The title of the page
Transformers War For Cybertron Trilogy S02 - Earthrise (2021) Complete Season 02 Sinhala Subtitles
Transformers War For Cybertron Trilogy S02 - Earthrise (2021) Complete Season 02 Sinhala Subtitles
7.4
90
90

Transformers War For Cybertron Trilogy S02 – Earthrise (2021) Complete Season 02 Sinhala Subtitles | ක්වීන්ටෙසාට එරෙහිව ප්‍රයිම්! | සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනේ කිව්වා වගේම මම ම 2020 අගෝස්තු මාසේ ගෙනාව කතාවක දෙවනි කොටස අරන් ආවා. මේක සුපිරියක් කියලා බලපු අය දන්නවා.👉 මෙතනින් ගිහින් සීසන් 01 බැලුවේ නැති අය බලලම එන්න. මොකද මේකේ සීසන් 03ක් තියෙයි. ඒවා එකකට එකක් සම්බන්ධයි. ඒ වගේම මේ සීසන් එක ගැන අදහසක් ගන්න ඔයාලා👉 මෙතනින් ගිහිල්ලා මේ සිංහල උපසිරැසි එක්ක තියෙන ට්‍රේලර් එකත් බලලම ඉන්න. ඉතින් 2020 දෙසැම්බර් 30 නිකුත් වෙච්ච මේක නෙට්ෆ්ලික්ස් කතා මාලාවක්. උඩ☝ පේනවනේ ඉතින් රේටින් එහෙම. බය නැතුව අරන් බලන්න පුලුවන් කතා මාලාවක් තමයි අද අරන් එන්නේ මම. ඒ වගේම මේ කතා මාලාවත් එක්ක උපසිරැසි 180😱 පහුවෙනවා මම. ඉතින් ලබන මාසේ ඇතුලත මට 200 කඩයිමට එන්න පුලුවන් වේවි කියලා වගේම මගේ The Expanse සීසන් 01 ඉවර කරන්නත් පුලුවන් වෙයි කියලා හිතනවා.

මේ කතා මාලාව ඊලඟට එන ලයිව් ඇක්ශන් ට්‍රාන්ස්ෆෝර්මර් ෆිල්ම් එක වන රයිස් ඔෆ් යුනිකෝර්න් එකටත් සම්බන්ධයි කියලා කියවෙනවා. ඒ වගේම අපි නොදැන හිටපු ට්‍රාන්ස්ෆෝර්මර්ලාගෙ ලෝකේ උන යුද්ධය ගැනත්, අර ලාස්ට් නයිට් එකේදී අපි දැක්ක නපුරු ක්වීන්ටෙසා හෙවත් සයිබර්ට්‍රෝනියානුවන්ගේ නිර්මාණකරු ඔච්චර දුෂ්ට උන හැටිත් පෙන්නන්නවා. ඒ වගේම මෙගට්‍රෝන් ගැන අපි නරක විදිහටමනේ දැක්කේ මෙච්චරකල්, ඒත් මේකෙන් අපිට පොඩි තල්ලුවක් දෙනවා මෙගාට්‍රෝන් නරක් උනෙත් සමාජයේ වැරදිත් නිසයි කියලා. ඒ කියන්නේ එයා නරක කෙනෙක් තමයි, හැබැයි ඔච්චර නරක් උනෙත් ප්‍රයිම් සහ ඔටෝබොට්ලා කරන දෙයක් නිසාද කියලත් හිතෙනවා. කොහොම උනත් අපි නොදැකපු, ඊලඟ ෆිලුමෙන් දකින්න පුලුවන් සෑහෙන අලුත් රොබෝවරු පිරිසක්ම මේකේ ඉන්නවා. ඒ වගේම අපේ වීරයා ප්‍රයිම් ක්වීන්ටෙසාගේ හිරකාරයෙක් වෙනවා. හොඳම දේ තමයි අපේ හුරුබුහුටි බම්බල් බී ට කතා කරන්න පුලුවන් මේකෙදී. කොහොමෞනත් හැම කතාවක්ම හොඳ විදිහටම ඉවර වෙන්නේ නෑ නේ. ඒ වගේම මේකේ අවසාන ටිකේ අපේ ලෝකෙත් පෙන්නනවා. හැබැයි වෙනස්. ඔයලට මතයි නම් එහෙම කොටසක් තිබ්බා “ට්‍රාස්න්ෆෝර්මර්ස් ඒජ් ඔෆ් එක්ස්ටින්ශන්” එකේ. ඔයාලටත් ඉතින් මේකේ අවසානය කොහොමද කියලා අරන්ම තමයි බලන්න වෙන්නේ. මේකේ අවසාන එපියේ, අවසානම ටිකේ තමයි වැදගත්ම ටිකක් තියෙන්නේ. අරගෙන බලන්න වගේම නොමිලේ අපි වෙනුවෙන් ඔයාලට පුලුවන් එකම දේ තමයි “කමෙන්ට් එකක්” ලියන එක. ඉතින් එකක් ලියන් යන්න.

අපේ සිනෙරූ ටීම් එක දැන් ඉතින් ඉතා වේගෙන් සබ් දෙන ගමන් ඉන්නේ. CINERU එකට මාව සම්බන්ධ කරපු සමිතේ සහෝ, අසේන් මල්ලි, මධුවා මල්ලි ඇතුලු ඇඩ්මින් මඩුල්ලට වගේම,👉 චානක තිලංක සහෝටත් ගොඩක් ස්තූතියි ඉතින් දෙන සපෝර්ට් එකට. ආ ඔන්න කොල්ලා කිව්වා මේ ලිපියේ දාන්නම කියලා එයා“තනිකඩයි” කියලා. ඔන්න හරිනේ චානක සහෝ? 😀😀😀 ඒ වගේම ඉතින් මගේ ජීවිතේ සබ් කරන්න පටන් ගත්තේ මගේ සදහම් හෙට්ටිවත්ත පුතා සහ ලක්ෂ්මී නෝනා නිසයි. ඉතින් අදටත් එයාලා දෙන්නේ මාරම හයියක් තමයි මේකට. මාව හොඳින් තේරුම් ගත්ත බිරිඳක් ලැබුනේ නැත්නම් සබ් 180ක් අඩු වෙන්න තිබ්බා සයිට් එකෙන්! ඉතින් ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටත්. ඒ වගේම කාලෙකින් සයිට් එක දිහාවට ආවේ නැති හශාන් සහෝ, කාන්ත ඩී එල් ඒ, සුපුන් සහෝ, සස්සා වගේ නම් නොකියවුනු හැමෝටමත් ගොඩක්ම ස්තූතියි. මොකද ඔයාලා නිසයි අපිට උපසිරැසි අඩවියක් කරගෙන යන්න හයිය ලැබෙන්නෙත්. ඉතින් එහෙනම් හැමෝටම බුදු සරණයි!🙏 සදහම් සරණයි!🙏 සඟ සරණයි!🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

17 comments

  1. තෑන්ක්ස් මචාන්

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි කමෙන්ට් එකට සහෝ 🌻

  2. බොහෝම ස්තූත්‍යි උපසිරැසියට..!

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි කමෙන්ට් එකට සහෝ 🌻

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි කමෙන්ට් එකට සහෝ 🌻

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියි දර්ශන අයියෙ 🙂❤️.. site එක පැත්තෙ එන්නෙ නැතුවත් නෙවෙයි එනවා 😉😎

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හශාන් සහෝ ස්තූතියි කමෙන්ට් එකට සහෝ 🌻

  5. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    එලම දර්ශන අයියේ..💚

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි ස්තූතියි , ඔයාත් ඉතින් වැඩ්ඩෙක් තමයි. හැම වෙලේම උදව් කරනවට ස්තූතියි 🌻

  6. supirima supiri ayye

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝගොඩාක්ම

  7. චානක තිලංක
    Cineru Family Member

    හා හා අපි තනිකඩයි තමයි ඒක මං එහෙම කිව්වේ නෑනේ නේද, ෂා ෂා මරු හොදේ සබ නම් පට්ට බොහොම ස්තූතියි මාව මේ විදිහට මතක් කලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥😍😍😍😍👊👊👊👊👏👏👏👏👏👌👌👌👌👍👍👍👍

  8. නුවන් මානගේ

    බොහොම ස්තූතියි සහෝදරයා සබ් එකට.. සීසන් 03 වලටත් සබ් දෙමු.. බුදු සරණයි

  9. සබ් එකට තෑන්ක්ස් සහෝ බුදු සරණයි

  10. තෑන්ක්ස් සහෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login