The title of the page
The Last Reef 3D Fatale (2012) Sinhala Subtitles
The Last Reef 3D Fatale (2012) Sinhala Subtitles
7.4
79

The Last Reef 3D Fatale (2012) Sinhala Subtitles | අන්තිම කොරල්පරවල මළගම! | සිංහල උපසිරැසි සමඟ

(The Last Reef 3D Fatale (2012) Sinhala Subtitles) ඉතින් යාලුවනේ, කොහොමද? මං හිතන්නේ මේ වෙද්දී නම් තේරිලා ඇති හැමෝටම කිසිම නායකයෙක්ට හෝ පාලකයෙක්ට හෝ උන්ගේ වන්දිභට්ටයෙක්ට සාමාන්‍ය මිනිස්සු ගැන හෝ, ගහකොල ගැන හෝ, රට ගැන හෝ හැඟීමක් නෑ. උන්ට ඕනේ අපේ වකුගඩු විකුණලා හරි සල්ලි හොයලා උන් වැජඹෙන්න කියලා! මට නම් තේරෙනවා, මොකද මේ කොරෝනා පළමු රැල්ලෙදී අපිව පරිස්සම් කරපු එවුන්ම දැන් ඒක බෝ කරනවා. බෝම්බ පුපුරෝලා මිනිස්සු මැරෙනකල් බලන් හිටපු එවුන් දැන් කිඹුල් කඳුලු හෙලනවා. අපේ හරක් ඒවට රැවටිලා උපරිමෙන් බෙදිලා මරාගන්නවා

මේ කෑලි බෙදෙන්න කාලයක් නෙවෙයි. අද මං මේ ගේන වාර්තාමය චිත්‍රපටය 2002දී ආව එකක්. ඒකෙදි මං කියෙව්වා ඇඟ සලිතවෙන දෙයක්, ඒ තමයි වසර 2500 වෙනකොට මේ ලෝකේ සියලුම ගස් විනාශ වෙනවලු! 2102 වෙන්න කලින් සියලු කොරල් විනාශ වෙනවලු! ඉතින් මේ ජාති බේධ, කුල බේධ, ආගම් බේධ අල්ලන් බෙදෙන්න කාලයක්ද? සිංහරාජේ කැපුවත්, ජලගැලුම් නිම්නය කැපුවත්, වැලි අසීමිතව ගොඩදාගෙන ජාවාරම් කරත් මගේ අදහසට අනූව ඌ “කාලකන්නියෙක්”. මොකද හුස්ම ගන්න බැරි වෙන්නේ අපිට නෙවෙයි, අපේ දරුවන්ට. අන්තිම ගහත් කැපුවට පස්සේ සල්ලි උයන් කන්නද කියලා තේරෙයි. ඔලුව කුරුවල් නොවිච්ච තරුණ කොල්ලෝ, කෙල්ලොන්ට තේරෙයි මං කියන්නෙ ඇත්තද, බොරුද කියලා. මොන ආගමක උනත්, ජාතියක උනත් එකට එකතුවෙලා සොබාදමට ආදරේ කරන්න කාලය තමයි මේ. අපි දැනටමත් පරක්කුයි. මොකද මේ වෙද්දී අපි ට්‍රිලියන ගානක ණය උගුලක හිරවෙලා ඉවරයි. පාලකයෝ නම් කියන්නේ ඒවා ගත්තේ අපි වෙනුවෙන් කියලා. හැබැයි ඒවා ලැබුනු එකම එක සාමාන්‍ය මිනිහෙක්වත් මං නම් දැකලා නෑ. අපිට ඉතුරු උනේ අපේ සොබාදහම විතරයි. ඒත් කියන්න දුකයි, මේ ලිපිය ගහද්දිත් “මුතුරාජවෙල” කපනවා කියලා නිව්ස්වල යනවා. ඒ නිසා එකතුවෙලා ගහකොල, සත්තු, වතුර ටික රැකගන්න අරගල කරමු.

මේ ෆිලුමේ තියෙන්නේ කොරල්පර ගැන. මාරම ලස්සන වීඩියෝ ටිකක් තියෙයි. පුලුවන් අය 1080p කොලිටියෙන්ම අරන් බලන්න. කොහොමහරි මං ලොකු පාඩමක් ඉගෙන ගත්තා උපසිරැසි ගැන. ඉතින් මේ සබත් ඒ “මංකොල්ලකාරයෝ” බලයි කියලා හිතනවා. මම උපසිරැසි දීපු, මගෙන් හොරකම් කරපු “සාලෙම්, එක්ස්පන්ස්, නිව් මියුටන්ට්” වගේ උපසිරැසි ගැන මං එයාලට අනුකම්පා කරනවා. මගේ උපසිරැසි ජීවිතේ නවතින්නම යද්දී මාව නවත්ත ගත්ත “සමිතේ සහ අශේන්”ට ගොඩක් ස්තූතියි. දැන් ඉතින් මේ මාසේ, දෙක ඇතුලත 200වෙනි කඩයිමත් පහු කරනවා මං.ඒක පොරොන්දුවක්. මේ වෙද්දී උපසිරැසි 175ක් දීලා ඉවරයි මේකත් එක්ක. ඉතින් එහෙනම් “මගේ තනි නොතනියට හැමදාම ආදරෙන් මගේ ලඟින් ඉන්න මගේ බිරිඳ ලක්ශ්මී සහ මගේ පණ මගේ සදහම් පුතා ආදරෙන් මතක් කරනවා”. ඒ වගේම චානක තිලංකවත් ආදරෙන් මතක් කරනවා. මේ ඩොකියුමන්ට්‍රිය විශේෂයෙන්ම හශාන් සහෝට තිලිණ කරනවා. මොකද එයාගේ ඉල්ලීමකටයි මේ කැටගරියට බැස්සේ. ඒ වගේම මගේ යූ ටියුබ් චැනල් එකට මෙතනින් ගිහින් බලන්න කියලත් ආරාධනා කරනවා. මගේ පරණ ටීවී සීරීස් ටිකත් එක්කම “starship troopers 1997” ෆිලුමෙන් ඉක්මනින්ම එන්නම්. ආයේ කවුරුත් දීපු සබ් මං දෙන්නේ නම් නෑ. සමිතේ මල්ලිගෙයි, අශේන් මල්ලිගෙයි හයියෙන් ආයේ නැගිට්ට මං සබ් කෙරුවාවෙන් නවතින එක නම් කවදාවත් වෙන්නේ නෑ. අවසානේ මෙහෙම ගන්නම්

“කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුළ ලඟ සිටියලු තනිවීලා
අන්ද මන්ද ඝන අඳුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා”
බුදු සරණයි! සදහම් සරණයි, සඟ සරණයි! හැමෝටම

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

10 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියි දර්ශන අයියෙ 🙂❤️.. ඇත්තටම ගොඩක් වටිනවා මේවගේ ඒවට සබ් කරන එක ❤️..
    ජය වේවා.! 👊👊👊

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි හශාන් මල්ලී. ඔයා ගේ කමෙන්ට්, ඊ මේල් පට්ට හයියක් මට ඈ. ඔයා නිසාම මාසෙකට 1ක් හෝ දෙනවා ඩොකියුමන්ට්‍රි

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ මේ වගේ ඒවා මරු

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සුපුන් සහෝ, කෝ පොටෝ එක??

  3. එල මචෝ.. ❤️❤️❤️

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ගිහාන් සහෝ ස්තූතියි, දිගටම ඩොකියුමන්ට්‍රි දෙනවා ඈ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Run Hide Fight (2020) – IMDb

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හරි සහෝ මං මේක බලන්නම්. සබ් එක දෙන්න පුලුවන් වෙයි

  5. චානක තිලංක

    වාව් වාව් මරු මරු හොදේ සබ නම් පට්ට එල සහෝ 👊👊👊👊😍👌👌😍👌🔥🔥👌👍👌👍👌👏💧👌❤️👌❤️❤️👌❤️🔥❤️🔥👊🔥👊

  6. Thank for the sub like this kind of TV programme

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login