ඔන්න හත්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා.
ජුන් යොන්ග් එයාගේ අසනීපේ හොද කරගන්න ඕනේ නිසා බැංකුවක් සංවිධානය කරන පොඩි තරගයකට ඉදිරිපත් වෙනවා. මේයාගේ අසනීපේ නොදන්න බොක් ජූ එයාට තරගයේදී වැරදීමක් වෙන්න කියලා විහිළු කරනවා. බොක් ජූටත් මේ දවස්වල ප්රශ්න, මොකද එයාගේ බර වැඩි කරගන්න වෙලානේ. කොහොමහරි බොක් ජූ ජුන් යොන්ග්ගේ අසනීපේ ගැන දැනගත්තාම ජුන් යොන්ග්ව එයාගේ තාත්තගේ කඩේට එක්කගෙන ගිහින් ශක්තිය වැඩෙන කෑමක් කන්නත් දෙනවා. බොක් ජූ ජුන් යොන්ග්ගේ හිතත් හදනවා. ජුන් යොන්ග්ගේ යාළුවා ටේ ක්වොනුත් ජුන් යොන්ග්ට උදව් කරනවා.
ඒත් ඉතින් බොක් ජූ ගැන ඊරිසියා හිතෙන නපුරු සී හෝ බොක් ජූගේ කෑම පාලන දිනපොත් බර උසුලන අංශයෙන් ගිහින් තියෙනවා. අනේ ඉතින් අසරණ බොක් ජුගේ රහස එළිවෙනවා.
මේ එපිසෝඩ් එක පටන් ගන්නේ එතන ඉදන්,
මේ එපිසෝඩ් එකේදි නම් බොක් ජුට කරදර ගොඩකට මූණ දෙන්න වෙනවා. එයා මෙච්චර කල් හංගගන හිටිය රහස එළි වෙනවනේ. ඉතින් එයාගේ තාත්තා, මහාචාර්යතුමා, කෝච් වගේම යාළුවෝ මේකට මොන විදිහේ ප්රතිචාරයක් දක්වයිද? ඩොක්ටර්ව බලන්න යන්න හම්බවෙයිද? ඩොක්ටර් මෙයා කරපු බොරුව දැනගනීද? එපිසෝඩ් එක බලලම තමා මේවට උත්තර හොයාගන්න වෙන්නේ.
ඊළග එපිසෝඩ් එකෙන් හම්බවෙමු.
බුදුසරණයි!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
September 2, 2020
තෑන්ක්ස් සබ් එකට
Thank you 💐💖