The title of the page
Nobody 2021 Sinhala Sub
Nobody 2021 Sinhala Sub
7.7
82
63

Nobody (2021) Sinhala Subtitles | වැදගැම්මකට නැති එකෙක් | සිංහල උපසිරැසි සමඟ

(Nobody 2021 Sinhala Sub) ඉතින් කොහොමද යාළුවනේ.. අපේ ඇනවසරි එකේ රස්නෙන් පස්සේ ගේන පළවෙනි සබ් එක ගේන්න ඔන්න මට අවස්ථාව ලැබුණා. ඇනවසරිය නිසා ඊයේ සතුටු වුනත් අද වෙනකොට පොඩි දුකකුත් ආවා. මොකද අපි දුන්න සබ් එකින් එක හොරු නම් ගම් වෙනස් කරලා දාන්න පටන්ගෙන. මේක නම් මහ හිසරදයක් අපිට. සබ් කිරිල්ල එපා වෙනවා. මුලින්ම සබ් හොරකම් කළාට නම වෙනස් කලේ නැ. දැන් අපි ඇනවසරියට දුන්න නිසා එකපාරටම දෙන්න බැරි නිසා අපේ නම් සම්පූර්ණයෙන්ම අයින් කරලා හොර සයිට් ඇඩ්මින්ගෙ ෆේක් නමින් ඒ සබ් පළකරලා තියෙනවා.

අපේ මිනිස්සුත් මෙච්චර හොඳ සබ් සයිට් තියෙද්දී මේ හොර ගුබ්බෑයන් අස්සට රිංගනවනෙ. සමහර වෙලාවට අපිටවත් නැ එච්චර Downloads, Views…😐😥 හරි දැන් ඒක ඇති මොකද අපි මොනා කීවත් හොරා දිගටම හොරකම් කරනවා. අපේ එවුන් දිගටම ඒ සයිට් වලටත් යනවා.. = = = = = = = = = = = = = = = = =

මේක ඊයේ හවස අන්තර්ජාලයට නිකුත් වුණ අලුත්ම ඉංග්රීසි චිත්රපටයක්. නමින් Nobody. මේ චිත්රපටයේ Bob Odenkirk විසින් හච් කියන ප්රධාන චරිතය නිරූපණය කරනවා. ඔහු Better Call Saul කතාමාලාවේ වගේම මේකෙදීත් විශිෂ්ට විදිහට රඟපානවා. තවත් වැදගත් කාරණාවක් වෙන්නෙ මේක Producer කරලා තියෙන්නේ John Wick චිත්රපට මාලාවේ Producerම තමයි. මේකෙදිත් ඒ වගේම හොඳ ඇක්ෂන් සීන් ටිකක් බලන්න පුළුවන්. පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුළුවන් ලස්සන චිත්රපටයක් මේක.

මෙතනින් එහාට මං කතාව පොඩ්ඩක් කියන්නයි යන්නේ. කවුරුහරි ස්පොයිලර් වෙයි කියලා හිතෙනවා නම් මේක කියවන්න එපා. සබ් එක අරන් ෆිල්ම් එකත් අරන් බලන්න 😁 හච් මැන්සල් කියන්නේ යකඩ කර්මාන්තශාලාවක වැඩ කරන කෙනෙක්. මෙයාගේ ගෙදරට, රෑ හොරු දෙන්නෙක් එනවා. එක හොරෙක් එක්ක පොර බදින තමන්ගේ පුතා ආරක්ෂා කරගන්න ඕන නිසා හොරාට ගොල්ෆ් පිත්තෙන් ගහන්න ලෑස්ති වුණ හච් එහෙම නොකරන ඉන්නවා.

හොරු තියෙන සල්ලි හා අත් ඔරලෝසුව හොරකම් කරගෙන යනවා. හොරුන්ට විරුද්ධව සටන් නොකිරීම නිසා පහර කෑ පුතා, හච් සමඟ අමනාපයට පත්වෙනවා.පස්සේ හච් ඒ හොරු දෙන්නා හොයාගන්නවා, ඒත් එයාලට විරුද්ධව ක්රියා නොකරන්නේ එයාලා හොරකම් කරන්න හේතුව එයාලගේ රෝගි දියණිය වෙනුවෙන් බව තේරුම් ගත්ත නිසා. තරහා ගිහින් හිටපු හච් ඒ තරහා පිට කරන්න බස් එකට ගොඩවෙන බීමත් සල්ලාල කොල්ලෝ කණ්ඩායමක් අල්ලගන්නවා.

ඔවුන් එක්ක ඉතා දරුණු විදිහට ගහගෙන ඔවුන්ට බරපතල තුවාල සිද්ධ කරනවා. මේ කණ්ඩායමේ ඉන්නවා ලොකු මැරයෙක්ගේ සහෝදරයෙක්. එතනින් එහාට හච්ට ලොකු අකරතැබ්බයකට මූණ දෙන්න සිද්ධවෙනවා. මෙතනින් මං කතාව නවත්තන්නම්. ඉස්සරහට මොකද වෙන්නෙ කියලා එහෙනම් ඔයාලම බලන්නකෝ.. අලුත් උපසිරැසියකින් හමුවෙමු.. • උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

11 comments

  1. Sub eka dunnata galapena pitapata denna parakkuine appa itin karanna deyk nathi kamata . piratelk ekata gihin ganne

    • samitha
      Cineru Family Member

      පොස්ට් එකත් එක්කම එක වැටෙනවා නේ සහෝ.. මේ පොස්ට් එකෙත් ඔක්කොම ලින්ක් තියෙනවා hc ඉදලාම එහෙම ලින්ක් නැති වෙලාවට අපේ fb පේජ් එකට මැසේජ් එකක් දාන්න ලින්ක් අප්ඩේට් කරයි

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Google search karana ayata mulin pennane godak ussala dhana site bn. Unge hadissiyata un eken download karaganne suba ekayi unge site wala download wadi. Salenda epa. Godaak ස්තුතියි …

  4. Sub ekata thanx

  5. සබ් එකට ස්තුතියි

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  8. sub ekata thanks bro, web site eke design eka nan patt aaa

  9. yes day 2021 ektth sub dannko

  10. Oyala thamai issorma sub eka dala thiyenne ned eth search krama issella ena ekata api yanawani sorry broo thaanxxx supiriyak hodeee

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login