The title of the page
7.6
100

Transformers War For Cybertron Trilogy (2020) Complete Season 01 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

(Transformers War For Cybertron Trilogy 2020 Sinhala Sub) අපේ මේ පෘතුවියේ කොයි තරම් නම් වතුර තියෙයිද? ගහකොළ, සතුන්, ස්වබාවික සම්පත් කොයි තරම්ද? ඒත් මේ අඩි හයක් උස මිනිස්සු නිසා කොයි තරම් ඉක්මනට ලෝකේ විනශය කරා යනවද? මෙතනින් ගිහිල්ලා ඇස් දෙකෙන්ම බලා ගන්න ඔයාලා. ඉතින් අඩි සිය ගනන් විශාල යාන්ට්‍රික ජීවීන්ට කොයි තරම් සම්පත් පිරිවැයක් යනවා ඇතිද? අනික බලයට කොයි තරම් ආශා ඇතිද? මෙ වර්ග කිලෝමීටර 65000ට වඩා ටිකක් තියෙන රටේ ලොකු පුටු අතාරින්න බැරිව ඉන්න මහල්ලොම කීයක්ද? පොඩි කණ්ඩායමක නායකකම අතාරින්න බැරි මහල්ලොම කොයි තරම්ද? ඊලඟට ඒ තැන්වලට එන්න කොයි තරම් වලි කන පිරිසක් ඉන්නවද? අවුරුදු 30ක් අපි කෑලි කෑලි කැඩිලා මරාගත්තේ මේ බලයට තියෙන ආශාව නිසා නේද?

2020 ජූලි 30 රිලීස් වෙච්ච එකක් තමයි මේ ගෙනාවේ. උණු උණුවෙම බලන්නයි තියෙන්නේ කට්ටියටම ඉතින්.

ඉතින් ඔන්න අපි දැකලා අපිට හුරු පුරුදු ට්‍රාන්ස්ෆෝර්මර් කට්ටියගේ එයාලගේ ලෝකයේ ඇති උන ප්‍රශ්නය අපි දැකලා තිබ්බේ නෑනේ. ඔන්න නෙට්ෆ්ලික්ස් ලා ඒ කතාව ගෙනල්ලා. එයාලගේ කතා ගැන මොනවා කියන්නද ඉතින්! පට්ටම ලස්සනයි. අපිට අර ලාස්ට් නයිට් එකෙන් ප්‍රශ්නයක් ආවා නේද ඔප්ටිමස් එක්ක ගහගන්න තරම් හයියක් බම්බල් බීට ආවේ කොහොමද කියලා? අන්න එකටත් උත්තරේ මේකේ තියෙයි.

එතකොට කොහොමද මුන් ටික ඒ ප්‍රශ්නේ අපේ පොලවට ගෙනාවේ? එයාලගේ ලෝකෙට මොකද උනේ? ඔයාලා බලලම ඉගෙන ගන්න. මාර වටින අදහස් ටිකක් තියෙනවා මේකේ. ට්‍රාන්ස්ෆෝර්මර්ස් පළමු ෆිල්ම් එකට සම්බන්දෙකුත් නොපෙනී පෙනී යනවා. ඊලඟ ලයිව් ඇනිමේශන් එකේ කතාවේ මොනවා තියෙයිද කියන එකටත් ඉඟියක් තියෙනවා. මරුම තමයි ඉතින්.

මට විශ්නුක මිහින් කියලා මල්ලි කෙනෙක් මේල් එකක් දාලා තිබ්බා. මාරම කතාවක් කියල තිබ්බේ. හිතට ෆුල් ෆිට්. ගොඩාක් ස්තූතියි මල්ලී. හැමවෙලේම අපේ සිනෙරූ එකේ පදිංචිවෙලා ඉන්න සුපිරි කොල්ලා හශාන් සහෝ ඔයත් ඉතින් අපේ හයිය තමයි. ස්තූතියි හොඳේ. තව මතක් නොකරපු ගොඩක් අය ඉන්නවා අපේ රසිකයෝ. ඒ හැමෝවම ඉදිරි කතා මාලාවල මතක් කරන්නම්. අනික හැමෝගෙම කමෙන්ට්වලට මම පිළිතුරක් දානවමයි. ඒවත් බලන්න ඉතින්. ඒ වගේම මගේ යූ ටියුබ් චැනල් එකට මෙතනින් ගිහින් බලන්න. මට ඊමේල් එකක් දානවා නම් මෙන්න මේ තැනින් ඇවිත් ඊ මේල් එකක් එවන්න.

මේකේ සබ් හයක් තියෙයි. ඔක්කොම මේ වෙනකොට තිහක් විතර සබ් දාලා තියෙයි.2020 අප්‍රේල් 19 තමයි මගේ සබක් මුලින්ම පල උනේ. ශර්ලොක් හෝම්ස් මහත්තයාගේ කතාවකින්. මටම පුදුමයි ඒ ගැන. මේකෙන් පස්සේ ඔන්න ආයේ අර හොල්මන්, මන්තර, වවුල් මිනිසා, අහස් යානා, අපේ ලෝකය එහෙම පටන් ගන්නවා. මේ තමයි මම සීසන් එකක් සම්පූර්ණයෙන්ම එකපාර දෙන පළවෙනි වතාව. තව හිතන් ඉන්නවා කොහේවත් නොදීපු මාර්වල් ෆිල්ම් ටිකක් තියෙයි, ඒ ටිකට සබ් දෙන්න කියලා. බලමුකෝ.

අංජුල උමේශ් මල්ලි, සමිත රමේශ් මල්ලි, චානක තිලංක මල්ලි දැන් මට සහෝදරයෝ වගේ. නිතරම මැසේජ් එකක් වත් එවනවා. ගොඩාක් පිං ඔයාලා හැමෝටම මේ දෙන සපෝර්ට් එකට.

මේ සීරීස් එක 2020 ආව එකක්. සීසන් එකයි තාම ආවේ. ඊලඟට සීසන් දෙකේ එක එපියක් හරි ආවොත් සබ් එක දෙන්නම්. පලවෙනි වතාවට ඕං අපි තමයි මේකේ සබ් එක දුන්නේ. අරං බලන්න කට්ටියම. හරි රසයි මේක. රේටින් එහෙමත් හොඳයි. මගේ සාලෙම් සීරීස් එක ගියපු නාලිකාවෙමයි මේකත් ප්‍රචාරය වෙලා තියෙන්නේ. කෙටියෙන්ම කිව්වොත් ලස්සන, හරවත්, පුදුමාකාර සීරීස් එකක්. අරං බැලිය යුතුම එකක්.

ආයෙත් එහෙනම් දවසක හමුවෙමු. කට්ටියට බුදු සරණයි, සදහම් සරණයි, සඟ සරණයි! කියලා ප්‍රාර්තනා කරනවා. මේ සබ ගැන සමිත සහෝයි, අංජුල සහෝයි මගෙන් සිය වතාවක් විතර අහලා අහලා මැසේජ් ගොඩක් එවලා තිබ්බා. ඉතින් ස්තූතියේ ලොකුම අයිතිකරුවෝ ඔවුන් තමයි. ස්තූතියි හැමෝටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

23 comments

  1. transformers කියන්නෙ ගොඩාක් ආසාවෙන් බලපු ෆිල්ම් සෙට් එකක් මේකත් ඒ වගේම සුපිරියට ඇති කියලා හිතෙනවා .බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන සහෝ සබ් එකට වගේම ලිපියෙ මාවත් මතක් කරාට 😊👊👊..
    ජය වේවා.! 💪💪

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    complete season එකම දීලා තියෙන්නෙ නේහ් සුපිරිම ඈ බලාගෙන බලාගෙන යන්න තමා තියෙන්නෙ 😉👊👊❤️

  4. ලසන්ත ප්‍රදීප්

    කොහෙන්ද ඩවුන්ලෝඩ් කරන්නේ.ඔයාලගෙ උඩ තියෙන වෙබ් එක වැඩ නෑනි.

  5. එහනම් kat.rip ටොරන්ට් සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

  6. superb

  7. පට්ටම වැඩක් අයියා..❤️

  8. චානක තිලංක

    කිව්වා වගේම පට්ට මේක නම් අරන් බලන්න හිතෙන ෂෝ එකක් මරු ආ බොහොම ස්තූතියි සබ දුන්නට.

  9. Thanks kollo

  10. ඩවුන්ලෝඩ් නම් සැපට. කමෙන්ට් ටිකක් අඩුයි නේ
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  11. මේකේ සීසන් 2 ආව බ්‍රෝ complete ඒකෙ සබ් එකත් දෙන්නකෝ….

  12. Thanks aiiye.Jayama wewa…….❤️🌹

  13. S03 awa wkatath ikmanata oni

  14. තෑන්ක්ස් සහෝ සබ් එකට ඉස්සරහටත් මේවගේ සුපිරි සීරියස් වලට සබ් ගේන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login