The title of the page
bheeshma sinhala sub

Bheeshma (2020) Sinhala Subtitles |අනග බඹරා බීශ්ම|සිංහල උපසිරැසි සමග|

” ශක්තිවන්තයෙක් එක්ක සටන් කරල දිනන්න පුළුවන් …
වාසනාවන්තයෙක් එක්ක දිනන්න බෑ.. “

වාසනාව කියන දේ ජීවිතේට කොයි මොහොතෙ ලබනවද කියල කව්රුත් දන්නෑ.වාසනාව ලැබීමත් තීරණය වෙන්නේ අපි කරන දේ අනුවමයි.අපි කාටවුනත් හොඳක් කලොත් පෙරලා අපිටත් ආයෙම හොඳ දෙයක් වෙයි.අපේ පරමාර්ථය හොදයි නම් දෙවියනුත් අපිට වාසනාව උදා කරයි.(bheeshma 2020 sinhala sub)

ආයුබෝවන් 🙏 සිනමාලෝලී රසික ඔය හැමෝටම.පලවෙනි පෝස්ටරයේ ඉදන් තෙලිඟු රසිකයන්ට හදවපු පිස්සුවකට මට දෙන්න පුළුවන් බෙහෙතත් අරගෙන තමයි මම ආවේ.

ඉතින් හැමෝම දාන්න ඒ පිස්සුවෙන් බලන් හිටිය චිත්‍රපටියේ නම තමයි “Bheeshma”. චිත්‍රපටිය ගැන කතා කරන්න
කලින් බලමු මේ නම කොහොමද ආවේ කියල.

කවුද මේ බීශ්මා..?

මහාභාරතයේ එන චරිතයක් තමයි මේ බීශ්ම කියන්නේ.කුරු රාජ්‍යයේ රජු ශන්තනු සහ ගංගා නම් ගඟට අධිපති ගංගා
දෙවගනගේත් අටවෙනි දරුවා තමා බීශ්ම.ඉතින් මෙයා තමන් ආදරය කරපු කාන්තාව ලබා ගන්න නොහැකි වුනු නිසා
ජීවිතකාලෙම තනිකඩව ඉන්න තීරණය කරපු කෙනෙක්.ඒක බීශ්ම ප්‍රතිඥාවක් කියල කියන්නෙ.ඉතින් ඔය තනිකඩ එක
සම්බන්ධ කරල තමා ඒ නම තියල තියෙන්නෙ මේකට 😁.

හරි එහෙනම් චිත්‍රපටිය ගැන කතාව පටන් ගමු අපි.Bheeshma චිත්‍රපටිය තිරගතවීම ආරම්භ කලේ 2020 පෙබරවාරි 21 වෙනිද ඉදන්.මේ වෙනකොට IMDB දර්ශකය තුල 7.1 ක අගයකුත් ගූගල් පරිශීලකයන්ගෙ 94% මනාපයකුත් මේ චිත්‍රපටියට හිමි වෙලා තියෙනවා.Nithin සහ Rashmika ගේ රංගන සංකලනයෙන් , Venky Kudumula මහතාගේ අධ්‍යක්ෂණයෙන් , Suryadevara Naga Vamsi මහතාගෙ නිශ්පාදනය යටතේ Sithara Entertainment හරහා තමයි චිත්‍රපටිය අපි අතරට පැමිනෙන්නේ.

තෙලිඟු සිනමාව ගත්තම තමන්ගෙම ශෛලියකින් රසිකයන් පිනවන තවත් අපූරු නලුවෙක් විදියට අපිට Nithin ව
ගන්න පුළුවන්.අවසන් වතාවට 2018 දී Chal Mohan Ranga සහ Sirinivasa Kalyanam යන චිත්‍රපටි දෙකට
තමයි Nithin රංගනයෙන් එකතු වුනේ.ඊට පස්සේ වසරකට අධික කාලයක ගැප් එකක් අරගෙන තමයි යලිත් ඔහු
Bheeshma හරහා අපි අතරට එන්නෙ.2019 මාර්තු 30 වෙනිදට යෙදුනු Nithin ගෙ උපන්දිනය දවසෙ පෝස්ටරයක්
නිකුත් කලා ඔහුගේ මීලග චිත්‍රපටිය Bheeshma බවට රසිකයන්ට දන්වමින්.ඊට පස්සේ 2019 ජුනි 12 වෙනිදා
Bheeshma කණ්ඩායම එකතුවෙලා පූජා උත්සවය තියල නිල වශයෙන් චිත්‍රපටියේ වැඩ කටයුතු පටන් ගත්තා.
(bheeshma 2020 sinhala subtitle)

 

bheeshma sinhala sub
( නිතින් , රශ්මිකා ඇතුලු Bheeshma කණ්ඩායම පූජා උත්සයේදී. )

bheeshma 2020 sinhala subtitle

ආයෙම 2019 ඔක්තෝම්බර් 27 වෙනිදා චිත්‍රපටයේ පලමු පෝස්ටර් විදියට පෝස්ටර් දෙකක් නිකුත් කිරීමත් එක්ක
රසිකයන් හැමෝම උන්මාදයට පත් වුනා.ඔය විදියට November 07 වෙනිදා Nithin සහ Rashmika පෙනී සිටින
Glimpse වීඩියෝ එකක් අන්තර්ජාලයට නිකුත් වුනා.කෙමෙන් කෙමෙන් ටීසර් පට ,ට්‍රෙයිලර් පට නිකුත් වෙමින්
චිත්‍රපටිය 2020 පෙබරවාරි 21 වෙනිදා තිරගත වීමට නියමිත වුනා.ඉතින් 21 න් පස්සෙ සිනමාශාලාවල් රසිකයන්ගෙන්
පිරිලා අවසානයේ අති සාර්ථක සිනමා නිර්මාණයක් විදියට කෝටි 50 කට අධික ආදායමක් ලබා ගනිමින් සුපර් හිට්
ලේබලය අලවගන්න මේ චිත්‍රපටිය සමත් වුනා.

bheeshma 2020 sinhala subtitle

ඉතින් Bheeshma ගැන කතා කරනකොට ඊලගට අපේ අවදානය යොමු වෙන්නේ , ප්‍රධාන නිලිය ලෙසින් රංගනයෙන් එක් වෙන වර්තමාන තෙලිඟු සිනමාවේ නැගී එන නිලියක් ලෙසින් ශ්‍රී ලංකාව පුරාත් විශාල රසික සංසදයකට හිමිකම් කියම හුරුබුහුටි Rashmika Mandanna ගෙ පැත්තට.ඉතින් එයා අවසන් වතාවට රංගනයෙන් එක්වුනු මහේශ් බාබුගේ Sarileru Neekevvaru චිත්‍රපටියට නම් හොඳ ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.රශ්මිකාගෙන් දකින්න ලැබුනෙත් කොමඩි චරිතයක්.ඉතින් ඒ ඔක්කොම දේවල් පසෙකට දාල Bheeshma හරහා එයා ආයෙම තමන්ගෙ සාර්ථකත්වය පෙන්නල තියෙනවා.විශේෂයෙන් රශ්මිකාට නටන්න බෑ කියන අයට හොඳ උත්තරයක් මේ චිත්‍රපටියෙන් දීල තියෙනවා.

ඊලගට කට්ටියගේ කුතුහලය සහ රසවින්දනයට බාධා නොවෙන්න කියල මම කතාව ගැනනම් කියන්නෑ.නමුත් චිත්‍රපටයේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන.වර්තමානෙ ගත්තම මේ මුදල් වෙනුවෙන් කාර්යබහුල වුනු ලෝකයක වඩාත් සැලකිලිමත් වෙන්න ඕනි කාරණාවක් තමයි අපි ජීවත් වෙන පරිසරයත් රැකගෙන ,අපේ ජීවිත ගැනත් සැලකිල්ලක් දක්වන්න ඕනි කියන එක.

bheeshma 2020 sinhala subtitle

නමුත් තාක්ෂණයේ හා විද්‍යාවේ දියුණුවත් එක්ක ගොඩක් හානිකර තත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නෙ.එක
පැත්තකින් රසායනික පසට මිශ්‍ර වෙලා ස්භාවධර්මය විනාශ වීමත් , අනෙක් පැත්තෙන් රසායනික එක්කල ආහාර
අරගෙන මිනිස්සුන්ගේ ජීවිතවලට හානි වීමත්.ඉතින් පුරාණ කාලයෙ ඉදන් පැවතගෙන ආව කාබනික ගොවිතැන මගින්
තමයි මේ සියල්ලටම විසදුම් දෙන්න පුළුවන්.ඉතින් ඔය කාරණාව කාලීන මාතෘකාවක් විදියට මේ චිත්‍රපටියට අන්තර්ගත
කරල තියෙන එකනම් ගොඩක් වටිනව.

ඔය ඔක්කොම එකතු කරල ගත්තම මමනම් මේ චිත්‍රපටිය දකින්නෙ අදාල කාරණා හැම එකක්ම මේ චිත්‍රපටයේ ධාවන
කාලය තුල සමබරව එක් කරල තියෙනව කියලයි.

Romance | Comedy | Action හැමදේම ඇතුලත් මේකෙ.

( Stylish Star අල්ලු අර්ජුන් විසින් තම ට්විටර් ගිනුම හරහා එක්කල සුබපැතුම් )

චිත්‍රපටිය පුරාම රසවිදින්න පුලුවන් අපූරු ගීත ටිකකුත් තියෙනවා.ඉතින් මහන්සිවෙලා ඒවටත් උපසිරැසි දාල තියෙන්නෙ ඒක නිසා ස්කිප් නොකර චිත්‍රපටියම රසවිදින්න කියල ඉල්ලනවා.
එහෙනම් තවත් අපූරු තෙලිඟු චිත්‍රපටියක් ඔයාලට බලන්න ලං කරන ගමන් තවත් උපසිරැසියක් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්, සබ් එක අරගෙන යන ගමන් පහලින් මතක් කරල කමෙන්ට් එකකුත් දාගෙන යන්න ඒක විතරයි ඉල්ලන්නෙ ඔයාලගෙන්..

ඔබට ජය !

bheeshma 2020 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

22 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.!

  2. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  3. Thanks ayiye sub ekata…meka denakan hitiye..film release wuna dawasata pahuwadama cam copyya baluwe….oyala tama 1st ekatama sub denne..thank you

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. රැග්නා ලෝඩ්බ්‍රොක්--සිනමා ලෝකය - (Direct Link)

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි….!
    ස⁣හෝලා අමාරුවෙන් වෙලාව ගැටගහගෙන හදන උපසිරැසියෙන් තමා අපි පිලුමක් බලලා සතුටු වෙන්නෙ.
    ජයවේවා…!

  6. Asanka Weerasinghe
    Cineru Family Member

    එලම මදුවෝ ❤️ 🙏

  7. Arawinda Sunimal

    Thanks sub ekata jayawewa………

  8. පට්ටම කොල්ලො 🤘🤘🤘

  9. tnx all for your comment 😍❤

  10. උපසිරසියට බොහොම ස්තූතියි 🌹❣🥳

  11. Thanx sub ekt

  12. ගොඩක් ස්තුතියි මචන් සබටල

  13. Amila Tech
    Cineru_users

    නියම දෙබස් ටිකඉ කතාව ගැන හොදට හොයල විස්තර.අපිට දැනගන්ට.එල සුපිරි thanks sahooi.good luck
    🙏🙏🙏🙏🙏🙏🙏

  14. මයිකි

    මාස 4 ක් තිස්සේ කොරියන් වලට ඇබ්බැහි වෙලා හිටිය නිසා ෆිල්ම් බලන්න බැරි උනා. ඔන්න දැන් ආයි පටන් ගන්නවා. දෙක කලවමේ බලන්න ලැස්තියි. එහෙනම් තැන්ක්ස් මෙකට සබ් කලාට.

  15. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    නියමයි සහෝ සබ නම්. සුපිරියටම සබ කරලා. බලලා ඉවරවෙලා ගොඩක් කල්. මැශින් එකේ තිබ්බා. ආයේ මේ ඇවිත් කොමෙන්ටුවක් ලිව්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login