8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E08 Sinhala Subtitle | සුළං හමයි | සිංහල උපසිරැසි සමඟ

ඔන්න දැන් 8වෙනි එපිසෝඩ් එකත් බලන්න පුළුවන්.

සොන්ග් සී හෝ නිසා අසරණ බොක් ජූගේ රහස එළිවෙනවා. බොක් ජූගේ තාත්තට ගොඩක් තරහ යනවා, තාත්තට විතරක් නෙමේ මහාචාර්යතුමාටයි, කෝච්ටයිත් තරහ යනවා. මෙයාලා හැමෝම අහනවා ඇයි මේ බර සායනයට ගියේ කියලා. ඒත් බොක් ජූ කිසිම දෙයක් කියන්නේ නෑ, හැමෝගෙන්ම බැනුම් අහගන නිශ්ශබ්දව ඉන්නවා. අන්තිමෙට බොක් ජුට දඩුවම් දෙනවා බලාගෙන ඉන්න බැරි තැන නන් හී කෝච්ට ඇත්ත කියනවා. සොන් ඔක් එයාගෙන් විතරක් මේක හැංගුවා කියලා හිතලා බොක් ජූයි නන් හීයි එක්ක තරහ වෙනවා. මේ ඔක්කොම අස්සේ ජුන් යොන්ග් බොක් ජුගේ හිත සනසනවා. එයා කන්න කැමති දේවල් අරන් දීලා, ක්ලබ් එකකටත් එක්කගෙන යනවා. ජුන් යොන්ග් මේක කරේ සී හෝ කියලත් දැනගන්නවා. අවසානෙට සී හෝ ගිහින් බොක් ජූ එක්ක රණ්ඩු වෙනවා.

අද කතාව පටන් ගන්නේ එතන ඉදන්,
බොක් ජූ දැනගන්නවනෙ සී හෝගෙ ඊරිසියාව නිසා මේ සේරම කියලා, ඉතින් එයා ජුන් යොන්ග්ගෙන් ඈත් වෙයිද? එතකොට සොන් ඔක් ආයෙ යාළුවෙයිද? ඒ ඔක්කොටම උත්තර මේ එපිසෝඩ් එකේ තියෙනවා. මොනවා වුනත් එපිසෝඩ් එක ඉවරවෙන්නේ බලාපොරොත්තු වුනේ නැති සිදුවීමකින්. එහෙනම් බලලම දැනගන්න ඒ මොකද්ද කියලා.

ඊළග එපිසෝඩ් එකින් හම්බවෙමු.
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |948|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


131
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *