The title of the page
8
97

365: Repeat the Year (2020) E07-E08 Sinhala Subtitles | සැබෑ ඝාතකයා කවුද? | සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් සුපුරුදු විදිහටම අසංක සහෝ එක්ක එකතුවෙලා මේ අරගෙන එන්නෙ 365: Repeat The Year කොරියානු කතා මාලාවෙ හත්වෙනි සහ අටවෙනි කොටස්වල සිංහල උපසිරසි. හැබැයි ඉතින් මේක හිතුවටත් වඩා පරක්කු වුණා. මොකද මේක කරන ගමන් තවත් චිත්‍රපටිවලට උපසිරසි කරන්න වෙන හින්දා. පරක්කුවෙලා හරි ඉතින් උපසිරසිය අරගෙන එනවා. නතර කරන්නෙ නෑ කියලත් කියන්න ඕන.

ඔයාලට මතක ඇතිනෙ මේ සෙට් එකම අතීතයට ගියාට පස්සෙ එක එක්කෙනා මැරෙන්න පටන් ගන්නවා. මේ විදිහට එක එක්කෙනා මැරෙන එක හැමෝටම ප්‍රශ්නයක් වෙනවා. ඒ අතරෙ මෙයාලව අතීතයට අරගෙන ආපු කෙනා අතුරුදහන් වෙලා. දැන් ඉතින් හැමෝම බයවෙලා. මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. ඒ අතරෙ මෙයාලට පොටක් පෑදෙනවා. ඒ තමයි මෙයාලා අතරින් මීට කලින් මැරුණ හැමෝටම “මල් කළඹක්” හම්බවෙනවා. ඒ මල් කළඹ හම්බවුණාට පස්සෙ තමයි ඒ කෙනා මැරෙන්නෙ, නැත්තන් මරලා දාන්නෙ. කවුරුත්ම දන්නෙ නෑ මේ මල් කළඹ එවන්නෙ කවුද කියලා. මේ විදිහට කතාව ගලාගෙන යනකොට එක පාරටම අළුත් චරිතයක් මේ කතාවට එකතු වෙනවා. ඒ කෙනා අර මැරුණ අයගෙ එක දෙයක් අරගන්නවා එකතුවක් විදිහට. මේක කරන්නෙ කවුද? මේක කරන්නෙ මොකටද? කියන එක දැනගන්න මේ කතා මාලාව ඉවරවෙනකම්ම බලන්න වෙනවා. එහෙනම් අපි නවතිනවා. ඊළඟ කොටස් දෙකෙන් හම්බවෙමු.

හැමෝටම ජය !

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  සොමේශ් ජයරත්න සොහොයුරාට සහ අසංක වීරසිංහ සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

4 comments

  1. Sub ekt thanks 💞💞

  2. සබ් එකට ගොඩක් ස්තුතියි
    ඊළඟ කොටසත් ඉක්මනටම දෙමු.
    ජය වේවා……..

  3. සබ් එකට තැන්ක්ස්. 😘 ඉතිරි සබ් ටිකත් ඉක්මණට දෙන්න.

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login