The title of the page
4.2
91

The Adventures of Sherlock Holmes The Final Problem (1893)Sinhala Subtitles |වීරයාගේ නික්මයාම|සිංහල උපසිරැසි සමග|

සර් ආතර් කොනන් ඩොයිල්

ෂර්ලොක් හෝම්ස් චරිතයේ නිර්මාණකරු තමයි මෙතුමා. මෙතුමාගේ විශ්වවිද්‍යාලයේ හිටපු ජෝශප් බෙල් කියන ආචාර්‍ය තුමා ආදර්ශයට ගෙන තමයි මේ හෝම්ස්ව නිර්මාණය කලේ. දීර්ඝ හෝම්ස් කතා හතරක් හා කෙටි කතා පනස් හයකින් යුතුව කතා හැටක් නිර්මාණය කරලා තියෙයි. මීට අමතරව “ද ලොස්ට් වර්ල්ඩ්” කෘතිය රචනා කලෙත් මෙතුමා. වෘත්තියෙන් දොස්තර කෙනෙක් උනාට, පොත් ලියපු එක තමයි එතුමාගේ ප්‍රධානම කටයුත්ත වුනේ. ඉතින් මම යෝජනා කරන්න කැමතියි මගේ යාලුවන්ටත්, සර් ආතර් කොනන් ඩොයිල් ලියපු පොත් ටික හොයන් කියවන්න. හොඳම පරිවර්තනය චන්දන මෙන්ඩිස් මහතාගෙන් තමයි සිදුවෙලා තියෙන්නේ මට තේරෙන විදිහට.

  • උපත 1859 මැයි 22
  • වෛද්‍ය විද්‍යාව හැදෑරීම එඩිංබ්‍රෝ සරසවිය
  • බිරිඳ ලූයි හෝකින්ස් මහත්මිය
  • ප්‍රතම කතාව 1886 දී A Study in Scarlet
  • මියගියේ 1930 ජූලි 07

ෂර්ලොක් හෝම්ස්

ලෝකයේ යම් චරිතයක් වෙනුවෙන් සිදු උන වැඩිම නිර්මාණ ප්‍රමාණය මේ හෝම්ස් වෙනුවෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඇයි මේ තරම්? හෝම්ස් පොතක චරිතයක් තමයි. ඒත් හරිම ප්‍රායෝගිකයි. අපිට උනත් පුරුදු උනොත් කරන්න පුලුවන් ගොඩාක් දේවල් මේ චරිතයේ තියෙයි. මේ චරිතය එයාගේ කාලයේ තාක්ෂනය උපරිම භාවිතා කරපු කෙනෙක්. ටිකක් විකාර වැඩ, හාස්‍යමය ගතිය තියෙන නිසාත් විශේෂයි. එක කතාවක හෝම්ස්ට කියනවා කෙනෙක් මෙන්න මෙහෙම ” හෝම්ස් මහත්තයා, මං එකක් කියන්නම්.කතන්දර පොත්වල ඉන්න රහස් පරීක්ශකයොයි, ඇත්තටම පොලීසියේ ඉන්න අපරාද පරීක්ෂකයොයි  උන් ඔක්කොම ඔබ ඉදිරියේ තිබ්බොත් උන් පොඩි ළමයි වගේ. ඔබ නම් අති දක්ශයෙක්……..මහත්මයා, ඔබට ජීවිතයේ උරුම වෘත්තිය අපරාද පරීක්ෂකයෙක් වීමයි”

අද කතාව – අවසන් ගැටලුව

හෝම්ස් මැරෙනවා…..! හිත අවුල් උනාද? ඔව් අද කොටසින් එහෙම වෙනවා. අපිට දකින්න පුලුවන් මොළේ කල්පනා කරලා අපරාද කරන සුපිරි දුෂ්ටයෙක්ගෙන් රටම බේරගන්න හෝම්ස් ලොකු වෙහෙසක් දරනවා. නියම මොල දෙකක්, දෙන්නාම සුපිරි දක්ෂයෝ. අවසානේ මොකක් වෙයිද?? අවසාන වෙනකල් හිතාගන්න බැරි වෙයි ඔයාලට. මේක TV Series එකක කොටසක්. හැබැයි සුපිරියක්. මේක බලන්නම ඕනේ එකක්. මේ කතාවේ සතුරා ගැන තව විස්තර ඕනේ නම් ” චන්දන මෙන්ඩිස් මහතාගේ – බිහිසුනු නිම්නය” කතාව කියවන්න.

මේක TV Series එකකින් ගත්ත එකක්. ඉතුරු ඒවත් වෙලාව ලැබෙන විදිහට සබ් කරන්නම්. TV එකක් කියලා විශේෂයක් නෑ. ප්‍රදාන චරිතවල සම්බන්දේ විතරයි. කතා එකිනෙකට වෙනස්.

මේ වගේ සිංහල සබ් දෙන්න තේ, බිස්කට් ඉල්ලන ඉල්ලන වෙලාවට දීලා මට සහයෝගය දෙන මගේ ආදරණීය බිරිඳටත්, චූටිම චූටි මගේ පුතාටත් ගොඩක් පිං මාව දිරිමත් කරන එකට.

අදින් පස්සේ ටිකක් හෝම්ස්ට ඉන්න කියලා, මම ඔයාලගේ ඉල්ලීම්වලට බහිනවා. දවස් 3ට එකක් බැගින් ෆිල්ම් ටික දෙන්නයි ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් ඉල්ලීම් පිලිවෙලට එන්නම්. පරක්කු උනොත් පොඩි සමාවක් දෙන්න.

ඉතින් හොයලා බලලා කොහේවත් සිංහල සබ් නැති, ඔයාලා ආස ෆිල්ම් තියෙයි නම් කොමෙන්ට් කරන්න. හැබැයි හොඳ ඒවා ටිකක් දාන්න. මම (පරක්කු වෙලා හරි) සබ් එක දෙනවා කොහොමහරි. ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ CINERU.LK ඔයාලගේ ෆේස්බුක් එකේ ශෙයාර් කරන්න. වෙන ගෲප්වල ශෙයා කරන්න, කොමෙන්ට් ටිකක් දාන්න.

සමිත රමේශ් සහෝගෙන් ලැබෙන සප් එක නම් එලම තමයි. ඉතින් හැමෝටම එහෙනම්

බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

12 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන.. කිව්වා වගේම ආයෙම Sherlock Holmes film එකක් ❤..
    කලින් දුන්න Sherlock Holmes film එකේදි මං කරපු ඉල්ලීම් ටිකට Robert Pattinsonගෙ Cosmopolis (2012) film එකත් එකතු කරනව 😊 පුළුවන් විදිහට වෙලාව කලාව තියන හැටියට ඒවට සබ් දෙමු 😊..
    ජය වේවා.! 👊👊

    • අනිවා සහෝ. සබ් නැත්නම් ඒවට සබ් දෙනවා. මේ ටිකේ ටිකක් හිරවෙලා ඉන්නේ. මගේ සදහම් පුතාට තාම මාස 8යි. තාත්තව තමයි ඕනේ, වෙන කාටවත් හුරු නෑ. ඉතින් මහ රෑ තමයි සබ් හදන්නේ. අපේ සමිත සහෝගෙන් ලැබෙන තල්ලුව හොඳ නිසා දිගටම යනවාමයි

    • Murder by numbers ෆිලුමට සබ් දානගමන් ඉන්නේ

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    අනිවාරෙන් සහෝ පවුල තමයි එක ❤.. අනික මාස 8ක බබෙක් ඉන්නව කියන්නෙ වෙන වැඩකට වෙලාව හොයාගන්න හරි අමාරුයිනෙ ඒකත් තාත්තටම හුරු බබෙක් ඉද්දි…. එහෙම තියෙද්දිත් වෙලාව වෙන්කරන් සබ් දෙන එකට බොහොම ස්තුතියි කියනව ආයෙමත් 👊👊👊

  3. Sir athar ge loku fan kenek thanks sub walata pluwanman Netflix The Main Event 2020 film sub dennko please welawata matath holmes wage wenna derida

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Voter 2018 vishnu manchuge film ekata sub denna puluwannnam…

  6. kill the irishman [2011] mekata sub eka puluwn nm dena.

  7. Chanaka thilanka

    සබ් එකට ස්තූතියි, නියමෙට සබ කරලා තියෙනවා, සුපිරියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login