The title of the page
Vikram (2022) Sinhala Subtitles
Vikram (2022) Sinhala Subtitles
8.8
56
97

Vikram (2022) Sinhala Subtitles | “මොහු හොල්මනක්” | සිංහල උපසිරැසි සමඟ

Vikram (2022) Sinhala Subtitles  Vikram (2022) Sinhala Sub

2022 ජුනි මාසේ 03වන දින තිරගත වු පැය 2 යි විනාඩි 54 ක ධාවන කාලයක් හිමි. දමිළ සිනමාවේ මේ මෑත වකවානුවතුල වැඩිම කතා බහට ලක්වු සිනමාපටය “වික්‍රම්” චිත්‍රපටයට සිනෙරු කණ්ඩායම වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙන ඔයාල ලගට ආවා. අපි එහේනම් මේ සිනමාව ගැන පොඩ්ඩක් කතා කරමු. 

“වික්‍රම” මේ නමින්ම 1986 දී චිත්‍රපටයක් ආවා. ඒ දවස්වල ඩවුන්ලෝඩ් ඔන්ලයින් නෑනේ. තියටර් එකෙන්ම විතරයි. මේ 1986 දීත් වික්‍රම් චිත්‍රපටය වැඩි කතා බහට ලක් වුනා. ඒ කාලේ වැඩියෙන්ම චිත්‍රපට බිහිවුනේ ප්‍රේම කතන්දර. ඒවට තමයි වැඩි ඉල්ලුමක් තිබුනේ. ඉතින් කමල් කියන්නේ සිනමාවේ විවිධ අත් හදාබැලීම් කරපු කෙනෙක්. ඒ අනුව වෙනස්ම චිත්‍රපටයක් විදියට මේ වික්‍රම් 1986 බිහිවුනා. 

Vikram (2022) Sinhala Subtitles

ඇයි මේ වික්‍රම් විශේෂ ?

ඒ මේ චිත්‍රපටය විශේෂ වෙන්න හේතුවක් තමයි ප්‍රථම වතාවට දමිළ සිනමාවේ පරිඝණක ආශ්‍රයෙන් සංගීතය පටිගත කිරීමයි. ඒක තේරුම් ගන්න පුලුවන් පරන වික්‍රම් තේමා ගීතය ඇව්වනම්. දැන් ඒක අහන කොට ලොකු දෙයක් නොවුනට ඒ කාලේ ඒකේ එෆෙක්ට් එක වේර ලෙවල්. පරන කතාවනම් වික්‍රම් මේ සංවිධානයෙන් අයින්වෙලා විවහයක් කරගෙන ජීවත්වෙනවා. නමුත් මිසයිල් එකක් පැහැරගැනීම නිසා වික්‍රම්ව නැවත කැදවනවා. වික්‍රම් යන්නේ නෑ. නමුත් වික්‍රම් මේකට සම්බන්ධ වෙන්න යනවා කියල දැනගෙන හතුරා වික්‍රම් ව මරන්න යනවා. ඒත් මැරෙන්නේ වික්‍රම් ගේ ගැබිනි බිරිද. ඒ වෛරයත් එක්ක මේ මෙහෙයුමට වික්‍රම් සම්බන්ධ වෙනවා. 

මේ වික්‍රම් ඒ වික්‍රම් අතර සම්බන්ධකමක් තියෙනවද ?

සම්බන්ධයක් තියෙනවා. ඒ ඒජන්ට් වික්‍රම් සැඟවී ඉදල වසර 30 කට පස්සේ කරලියට එන්න සිද්ධ වෙනවා. තව අලුත් වික්‍රම්ට දරුවෙක් ඉන්නවා. ඒක පරන වික්‍රම් එකේ එයා සම්බන්ධකම් පවත්වපු එයාගේ බිරිදගෙන්ද නැත්නම් සලාමිය කුමරියගෙන්ද නැත්නම් එයාගේ සහකාරිය විදියට මෙහෙයුමට එක්වෙන ප්‍රිතිගෙන්ද කියල පැහැදිලි නෑ. 

හරි දැන් වික්‍රම් 2022 එකට එමු.

දමිළ සිනමාවේ මේ වකවානුවේ වැඩියෙනම කතා බහට ලක්වුන ඒ වගේ සිනමා ශාලාවක මේ වින්දනය ලබා ගත යුතු චිත්‍රපටයක් කියල කියන්න පුලුවන් . සිනමා ශාලාවට ගිහින් බලන්න ගොඩාක් අයට භාෂාව ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යයි. කමක් නෑ දැන් පුලුවන් නම් පොඩි සවුන්ඩ් සිස්ටම් එක්ක ටීවි එකට සම්බන්ධ කරල බලන්න. 

මේකේ චිත්‍රපටයෙන් වැඩි කතා බහට ලක්වුනේ ලෝකේෂ් කනගරාජ්. කයිදි ( 2019) චිත්‍රපටයෙන් පසුව ඒ හා සම්බන්ධ වන එනම් ලෝකේෂ්ගේ සිනමා විශ්වය ( Lokesh Cinematic Universe ) දෙවන චිත්‍රපටය වික්‍රම් වෙනවා. ඒ නිසාම කවුරු හරි කයිදි බලල නැත්නම් මේක බලන්න ඉස්සෙල්ල ඒක බලල ඉන්න. ඒක මේ ෆිල්ම් එක තේරුම් ගන්න ගොඩාක් උදව් වේවි. සිනෙරු එකෙන් කයිදි සිංහල උපසිරැසි ලබා ගන්නත් පුලුවන් . මේ සිනමා විස්වයට එකතුවන ඊලග චිත්‍රපට වන්නේ කයිදි 2 හා වික්‍රම් 2 වේ. ඊට අමතරව විවිධ කට කතාද මේ සිනමා විස්වය ගැන පළවී තිබෙනවා ,  අධ්‍යක්ෂක ලෝකේෂ් ගැන විවිධ මත තියෙනවා. ඒ කොපි කරනවා කියල. ඒ මොනවා කලත් අපට බලන්න පුලුවන් හොද චිත්‍රපටයක් ලබා දෙන එක ගැනනම් ලෝකේෂ් ට ස්තූතිවන්ත වෙන්න ඕනේ. 

කමල් වසර හතරකට පසුව නැවතත් මෙගා හිට් එකක් එක්කම  බැස්සා කියන්න පුලුවන්. ඒ එයාගේ දේශපාලන ගමන නිසයි. කමල් කියන්නේ දමිළ සිනමාවට අමිල සේවයක් කල කරන කෙනෙක්. නිතරම අලුත් වෙනසක් සමග සින්මාවට දෙයක් ලබා දෙන්න ඕන කියල හිතන කෙනෙක්. මේක කමල්ගේ හොදම චිත්‍රපටය කියල කියන්න බෑ. ඒ කමල්ගේ අනෙක් චිත්‍රපට හා බලන කොට . නමුත් මේකත් හොද තත්වයක තියෙනවා.

Vikram (2022) Sinhala Subtitles

Fahadh Faasil වර්තමාන බ්ලැක් ස්කොඩ් එකේ අණදෙන්නා. කමල්ගේ ෆිල්ම් එකක්ද ෆහඩ්ගේ ෆිල්ම් එකක්ද බලන්නේ කියල හිතෙන තරමට චරිතය මෙහෙයවල තියෙනවා වගේම ලෝකේෂ් විසින් ඒ චරිතයට හොද ස්ථාවරයක් හදල තියෙනවා. අන්බේ සිවම් ෆිල්ම් එකේ මාධවන්ට වගේම වික්‍රම් එකේ ෆහඩ්ට කමල් විසින් රංගන මූලිකත්වයක් දීල තියෙනවා. ඒ දීපු අවස්ථාව උපරිම ප්‍රයෝජනයක් ෆහඩ් විසින් අරන් තියෙනවා කියන්න පුලුවන් .

Vijay Sethupathi විල්ලන් වෙන්න සික්ස් පැක්ම ඕනේ නෑ කියල පෙන්නපු ෆිල්ම් එක.. බලපු කට්ටිය දන්නවා විලන් හදුන්වා දෙන තැන.. නොබලපු අය බලල දැන ගන්න. මාස්ටර් විලන් එකට වඩා සේතුට  ලැබුන හා සේදු කරපු හොදම විලන්   චරිතය මේකයි කියල මට හිතෙන්නේ. 

රොලැක්ස් නොහොත් සූර්යා 

ඉන්නේ විනාඩි ගනන්ක් වුනත් මුලු චිත්‍රපටයේ අවධානය ඔහු වෙත යොමුකරගන්න සමත්වෙලා තියෙනවා. වික්‍රම් 2 රොලැක්ස් සමග ගැටුම කියලත් කියන්න පුලුවන්. ඒකට දීල්ලි ( කාර්ති) කොහෝමද සම්බන්ධ වෙන්නේ කියන එකත් බලමු. 

සංගීතයෙන් අනිරුද් , වික්‍රම් තේමාව පරන තේමාවම අලුත් සංගීතයෙන් එදා ගායනා කරපු කමල්ම මේකත් ගායනයෙන් හවුල් වෙනවා. කැමරාකරනය Girish Gangadharan විසිනුත් සංස්කරණය Philomin Raj විසිනුත් කරල තියෙන්නේ. ඉදිරිපත් කිරීම කමලහාසන්ගේ Raaj Kamal Films International විසින්. 

Vikram (2022) Sinhala Subtitles

කතාව බලමු. 

වික්‍රම් කියන්නේ 1981 ( වික්‍රම් 1986 චිත්‍රපටය ) සක්‍රිය බ්ලැක් ඔප්ස් ස්කොඩ් එකේ අණ දෙන්නා. 1980 ගනන් වල මෙහෙයුමකින් පසු මොවුන්ගේ කැන්ඩායම ත්‍රස්තවාදින් ලෙස හංවඩු ගසා රහසින් මරා දමනු ලබනවා. එයින් බේරුන කෙනෙක් තමයි මේ වික්‍රම්. වස 30 ගනනක් කරනන් යන නමින් රහස් ජීව්තයක් ගෙවන වික්‍රම් නැවත සටන් බිමට බහින්න සිද්දවෙනවා. ඒ ඔහුගේ පුතා හා මත්ද්‍රව්‍ය නිසයි. ඔහුගේ පුතාට මොකක්ද වුණේ ? ඇයි කර්නන් නොහොත් වික්‍රම් මත්ද්‍රව්‍ය පසු පස පන්නන්න ගන්නේ. සන්දනම් ( සේදු) හා රොලැක්ස් ( සූර්යා) කවුද ? මේ අය එක්ක වික්‍රම්ගේ සම්බන්ධය මොකක්ද ? බ්ලැක් ඕප්ස් ස්කොඩ් හිටපු අණ දෙන්නව හොයන අලුත් අණ දෙන්නා අමර්ට ( ෆහාඩ්) වික්‍රම්ව අල්ලගන්න පුලුවන් වෙයිද ? මේ හැම එකටම එකම උත්තරේ , චිත්‍රපටය බලන්න කියන එකයි. 

වික්‍රම් පසුබිමෙන්

වික්‍රම් හී සාර්ථකත්වයෙන් පසුව කමලහාසන් විසින් එහි අධ්‍යක්ෂක ලෝකේෂ් ට ඉන්දියානු රුපියල් ලක්ෂ 65 වටිනා Lexus ES 300h ලක්සරි කාර් එකක් , මෙහි ආරාධිත රංගනයක යෙදුණ සූර්යාට ඔහුගෙ නමින්ම රොලැක්ස් ඔරලෝසුවක්ද සහය අධ්‍යක්ෂණයේ යෙදුණ 13 න් දෙනෙකුට Apache RTR 160 වර්ගයේ මෝටර් සයිකල් 13ක් ද තෑගි ලෙස ලබා දී ඇත. අනිරුද් ගෙන් මාධ්‍ය තෑගිගැන විමසුවිට ඔහු පවසා සිටියේ කමල් සර් මට දුන්න තෑග්ග තමයි වික්‍රම් එකට සංගීතය සපයන්න අවස්ථාව දීම කියල. ලැබෙන ආරංචිය අනුව නම් කමල්ගෙර් ඉන්දියන් 2 හි සංගීතය සදහා අනිරුද්ට අවස්ථාව ලැබෙන වගයි. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

37 comments

  1. Anushka Udayanga

    Original da me ewith thiyenne

  2. Thank you

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Madushan Priyankara
    Cineru Family Member

    තෑන්ක්ස් අයියේ සබට ..ලිපියත් මරු ❤

  5. බොහොම ස්තූතියි සහෝ
    සබ දෙනකල් බලන් හිටියෙ
    ජය වේවා!

  6. Webrip එයි නේද 8 වැනිදා

  7. Hi
    It’s not allowed to watch inline.
    Only download option only
    Can you fix it pls ?

  8. Sub eka web-dl ekatath update kalata thank you machan

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for update peeter saho..
    Great work ………

  10. සබට තෑන්ක්ස් අයියා..

  11. Sub Ekata Thank you Saho

  12. adeee article 1 maru.

  13. Anushka Udayanga

    Web eke 1080 nedda

  14. Anushka Udayanga

    E thiyenne hd rip eka neda 1.8GB ita wada loku kopiyak nedda

  15. udaya saman
    Cineru Family Member

    elama loku iaye.awa gamanma dunna ehenm ela hode

  16. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  17. Senula
    Cineru_users

    puluvn nm VIKRAM 1986ta sinhala sub denna balanna ada sub ekata thanks . Vikram 1986ta sub dunnoth godak watinawa mokada tama kawuruth eka karalath nh e wagema godak aya e sub eka enakn balan inne

    • Peter Barthelot
      Cineru Family Member

      ඒක ගොඩාක් පරනයි නේ කොපියක් හොයාගන්න අමාරුයි,
      දමිළ කොපියක් හොයා ගන්න අමාරුයි.

  18. නාරා
    Cineru Family Member

    එල එල පීටර් අන්නේ!!! 😎❤ වේර මාරි වේර මාරි!! 💥💥💥

  19. Ammo pisuwak aa mekm. Supiriyk kiyanna wacahan na.. Mara intresing.. Meke 2 ewi needa thansk sub eka genwata..

  20. අම්මෝ..කාලෙකින් එක තප්පරයක්වත් ස්කිප් නොකර බලපු හොඳම දෙමල ෆිල්ම් එකක්.❤️‍🔥සබ් එකට ගොඩක් ස්තූතියි පිටර් අංකල්.❤️

  21. Webrip walata set weida me sub.. danna kenek kiyannako

  22. Web Rip eka Release Una Neda… Ekata ikmanata hadala dennako sub eka.

  23. සබ් එක නම් සුපිරි …Site එකේ තිබිච්ච 1.8GB Video එකනම් අවුල් ඒක තැනින් තැනින් හිර වෙවි යන්නේ …

    • වීඩියෝ කොපි වලට අපිට වගකියන්න බෑ සහෝ..අපි ස්ට්‍රීම් කරන ඒවා නෙවෙයිනේ..🥲

  24. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login