The title of the page
Bad Genius (2020) E08 Sinhala Sub
Bad Genius (2020) E08 Sinhala Sub
8.2

Bad Genius (2020) E08 Sinhala Subtitles |අසරණ බෑන්| සිංහල උපසිරැසි සමඟ

(Bad Genius (2020) E08 Sinhala Sub) ඔන්න ඉක්මණින්ම අරන් ආවා Bad Genius අට වෙනි කොටසත්… ඔයාලා බලන්න ඇතිනේ ලින්ගෙ මාස්ටර් ප්ලෑන් එක මොකක්ද කියලා.. ලෝකෙ පුරාම එකම වෙලාවක පවත්වන STIC විභාගයේ උත්තර ටික පන්නගන්න මේ පාර ලින් යොදාගන්නෙ වේලා කලාප වෙනස. ඕස්ට්‍රේලියාවට ගිහින් විභාගය අතරෙදි උත්තර තායිලන්තයට එවන්න තමයි ලින්ගෙ ප්ලෑන් එක.

ඒත් අර උත්තර ඔක්කොම තනියම කටපාඩම් කරන්න වෙලාව මදි වෙන ගැටළුව ගැන හිත හිතා ඉන්න අතරෙ තමයි, දේව දූතයෙක් වගේ බෑන්, ලින් ඉස්සරහට එන්නෙ. අම්මගෙ සැත්කමට ඕන කරන සල්ලි හොයාගන්න තමයි බෑන් ඇවිත් මෙයාලට එකතු වෙන්නෙ. කොහොමහරි ලස්සනට වැඩේ ප්ලෑන් කරලා, දෙන්නත් එක්ක ඕස්ට්‍රේලියාවටත් යනවා.

ඒත් තමන්ගෙ දුව ගැන වද වෙන තාත්තා, ලින් ගැන හොයන්න ලින්ගෙ අම්මට කතා කරනව. ඔන්න එතකොට තමයි තාත්තට වැඩේ මාට්ටු වෙන්නෙ. දැන් මොනව වෙයිද… තාත්තා ලින්ගෙ මේ හොර වැඩේ අල්ල ගනියිද? ලින්ගෙ මාස්ටර් ප්ලෑන් එක සාර්ථක වෙයි ද.. බලන්නකො මොකද වෙන්නෙ කියලා.. තව රහසක් කියන්නම්… අට වෙනි කතාංගය මම බැලුවෙ කොහොමද කියනවනම්, හොල්මන් ෆිල්ම් එකක් බලනකොට එන අමුතු තිගැස්ම මට මේක බලනකොටත් දැනුණා. ඊළඟ මොහොතෙ මොකක් වෙයිද කියන කුතුහලය කතාව පුරාම තිබුණ වගේම, අද ඒක තදින්ම දැණුනා.. ඔන්න එහෙනම් ලින්ගෙ මාස්ටර් ප්ලෑන් එක සාර්ථක ද අසාර්ථකද කියල ඔයාලා තීරණය කරන්නකො.. ඊළඟ කොටසින් හමුවෙන්නම්.. සුබ දවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

5 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👊👊

  3. Godak sthuthi obata

  4. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login