලියට එවල, උත්තර ටික ළමයින්ගෙ ID වල මුද්‍රණය කරල බෙදන්න තමයි මෙයාලගෙ සූදානම. ප්ලෑන් එකේ මහමොළකරු තමයි බෑන්. එදා අවසානෙට බෑන්ගෙ ප්ලෑන් එක පොඩ්ඩක් ට්‍රැක් එකෙන් පනිනවා. එතනින් පටන් ගන්නෙ මහ 

ලටපට ගොඩක්.

ඇත්තටම වංචා කරන එක ගොඩක් නරක දෙයක්. විභාගයකදි එක උත්තරයක් හොරාට දුන්න උනත් ඒක වංචාවක්. ඒ වගේ පොඩි දෙයක් දුරදිග ගියොත් කොච්චර නරකද කියලා ඔයාලට මේ කතාව බලල ඉවර උනාම තේරේවි. ඒ නිසා මේක කතාවක් උනත් ඔන්න ලින්ගෙ අන්තිම බලාපොරොත්තුව ඉෂ්ට කරන්න අපිටත් එකතු වෙන්න පුළුවන්. බලන්න‍කො මොකක්ද ඒ බලාපොරොත්තුව කියලා.

අවසාන වශයෙන් මම මතක් කරන්න ඕන සිනේරූ කණ්ඩායමට මාව අඳුන්වලා දීපු මගේ යාළුවා චතුර. ඒ වගේම මට සිනෙරූ වෙබ් අඩවියට උපසිරැසි එකතු කරන්න අවස්ථාව ලබා දීපු සිනෙරූ කණ්ඩායමටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම පළවෙනි උපසිරැසියෙ ඉඳන්ම කමෙන්ට් එකකින් සහය දීපු හැමෝටමත් ගොඩක් ස්තූතියි. හා හා පුරා කියලා සිනෙරූ හරහා ඔයාලට අරන් ආපු මගේ පළවෙනි කතා මාලාව මෙතනින් අවසාන වෙනවා. Bad Genius දෙවනි අදියරක් ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අනාගතේ කොහොම වෙයිද දන්නෙ නෑනෙ. අපි බලන් ඉමු. එහෙනම් හැමෝටම සුබ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

12 comments

  1. ගොඩක් ස්තුති

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම බොහොම ස්තුතියි සබ් එක කරාට ඉවර වෙනකම්ම…තවත් එකක් කරන්න දෛර්‍ය ලැබේවා…

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් දුන්නට මේ කතාවට 😊👊👊.. season 2 ආවොත් ඒකටත් ඉතිං මේ වගේම සබ් දෙන්න 😊😊
    එතකන් තමන්ගෙ වැඩත් කරගෙන පුළුවන් විදිහට තව tv series එකකට හරි film එකකට හරි සබ් කරන්න 👊👊
    ජය වේවා.!

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      නියමයි. සීසන් එකක්ම සම්පූර්ණ කරන එක මාර අමාරුයි සහෝ. ඉතින් තව අලුත් එකක් අරන් එන්න. ජපන් හෝ ඉංග්‍රීසි නම් නියමයි. සුභ පැතුම්. අපේ සිනෙරූ පවුලේ දිගටම ඉන්න

    • Thank you Hashan❤️🙏

  4. G.W.Deshan Adithya

    නියමයි රුවිනි අක්කියො 👍👍
    දිගටම සබ් දෙන්න සුබ පතනවා 🥰🥰🥰

  5. Rarity eke download denne na nee help

  6. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login