The title of the page
8.2

Bad Genius (2020) E07 Sinhala Subtitles |මාස්ටර් ප්ලෑන් එක| සිංහල උපසිරැසි සමඟ

(Bad Genius (2020) E07 Sinhala Sub) Bad Genius හයවෙනි කොටස, අලුත් ඩීල් එක මොක්කද කියල ඔයාලා බැලුව නම්, දැන් ඔයාල බලන් ඉන්නව ඇත්තෙ මේ ඩීල් එකට මොකක්ද වෙන්නෙ කියල… නේද.. ගිය සතියෙ අළුත් මූණු කීපයක් ඔයාල දකින්න ඇති. ලින්ගෙ පන්ති තහනමෙන් පස්සෙ ලින් එයාගෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න අම්මට කතා කරනව. ඒ වගේම පැට් ගෙ තාත්තත් ඔයාලට මුණගැහෙන්න ඇති. එයා ඉගෙන ගත්තු බොස්ටන් සරසවියෙන්ම පැට් උපාධියක් ගන්නව දකින්න වගේම, පැට් එක්ක ග්‍රේස්වත් බොස්ටන් යවන්නයි පැට් ගෙ තාත්තට ඕන. ඔය අතරෙදි ඒ දෙන්නගෙ ප්‍රශ්නෙ විසඳෙනවා. මේ අතරෙ පන්ති තහනම් උන ලින් උපකාරක පන්ති ගුරුවරියක් විදියට වැඩ කරන්න පටන් ගන්නව.

වැඩිදුර ඉගෙන ගන්න සල්ලි ඕන නිසා ලින් ට එක පාර ලොකු ගානක් හොයන්න පුළුවන් අලුත් ඩීල් එකක් ලැබෙනව. අන්තිමට ලින් කොහොමහරි කැරකිලා ඇවිත් නවතින්නෙ ග්‍රේස් ගෙ ඉස්සරහා. ඔන්න ඉතින් ආයෙත් යාළුවො ටික සෙට් වෙනවා. ඩීල් එක මොකක්ද කියල මම කියන්න ඕන නෑනෙ. මේ ඩීල් එක වෙනුවෙන් ලින් මාර අදහසක් දෙනව. හැබැයි එක කොස්සක් තියෙනව. ලින් ට තනියම මේ වැඩේ කරන්න බෑ. කොහොම උනත් ලින් මේකට අත ගහන්නෙ යාළුවෙක් විදියට නම් නෙවෙයි. කලින් සිද්ධ වුණ දේත් එක්ක එයා මේක කරන්නෙ සල්ලි නිසා විතරමයි. ඒත් අන්තිමට ග්‍රේස් ඇවිත් ලින්ගෙන් සමාව ගන්නව වගේම, මේ දෙන්න ආයෙත් හොඳ යාළුවො වෙනවා.

අන්තිම මොහ‍ොතෙදි හිතාගන්න බැරි විදියට ඩීල් එකේ මදිපාඩුව ට හරියන කෙනෙක් ලින්ගෙ ලඟටම ඇවිත් වැඩේට එකතු වෙන්න අහනව. ඒත් ඒකට හේතුව මොකක්ද?? ඔන්න අද එහෙනම් බලාගන්නකො ඇයි එයා එහෙම එන්නෙ කියලා… ඒ වගේම මේ ඩීල් එකට ලින් ගහනව මාස්ටර් ප්ලෑන් එකක්… එසේ මෙසේ නෙවෙයි, අන්තර්ජාතික මට්ටමේ මාස්ටර් ප්ලෑන් එකක්. ඉස්කෝලෙ වාර විභාගයකට කොපි කරපු ළමයි ටිකක් මෙච්චර දෙයක් හිතයි කියල කව්ද හිතුවේ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

4 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට….
    සබ් එක කරන්න තියෙන කැපවීමට..ආදරෙයි

  2. Godak sthuthi …

  3. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login