The title of the page
8.4
96

Arthdal Chronicles (2019) S03E02 Sinhala Subtitles|උපකාරයට උපකාරය|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් හා හා පුරා කියලා තුන්වෙනි කතාමාලාවටත් ආවා….

සුභ දවසක් කිව්වා.ඔන්න ඊළඟ කොටසත් අරන් ආවා.ගොඩක් පරක්කු වුණා කියලා හිතනවා මේකටනම්.මගෙ වැඩ ගොඩකුත් එක්ක හිටියෙ ඒකයි ටිකක් පරක්කු වුණේ.ඒකට සොරි වෙන්න ඕන.එහෙනම් ඉතින් කලින් කොටස ගැනත් ටිකක් මතක් කරගමු.
කලින් කොටසෙ වුණේ ඉයුන්සොම් ඇතුළු හැමෝම එයාල හිටපු පතලෙන් පැනලා ගිඅ එකනෙ.හැමෝම කිව්වට හැමෝමත් නෙමෙයි.සමහර කට්ටිය එතනදිම මැරුණා.ඒ කොහොම වුනත් ඒ පැත්තෙ එහෙම වෙද්දි ටාන්යා තරු සීනුව හොයාගන උත්තම පූජකයා වෙනවා.මේ මොකුත්ම දන්නෙ නැති ඉයුන්සොම් හදන්නෙ කොහොම හරි එයාගෙ කට්ටියව බේරගන්න.හැබැයි ඉතින් ඊට කලින් එයා කෙනෙක්ගෙ පොරොන්දුවක් ඉටු කරන්න යනවනෙ.ඒකරලා ඒ ගෝත්‍රයේ නායිකාවගේ ජීවිතේ වගේම එයාගෙ ළමටගෙත් ජීවිතේ බේර ගන්නවනෙ.ඔන්න ඔතනින් තමයි එදා ඉවර වුණේ.

එහෙනම් ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

මේ කතාවෙන් වෙන්නෙ මේකයි.එදා ඉයුන්සොම් බේරගත්ත කෙනා,ඉයුන්සොම්ට ප්‍රති උපකාර කරන්න එයාව හොයනවා.
ඒ අතරෙ ටාගෝන්ව මරන්න සැලසුමක් යනවා.සුදු කදුමුදුනෙ තියන්න යන ගොහිම්සානි උත්සවයටත් හැමෝම ලෑස්ති වෙනවා.ඒ අතරෙ තමයි ටාගෝන්ව මරන්න උත්සාහ කරන්නෙ.ටාගෝන්ව විතරක් නෙවෙයි ටාන්යා , තායිල්හා ඇතුළු හැමෝවම මරන්න තමයි මෙයාලගෙ සැලසුම.ටාගෝන්ව මරන්න පුළුවන් වෙයිද? බැරි වෙයිද ?ඉයුන්සොම්ට මොනවා වෙයිද?ටාන්යාට මොනවා වෙයිද?එතකොට් තායිල්හා…

මෙයාලට මොකද වෙන්නෙ කියලා බලන්න කතාව බලලම ඉන්න. එහෙනම් ඉතින් මම නැවතුනා, ඊළග කොටසෙන් හම්බවෙමු.

                                                                     හැමෝටම ජය 👋

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

6 comments

  1. thanks bro…

  2. පට්ටම 😘💕😘💕

  3. බ්‍රෝ… අනිත් ටිකත් ඉක්මනට දාන්නකෝ….. කුඩු ගැහුවා වගේ දැන්ස…. බ නැතුව ඉන්න බැරියෝ……..

  4. Chaminda gunasekara

    Tnx❤❤❤❤❤

  5. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login