The title of the page
Bad Genius (2020) E09 Sinhala Sub
Bad Genius (2020) E09 Sinhala Sub
8.2

Bad Genius (2020) E09 Sinhala Subtitles |අලුත් බලාපොරොත්තු| සිංහල උපසිරැසි සමඟ

(Bad Genius (2020) E09 Sinhala Sub) ඔයාලා හරිම කුතුහලයෙන් Bad Genius අට වෙනි කතාංගය බලන්න ඇතිනේ. මෙන්න මම අරන්  ආවා ඊළඟ කොටසත්. පසුගිය කොටසින් ඔයාල දකින්න ඇති ලින් සහ බෑන් එකතු වෙලා මොන තරම් අවදානම් සෙල්ලමක් ද කළේ කියලා..

ප්ලෑන් එකේ හැටියට වැඩේ කරන්න ඇවිත් පළවෙනි පියවරෙන්ම දෙන්න නන්නත්තාර වෙනවා.මොකද එයාලා හිතන් හිටපු විදියට ෆෝන් එක හංගන්න ටොයිලට් වල වතුර ටැංකි නෑ. ලින් එවෙලෙමඒකට පිළියමක් හොයාගන්නවා. ඒ තමයි සිවිලිම. ක‍ො‍හොමහරි දෙන්නත් එක්ක වැඩේ ඇදගෙන යනවා. මේ අතරේ අවුරුදු ගානකට පස්සෙ ලින්ගෙ අම්මට කතා කරන තාත්තා, ලින් ගැන අහනව. එතකොට තමයි දෙන්නම දැනගන්නෙ ලින් ඇවිත් තියෙන්නෙ හොර ගමනක් බව. මේ දෙන්න එක්ක එකතු වෙලා ලින් ඕස්ට්‍රේලියා ආවෙ මොකටද, කොහෙද ඉන්නෙ කියල හොයාගන්නවා.

දෙවනි විවේකයේදි උත්තර යවල ෆෝන් එක තියන්න ගිහින් බෑන් ඉහේ ඉඳන් නාගන්නවා. බෑන්  ආයෙත් ආවත් ලින් දකිනව බෑන්ට වෙලා තියෙන දේ. මේ අතරෙ වොෂ් රූම් චෙක් කරන STIC අධීක්ෂක, බෑන් ටොයිලට් එකේ කළ හදිය දකිනව. අන්තිමට ෆෝන් එකත් අහු වෙනව. අනේ ඉතින් අසරණ බෑන්… එයාව අරන් යනව. ලින් කොහොමහරි අමාරුවෙන් ගේම ගහනව. ඒත් එයත් අල්ල ගන්නව. කරකියාගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවෙ එක පාරටම ලින් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි, එයාගෙ අම්මා.. ඔන්න ඉතින් ඔය විදියට තමයි අට වෙනි කතාංගය ගලාගෙන ගියේ.

ඔන්න බලන්නකො එහෙනම් දැන් මොකද වෙන්නෙ කියලා. ලින්ට නම් අම්ම හරි හිටිය. ඒත් බෑන්ට මොනව වෙයිද.. ඉක්මණටම ඊළඟ කොටසින් හමුවෙන්නම්. සුබ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

4 comments

  1. බොහොම ස්තූතියි සබ් එක දෙනවට 🤗😁 අනිත් එපිත් ඉක්මනටම දෙමූ 🤗🤗😁❤️

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට…

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි 👊😊

  4. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login