The title of the page
Thadaiyara Thaakka 2012 Sinhala Sub
Thadaiyara Thaakka 2012 Sinhala Sub
7.3
93

Thadaiyara Thaakka (2012) Sinhala Subtitles | සියලු බාදක බිද දමා ඉදිරියට | සිංහල උපසිරැසි සමඟ

(Thadaiyara Thaakka (2012) Sinhala Sub) සුභ දවසක් වේවා හැමෝටම ඉතිං කාලෙකට පස්සේ ඔන්න අදත් මම ආවා තවත් සුපිරිම දමිල චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ඒ වගේම අද මට ටිකක් විශේශ දවසක් ටිකක් නෙමේ ගොඩක් , ඒ මොකද සිංහල උපසිරැසි හදන්න පටන් අරං දැන් අවුරුද්දකට වැඩී ගොඩක් වැඩ රාජ කාරි අස්සේ මේ වගේ වැඩක් කරන්නේ මාරම ආසාවෙන් ඉතිං එහෙම උපසිරැසි කරනයට සිනෙරූ වෙබ් අඩවියත් සමග එකතු උනා. අද වෙනකොට සිංහල උපසිරැසි 49 ක් මම විසින් ඔයාලට ලබා දීල තියෙනවා. ඉතිං මේ දැන් දෙන්න යන චිතත්‍රපටයේ උපසිරැසියත් එක්ක මගෙ උපසිරැසි 50 සම්පූර්න වෙනවා. හිතාගන්නත් බෑ අර්ධ ශතකයක් ගහල , මාරම සතුටක් හිතට දැනෙන්නේ. මීට අවුරුද්දකට කලිං කොහේදෝ ඩීවීඩී එකකින් ෆිල්ම් එකක් බල බලා හිටපු මම අද ගොඩක් අය දන්න උපසිරැසි කරුවෙක් වෙලා. ඒකට විශේශයෙන්ම ස්තූති කරන්න ඕනා අපේ වෙබ් අඩවියේ සමිත රමේෂ් සොයුරාව ඔහු නැත්තන් අද මම මෙතන නෑ.ඔහුටත් අපේ වෙබ් අඩවියේ එදා ඉදලා මාත් එක්ක හිටපු හැමෝටමත් ගොඩක් ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනා..

ඉතිං පැවතී ගිය සහ තාමත් පැවතෙන මේ කොරෝනා වසංගතය නිසා මට 50 වෙනි උපසිරැසිය සදහා අලුත් චිත්‍රපටයක් තිබුනේ නෑ. ඉතිං ඔහොම ඉන්නකොට අපේ GMWW නැතිනම් “අපි බැලූ චිත්‍රපට “ සමූහයේ “සසිත් සුදර්ශන” සහෝදරයා පල කරපු ලිපියක කමෙන්ට් එකක් අස්සේ මගේ නම මෙන්ශන් උනා ඇයි කියලා ගිහිල්ලා බැලුවාම චිත්‍රපටියට සිංහල උපසිරැසි ඉල්ලලා , මාටත් කරන්න එකක් නැති එකේ මේක කරමු කියලා හිතුවා මොකද මම ආසම නලුවෙක් වෙන අරුන් විජේ තමා මෙහි ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වෙන්නේ.

පණ්ඩිතයා වගේ කරමු කියලා ගියා ඉන්ග්ලිශ් සබ් එකක් හොයන්න මගෙම වාසනාවද්ග , කරුමෙද කියලා දන්නේ නෑ මේකට ඉන්ග්ලිශ් සබ් එකක් තිබ්බේ නෑ. ඉතිං මීට පෙර දනුශ් රංගනයෙන් දායක උන “පට්ටාස්” චිත්‍රපටයට අසා ලීවීමක් කරපු එකේ මේකටත් කරමු කියලා හිතුවා . තවත් විශේශ දෙයක් මෙහෙම චිත්‍රපටයක් අසා ලියන්න තරම් මාව දිරිගැන්නුව එක් කෙනෙක් ඉන්නවා ඒ අපේ වෙබ් අඩවියේ ” පීටර් බාත්ලට් අයියා” ඇත්තටම එයා නැත්තන් චිත්‍රපටියක් අසා ලියනව කියන එක මට හිතන්නවත් බැරි දෙයක් . කොහොමින් කොහොම හරි චිත්‍රපටය සදහ උපසිරැසිය ලස්සනට ඉවර කරන්න පුලුවන් උනා……….

2012 වසරේ නිකුත් උන Thadaiyara Thaakka නම් දමිල චිත්‍රපටයටයි අද මම සිංහල උපසිරැසි අරගෙන එන්නේ. IMDb අගය 7.3/10 වැනි ඉහල අගයක් ලබා ගන්න සමත් උන මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස Arun Vijay රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Mamtha Mohandas රංගනයෙන් දායක වෙනවා, ඒ ඇතුලු තවත් සෙසු රංගන ශිල්පී ශිල්පිනියන් රැසකින් හැඩ වැඩ වී ඇති මෙම චිත්‍රපටය අනිවාරෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියක් කියලා මම නිර්දේශ කරනවා…

චිත්‍රපටය ගැන තව විස්තර ටිකක් අපි අපේ GMWW නැතිනම් “අපි බැලූ චිත්‍රපට ” සමූහයේ “සසිත් සුදර්ශන ” සහෝදරයගෙන්ම දැනගමු……

Thadaiyara Thaakka 2012
★★★★★★★☆☆☆
Director – Magizh Thirumeni

මෙම චිත්‍රපටය දමිළ සිනමාව තුල නිර්මාණය වුන සුපිරිතම Action Thriller චිත්‍රපටයක් ලෙසින් හදුන්වන්නට පුලුවන්. මෙහි ප්‍රධාන චරිතය තුල රංගනයේ යෙදෙන්නෙ දමිළ නළු Arun Vijay විසිනුයි. ඒ වගේම මේ චිත්‍රපටය තුල සහය චරිත වලින් Mamta Mohandas, Rakul Preet Singh, Aadukalam Murugadoss, Kaali Venkat, Aruldoss යන රංගන ශිල්පීන් රංගනයේ යෙදෙන අපිට දැකගන්නට පුලුවන්. ඒ වගේම තමයි මෙහි Arun Vijay කරපු ප්‍රධාන චරිතය ගත්තොත් ඒක එක වෙලාවකට හරිම ගුප්ත ක්‍රියාදාම චරිතයක් විදියට දකින්න පුලුවන්😮. ඇත්තටම ඒ චරිතය තුල ඔහු සුපිරියටම රංගනයෙ යෙදෙනව, ඔහුට ලැබී තිබුන ක්‍රියාදාම කොටස් ඔහු සුපිරියටම කරල තිබෙනව අපිට දැකගන්නට පුලුවන්. ඒ වගේම තමයි ඔහු මේ චිත්‍රපටය සඳහාම කැපවීමෙන් යුතුව විවිධාකාරයේ කාය වර්ධන ක්‍රියාකාරකම් වල නියැලෙමින් Six Packs වෙනමම හදාගෙන තිබුන කියලත් එකල ඔහු මාධ්‍ය සාකච්ඡා තුල ප්‍රකාශ කරල තිබෙනව.😂 ඉතින් ඇත්තටම මේ චිත්‍රපටය තුල ඔහු කැපවීමෙන් යුතුව කරපු චරිතය ඔහුට දමිළ සිනමාව තුල හොඳ සිනමා ගමනක් යාමට තදින්ම බලපාල තිබෙන බවට කිවයුතුමයි. ඒ වගේම මලයාලම් සිනමාවේ දක්ශ නිලියක් වන Mamta Mohandas මේ චිත්‍රපටය තුල පෙම්වතියගෙ චරිතය තුලින් අපිට දැකගන්නට පුලුවන්. ඇය ආදරණීය හුරු බුහුටි චරිතයක් තුලින් චිත්‍රපටය තුල ප්‍රේමනීය පසුබිමක් නිර්මාණය කරනව. ඒ වගේම Rakul Preet Singh අපිට මේ චිත්‍රපටය තුල දුක්ඛිත චරිතයක් තුලින් දැකගන්නට පුලුවන් ඇත්තටම ඇය රංගනයෙ යෙදෙන පළමු දමිළ චිත්‍රපටය ලෙසින් මෙය සඳහන් කරන්නට පුලුවන්. ඒ වගේම Aadukalam Murugadoss සහ Kaali Venkat ඇතුලු තිදෙනෙක් ඉන්නව ප්‍රධාන චරිතයේ මිත්‍රත්වය සංකේතවත් කරන චරිත ලෙසින්.😂 ඔවුන් තිදෙනා තමයි චිත්‍රපටය මුල සිට ප්‍රෙක්ෂකයාට විහිළු සපයන්නෙ හැබැයි අන්තිමට ඔවුන්ගෙ චරිතත් දුක්ඛිත තත්වයට ඇදවැටෙනව. කොහොමහරි Arun Vijay විසින් Mamta Mohandas ට දෙන සමනල යට අදුම් සප්‍රයිස් එකත් පට්ට ආතල් එකක් විදියට දැනුන.😂 ඉතින් ඔන්න ඔය විදියට චිත්‍රපටය තුල කැපීපෙනුන චරිත ගැන පොඩි විස්තරයක් කරන්න පුලුවන්. ඒ වගේම චිත්‍රපටය තුල සංගීතය නිර්මාණය කරල තිබෙන්නෙ S. Thaman සංගීත වේදියා විසිනුයි. ඉතින් ඒ වගේම කියන්න ඕන අධ්‍යක්ෂක Magizh Thirumeni කියන්නෙ සුපිරිම වැඩකාරයෙක් කියන එක. ඔහුගෙ මේ චිත්‍රපටය වගේම ඉන්පසුව නිර්මාණය වුන Meaghamann, Thadam වගේ නිර්මාණ හොඳ සාර්ථක නිර්මාණයන් බවට පත්වුනා. ඔහුගෙ ඒ නිර්මාණ රසවිඳපු ඔබට මතක ඇති Thadam චිත්‍රපටය තුලත් Arun Vijay යොදාගෙන ඔහු කරපු වික්‍රමය.👌🔥 ඉතින් මුලින්ම මේ චිත්‍රපටය නිර්මාණය කරන්න කලින් Magizh Thirumeni ඉඳල තියෙනව Gautham Vasudev Menon සමගින් Vettaiyaadu Vilaiyaadu චිත්‍රපටය නිර්මාණය කරනයේ. එහිදි ඔහු GVM එක්කත් මේ චිත්‍රපටය ගැන සාකච්ඡා කරල තිබෙනව. ඉතින් ඔහුට මේ වගේ Action චිත්‍රපටයක් කිරීම සඳහා එම චිත්‍රපටය තුල සහයෙකයෙකු ලෙසින් GVM ගෙන් ලබාගත්තු දැනුමත් වටින්නට ඇති. කොහොමහරි වසර හතක කාලයක් ඔහු මේ චිත්‍රපටය නිර්මාණය කරන්න කලින් මෙහි චරිත සහ කතාව නැවත නැවත ගොඩනගමින් ඉදල තිබෙනව.

ඉතින් මෙහි ස්ටෝරිය ගැන කෙටියෙන් කිව්වොත් පොඩි ට්‍රැවල් ඒජන්සියක් පවත්වාගෙන යන තනියම දියුණු වුන පොරක් ඉන්නව Selva (Arun Vijay) කියල. ඉතින ඔහු තමයි මෙහි ප්‍රධාන චරිතය. චිත්‍රපටය ආරම්භයේම මගුල් යෝජනාවක් සමගින් ඔහුගෙ ජීවිතය ගැන හොඳ විස්තරයක් අපිට දැනගන්නට පුලුවන්කම ලැබෙනව. ඉතින් මේ Selva අවංකව රැකියාව කරන හොඳ චරිතය ලෙසින් අපිට චිත්‍රපටය ආරම්භයේ දැකගන්නට පුලුවන්. ඒ වගේම ඔහුගෙ පෙම්වතිය ලෙසින් Priya (Mamta Mohandas) චිත්‍රපටය තුල හොඳ ප්‍රේම ජවනිකාවක් ආරම්භයේ සිට නිරතවනව. ඉතින් ඔහොම කතාව යද්දි Selva ගෙ Taxi ය තුල යන මිතුරියකගෙ ස්වාමිපුරුෂයාව ණය ලබාගෙන නොගෙව සිටීම නිසා නගරය තුල සිටින ලොකු මැරයෙක් ඔහුව පැහැරගැනීමකට ලක්කරනව. ඉතින් මේ ප්‍රශ්නයට කෙලින්ම මැදිහත් වන Selva ඇය සමගින් මිතුරෙකුගෙ මාර්ගයෙන් අර නගරය රන් කරන මැරයගෙ ගෝලයෙක් හම්බවෙන්න යනව. ඉතින් ඔන්න ඔතන ඉදන් තමයි චිත්‍රපටයෙ කතාව ඉදිරියට ගෙනයන්නට සිදුවීම් නිර්මාණය වෙන්නට පටන්ගන්නෙ. ඉතින් මේක ඔබට තනිකරම කුතුහලයෙන් යුතුව නරඹන්නට පුලුවන් විදියේ ස්ටොරියක් බවට පත්වෙනව. කවුද ගැහුවෙ මොකටද ගැහුවෙ කියල පැටලුම් සහගත ප්‍රශ්නයක් චිත්‍රපටය තුල නිර්මාණය කරනව.😂👌 අහක යන වරදකට පැටලෙන ජීවිතයක් අන්තිමට මේ සියලු පැටලුම් ලිහාගෙන නියම සුද්ද කිරීමක් කරනව අපිට දැකගන්නට පුලුවන් වෙනව.👌🔥 හැබැයි අන්තිම සිදුවීම් ටිකෙන් පොඩි දුකකුත් දැනෙනව. කොහොමහරි ඉතින් වැරදිකරුවන්ට හිමි නියම දඩුවම හිමි වෙනව! ඇත්තටම මෙකට සුපිරිම දමිළ චිත්‍රපටය කියල කියන්න පුලුවන් !👍

සටහන -: සසිත් සුදර්ශන

ඉතිං අවසාන වශයෙන් ආයෙත් මතක් කරන්න ඕනා, මට මේ තැනට එන්න අත දුන්න “සමිත රමේෂ්” සොයුරාවත් චිත්‍රපටයක් අසා ලියන්න මාව ධෛර්‍යමත් කරපු සහ අඩුපාඩු උගන්වපු “පීටර් බාත්ලට් අයියවත්” අපේ උපසිරැසි සදහා කවර් පොටෝ හදන්න මහන්සි වෙන “අංජුල උමේෂ් සහෝදරයාවත්” මෙච්චර කාලයක් හැම දේකටම මාත් එක්ක හිටපු :සිනෙරූ වෙබ් අඩවියේ අනිකුත් සහෝදර සහෝදරයින්වත්: විශේශයෙන් මතක් කරන්න ඕනා,
ඒ වගේම මගෙ උපසිරැසියකින් චිත්‍රපටිය නරබන සහ මං වෙනුවෙන් කමෙන්ට් එකකිකින් හරි සහයෝගය දෙන හැමෝටම ගොඩක් ගොඩක් ස්තූතී . කියමින් අදට මම නවතිනවා………..

තවත් මෙවැනිම ලස්සන උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නව…

මම අශේන් මධුරංග {චූටියා }

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


130
Total Subtitles

27 comments

  1. සුබ පැතුම් චූටියා..50ට..දිගටම සබ් දෙමු ❤️

  2. Udaya saman
    Cineru Family Member

    ඔන්න කොල්ලො පලවෙනි කමෙන්ටුව මගෙන්…බොහොම සතුටුයි බං.ඇත්තටම..උපසිරසි ගමන් මගේ උබ මාත් එක්ක ගොඩක් ලගින් ආෂ්රය කරපු එකෙක් විදිහට මට සතුටුයි ගොඩක්ම…ඇත්තටම දැකලවත් නැති වුනාට පට්ටම බැදිමක් තියෙන්නෙ..විහිලුවට බැන්නට එහෙම ඒව විහිලුවට විතරයි හොදේ…😂😂😂😂.ඉක්මනටම ශතකය ගහපන් බං….උබට වරදින් නැ…එලම එලම එලම….බොක්ක.

  3. sub 50k karalath full stop thiyanna puruddak na

    • Ashen Maduranga(චූටියා)
      Cineru Family Member

      මගේ උපසිරැසි ජීවිතේට ෆුල්ස්ටොප් තියෙන්නෙ කවද හරි මැරුන දාක තමා මචං , ❤️💚👍❤️

  4. G.W.Deshan Adithya

    සුබ පැතුම් 50 සබ් එකට අයියා ! නියමයි 💛💚❤️

  5. ela bro parana unath supiri film ekaka sube ekata thank jayawewa..

  6. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    සුබ පතනවා බ්‍රෝ 50වෙනි සබ් එකට 😊👊🎉🎊.. පුළුවන් ඉක්මනට 100වෙනි එකත් ගහමු ඒ එක්කම තමන්ගෙ වැඩකටයුතුත් සාර්ථකව කරගන්න බ්‍රෝ ඒවා අතපසු කරගන්න එපා 👊..
    එහෙනම් ඉඩකඩ වෙලාව තියන විදිහට මේ film දෙකටත් සබ් දෙන්න පොඩි try එකක් දෙන්න පුළුවන් නම්
    * Inheritance (2020)
    * WΔZ (2007) Tom Hardy
    ජය වේවා.!

    • Ashen Maduranga(චූටියා)
      Cineru Family Member

      අනිවා බොහොම ස්තූති සහෝදරයා , අනිවාරෙන්ම උත්සහ කරන්නම් ❤️❤️💚👍

  7. me film eka gattha website eka kiyanna puluwanda dvd rip tamai thiyene sub set wenne hd rip ne

    • Peter Barthelot
      Cineru Family Member

      ookeema link eka thiyenava ganna

    • Ashen Maduranga(චූටියා)
      Cineru Family Member

      උපසිරැසිය ඩවුන්ලෝඩ් කරගන්න බට්න් එක යටින්ම තියෙනවා සහෝදරයා ඩවුන්ලෝඩ් ලින්ක් එකත් එතනින් ගන්න ❤️💚👍

  8. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරිම මල්ලී, 50හේ කට්ට දන්නෝ දනිති. ඉතින් 100ටත් ඔය වීරියෙන්ම යමු. සුභ අර්ධ ශතයක් වේවා මචෝ

    • Ashen Maduranga(චූටියා)
      Cineru Family Member

      අනිවාරෙන්ම අයියේ බොහොම ස්තූති ❤️❤️❤️💚👍

  9. උපසි‍රැසියට බොහොම ස්තූතියි!
    50 වෙනි උපසිරැසියටත් සුබ පැරතුම්

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. ජයවේවා බන්..Thankyou ❤

  12. පට්ට මචන් මම හොය හොය හිටිය මූවී එකක් තෑන්ක්ස් ❤️

  13. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Ashen

  14. ස්තුතියි මචො එලම ජයවෙවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login