The title of the page
Van Helsing Sinhala Sub
Van Helsing Sinhala Sub
6.2
91

Van Helsing S01E01 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

හැමෝටම ආයුබෝවන්! ඔන්න ආපහු තවත් අළුත් සබ් එකක් අරගෙන ආවා. මේ ගැන කියනවා නම් මේක  TV series එකක්,Van Helsing Sinhala Sub එහෙනම් ඔන්න මං මේකේ පළවෙනි සීසන් එකේ පළවෙනි කොටසට සබ් අරගෙන ආවා. ඇත්තෙන්ම මං මුලින්ම ස්තූති කරන්න ඕනේ මට මේ TV series ෂෝ එක කරන්න කියලා දුන්න දර්ශන හෙට්ටිවත්ත අයියට. එයා නිසා තමයි මට මේ විදිහට සබ් කරන්න පුළුවන් උනේ. ඒ හැම දෙයකටම ස්තූතියි දර්ශන අයියා. හරි මේ TV series ෂෝ එක ගැන කියනවා නම් මේක රේටින්ස්වල ඉහලින්ම තියෙන සුපිරි කතා මාලාවක්. මේක Syfy නෙට්වර්ක් එකේ තමයි විකාශය වෙලා තියෙන්නේ, ඒ වගේම IMDb අගය 6.2 අගයක් ගන්නවා. මේ කතා මාලාව සීසන් 04ක් යටතේ එපිසෝඩ් 52ක් තියෙනවා. මං පොරොන්දු වෙනවා ඒ එපිසෝඩ් 52ටම සබ් අරගෙන එනවා කියලා.

මේ කතා මාලාව ගැන කියනවා නම්, ලෝකයේ ආධිපත්‍යය දරන්නේ වැම්පයර්වරු, ඔවුන් මිනිසුන්ගේ පැවැත්ම කෙරෙහි විශාල බලපෑමක් එල්ල කරනවා. ඒ නිසාම වැම්පයර්ලා පාලනය කිරීමට වැම්පයර් දඬයම් කරුවන් බිහිවෙනවා. එම වැම්පයර් දඬයම් කරුවන් අතර සිටින ඒබ්‍රහම් වැන් හෙල්සිංගේ දියණිය වන වැනේසා හෙල්සිං වසර පහක් යනකම්ම කෝමා තත්ත්වයෙන් ඉදලා නැවත අවදි වෙනවා. ඇය සුවිශේෂී වැම්පයර් දඬයම් කරුවකු වෙනවා, එයට හේතුව වන්නේ ඇගේ ශරීරයේ තියෙන අද්විතීය රුධිර සංයුතියයි. ඒ තුලින් වැම්පයර්වරු ප්‍රතිශක්තීකරණය වෙලා ඔවුන් නැවත මිනිසුන් බවට පත් වීමට එම රුධිරය උපකාරී වෙනවා. එවැනි බලයක් ඇති වැනේසාහට ලෝකය වැම්පයර්වරුන්ගෙන් බේරගෙන ලෝකය පෙර තිබ්බ තත්ත්වයට පත්කිරීමට විශාල වගකීමක් පැවරෙනවා. කොහොම නමුත් මිනිසුන්ගේ අවසාන බලාපොරොත්තුව වෙන්නේ මේ වැනේසාය. අවසානයේ වැනේසාට මොනවා වෙයිද කියලා දැනගන්න ෂෝ එක අරගෙනම බලන්න.

ඇත්තෙන්ම කිව්වොත්, මේ කතා මාලාව නිර්මාණය කළ පිරිස ගොඩක් මහන්සි වෙලයි ඔබලාගේ රස වින්දනයට මේක නිර්මාණය කරලා තියෙන්නේ, මේකේ දක්ෂ නළු නිළියන් තමා රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. ඒ අය අතරින් වැනේසා හෙල්සිංගේ චරිතය (කෙලී ඕවර්ටන්)ද, ඇක්සෙල් මිලර්ගේ චරිතය (ජොනතන් ස්කාර්ෆ)ද, සෑම්ගේ චරිතය (ක්‍රිස්ටෝපර් හෙයර්ඩාල්) රංගනයෙන් දායක වෙලා තියෙනවා. තව විශේෂ දෙයක් කියන්න ඕනේ, මමත් ගොඩක් මහන්සි වෙලා, කාලය කැප කරලා මේ කතා මාලාවන්ට සබ් අරගෙන එන්නේ, ඒක නිසා පහළින් කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒක සබ් කරන අයට ලොකු හයියක්. අවසාන වශයෙන් මේ සබ් එක පලකරන සමිත සහෝටත්, දර්ශන හෙට්ටිවත්ත අයියාටත්, සිනෙරු ටීම් එකටත්, ඔයාලටත් ගොඩක් ස්තූතියි. මේ කතා මාලාවේ දෙවන කොටසෙන් නැවත හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

11 comments

  1. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    එලම එල. එනකල් බලං හිටියේ. ඔන්න එහෙනම් බාගෙන බලනවෝ. සතියට එක ගානෙවත් දෙනවා නම් ඉතින් පිං තමයි. 👍👍👍👍👍👍 මාරම සීරීස් එකක් හොඳේ මේක නම්. මාර කතාවක්. මට නම් ඩ්‍රැකියුලා අන්ටෝල්ඩ් ෆිල්ම් එක හැරුනාම මේ කැටගරි එකේ හොඳම එක මේ. ඉතින් ඔහේට ජයෙන් ජයම වේවා! සහෝ.💯% සුපිරියි.

  3. සබට තෑන්ක්ස් මචෝ..සීසන් හතරම ඕන..❤️

  4. සුපිරි වැඩක්.ස්තුතියි

  5. Chanaka thilanka
    Cineru Family Member

    ස්තූතියි ස්තූතියි ඉක්මනටම දෙවෙනි කොටසට සබ් අරගෙන එනවා ලබන සතියේ.

  6. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ටීවී සීරිස් එකක් නම් ඉතිං අතරමඟ නවත්තන්නෙ නැතුව ඊලඟ සබ් එකත් පුළුවන් ඉක්මනටම දෙන්න කියල තමා කියන්න තියෙන්නෙ 😉👊👊👊.. බලමු වෑන් හෙල්සින් ඩ්‍රැකියුලාට කොච්චර ආදරේද කියල 😃

  7. එලහ් දිගටම කරගෙන යමු

  8. aniwa aran waren okkoma sub tika medadi nawattanna epa. api iwarai ehema unoth. onna ehenam balanna patan gannawa macho.

  9. Chanaka thilanka
    Cineru Family Member

    අනිවාර්යයෙන්ම මග නවත්වන්නේ නැතිව සබ් දෙනවා හැමෝටම ස්තූතියි කොමෙන්ට් හලාගෙන ගියාට.

  10. thank you brother, thawa episodes 3k enna teyanawane da?

    • චානක තිලංක
      Cineru Family Member

      මේ වෙනකොට සහෝ මං පළවෙනි සීසන් එකට සබ් දීලා ඉවරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login