The title of the page
Wrath of Man (2021) Sinhala Subtitles
Wrath of Man (2021) Sinhala Subtitles
7.4
66
92

Wrath of Man (2021) Sinhala Subtitles | පිය සෙනෙහස..!! | සිංහල උපසිරැසි සමඟ

(Wrath of Man (2021) Sinhala Subtitles) Jason + Guy Ritchie 😋 කොහොමද යාළුවනේ.. ඔන්න ඉතින් අද සමිතේ ලොක්කගේ සහයෝගයෙන් අරගෙන ආවේ නම් එසේ මෙසේ චිත්රපටියක් නෙවෙයි. විනාඩි 119ක් පුරා දිවෙන සුපිරි චිත්රපටියක්. සෙක්ස් නැති, ලේ පිරුණු, ඇක්ෂන් පිරුණු සුපිරියක්.. හැමෝම දැනටම දන්නවා ඇති මේ මොකක් ගැනද කියන්නේ කියලා.

ඔව් මේ අද දවල් අන්තර්ජාල පිටපත් මුදාහැරපු Wrath of Man කියන චිත්රපටිය. එසෙ මෙසෙ නළුවෙකුත් නෙවෙයි ඉන්නේ.. හැමෝම ආදරේ කරන සුපිරි ක්රියාදාම නළුවෙක් වෙන Jason Statham තමයි මෙකේ ප්රධාන චරිතය නිරූපණය කරන්නේ. හැමෝම Jasonට ගොඩාක් ආදරේ Fast and Furious චිත්රපටි මාලාවත් එක්කම තමා.. තව ටික දවසකින් ඉක්මනින්ම F9 චිත්රපටියත් ඔයාලට බලන්න ලැබෙයි. මට මේ ෆිල්ම් එක බලද්දී මතක් වුණේ මංම උපසිරසි කරපු Nobody (2021) චිත්රපටිය.. මොකද මේ අවුරුද්දේ ආපු හොඳම ක්රියාදාම ඉංග්රීසි චිත්රපටි දෙක මොකක්ද කියලා ඇහුවොත් මගේ මතකෙට එන්නෙ නම් මේ දෙක තමයි..

Nobody බලපු නැති කෙනෙක් නම් ඔයා “මෙතනින්” ගිහින් ෆිල්ම් එක අරන් බලන්න කියලා මතක් කරනවා.. මොකද ඒකත් මැඟෑරෙන්න හොඳ නැති සුපිරියක්.. මේකේ Jasonට අමතරව Holt McCallany,Jeffrey Donovan,Josh Hartnett,Chris Reilly,Laz Alonso, Scott Eastwood කියන නළු නිළි රැසක් මේ චිත්රපටිය තුළදී දැකගන පුළුවන්. මේක අධ්යක්ෂණය කරේ Guy Ritchie.. Jason + Guy Ritchie කියන්නේ කොහොම සුසංයෝගයක්ද කියලා දන්නෝ දනිති 😍😍 මේ ඩබල එකතුවෙලා කරපු හතරවෙනි නිර්මාණය බවට මේක පත්වෙනවා.

ඩබල මුලින්ම සම්බන්ධ වෙන්නේ Revolver (2005) චිත්රපටියට. චිත්රපටියට පසුබිම් වෙලා තියෙන්නේ 2004 නිකුත් වුණ Cash Truck කියන ප්රංශ චිත්රපටිය. අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත් මුලින්ම බලන කෙනෙක්ට මෙකෙ මුකුත් තේරෙන්නේ නැහැ කතාවේ. ඉස්සරහට යන්න යන්න තමයි සම්බන්ධකම් පේන්නේ. සරලවම මෙකේ තියෙන්නේ පළිගැනීමක්.. තාත්තා කෙනෙක්ගේ පළිගැනීමක්.. එතනින්ම එහාට කතාව කීවොත් වැඩක් නැනේ.. ඒක ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.. එහෙනම් අලුත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු.. • උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරූ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

20 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    එලම❤️ බන්

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. තෑන්ක්ස් සුපුන් අයියා..❤️❤️💪

  4. Netflix පිස්සා

    අඩෝ පට්ට මචන් ❤❤

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. එලම මචං සබ් එක දුන්නට.🔥🙏

  7. thanks bro

  8. මුගෙ එකක් බලන්න නැතුව උන වගේ තිබුන…. මේක එනකං බලාගෙන හිටියෙ.. thanks bro…. ඒක නෙවෙයි done yen ගෙ අලුත් මුකුත් නැද්ද. Scott Adkins ගෙ අලුත් මුකුත් නැද්ද…..

  9. තෑන්ක්ස් මල්ලි ඉක්මනට සබ ගෙනාවට

  10. Aruna Darshana
    Cineru Family Member

    Elama ♥

  11. සබ් එකට තෑන්ක්ස් සහෝ!

  12. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 🙂❤️

  13. Thank you very much

  14. Supun Sadeepa
    Cineru Family Member

    හැමෝටම ස්තූතියි 😘😍

  15. SolarMan Haritha

    jaya sriii

  16. Thanks for the sub!!!!!

  17. Thanks Bro for the Sub….

  18. ගොඩක්ම ස්තුතියි සහොදරයා 💪❤️

  19. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login