The title of the page
Our Planet S01 2019 Sinhala Sub
Our Planet S01 2019 Sinhala Sub
9.3
97

Our Planet S01E01 (2019) Sinhala Subtitles |අපි නොදුටු අපේ ලෝකය| සිංහල උපසිරැසි සමග

මිනිස්සු ලෝකය වෙනස් කරාලු නේද? ඔව් ඒක ඇත්ත. වෙනස් කරලා. හැබැයි කොයි විදිහටද? අපි නොදියුණු කාලේ හිටියට වඩා දැන් ලෝකය හොඳයිද? මිනිසාගේ පැවැත්ම තහවුරුයිද? සත්තුන්ගේ? ගහකොලවල? ගංගා, මුහුදුවල? හිම කඳුවල?

මම සිංහලයෙක්. ඒ වගේම බෞද්ධයෙක්. ඒක හින්දා මං දන්න විදිහට මෙහෙම කියන්නම්. සිංහලයන්ගේ ශ්‍රේෂ්ටතම නායකයා තමයි රාවනා රජතුමා. එතුමා රාමා එක්ක යුද්ධ කරද්දී ඒ කාලේ තිබ්බාලූ න්‍යශ්ටික ආයුධවලටත් වඩා බලවත් ආයුධ. ඒත් යුද්ධේ පැරදීගෙන එනකොටත් එතුමා කිව්වාලු, “ඕවා පාවිච්චි කරන්න එපා, ලෝකෙන් බාගයක්ම විනාශ වේවි. ගහකොල, සතා සීපාවා, අනිත් මිනිස්සු යුද්ධෙට පලි නෑ” කියලා.
එතකොට මං දන්න තුන් ලෝකෙම මහා පුරුෂයා තමයි අපේ බුදු හාමුදුරුවෝ. ඉතින් එතුමාගේ උපත, බුදු වීම, පිරිනිවන් පෑම කියන තුනම උනෙත් ගසක් යට. වැසි කාලෙට ඇවිදින්න එපා කිව්වා හාමුදුරුවරුන්ට ගහකොල පෑගිලා වීනාශවෙන නිසා. ඉතින් සිංහල බෞද්ධයෙක් විදිහට මට, ඒ වගේම අනිත් හැමෝටමත් සොබාදහම පණවගේ වෙන්න ඕනේ කියලයි මං පුද්ගලිකව හිතන්නේ.
ඒ වගේම අනිත් ආගමික නායකයින් කිසිම කෙනෙක්වත් පරිසර විනාශය අනුමත කරලා ඇති කියලා මං හිතන්නේ නෑ.
ඉතින් අපි මේ දියුනුව කියලා අවුරුදු 500ක් 600කට වඩා පරණ ගහකොල කපාදාලා කරන විකාරය මොකක්ද කියලා ආයේ හිතන්න වේවි. වැලි හොරු, කැලෑ හොරු වගේ එක එක විදිහේ සොබාදහම් විනාශකරන්නෝ වැහි වැහැලා. අපිව පාලනය කරන්නෙත් ඒ වගේ (සමහර)මිනිස්සු. දියුණුව කියන්නේ කැලෑ කපන එක නෙවෙයි කියලා අපිට තේරෙනකොට අපි ප්‍රමාදයි නෙවෙයි! දැනටමත් අපි ප්‍රමාදයි කියලා මේ සීරීස් එක බැලුවාම තේරේවි. ඉතින් බලන්න, හිතන්න, ගන්න ඕනේ පියවර දැන්ම ගන්න.
අපි මේ පෘතුවියේ නොදැකපු දේවල් කොච්චරද? මේකේ තියෙන ලස්සන කොයි තරම්ද? මේහැමදේම දකින්න, විඳින්න අපි නොදැකපු අත්දැකීමක් ලබන්න ඔයාලට ආරාධනය කරනවා. මගේ ආදරණීය බිරිඳ, පුතා ආදරෙන් මතක් කරනවා. මේ මොහොතෙත් තේ එකක් උස්සන් ආවා. සමිත සහෝ, ඔයාටත් ස්තූතියි. චානක සහෝටත්.
මගහැර ගන්න එපා. ලස්සනම ලස්සන දර්ශනටිකක් මේකේ තියෙනවා. මේකේ මම මගේ උපසිරැසි ක්‍රමය ටිකක් වෙනස් කරා. මටත් ඒක නුහුරුයි වගේ. ඒත් මේ කතා ස්වභාවය අනූව ඒක හොඳයි කියලා හිතුනා.
එහෙනම් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

7 comments

  1. Hashan M.
    Top Fan ⭐⭐⭐

    හම්මෝ documentaryයක් 😍❤👊👊.. බොහොම ස්තුතියි දර්ශන සහෝ ලිපියත් සුපිරි සබ් දීපු series එකත් සුපිරි සබ් එකත් සුපිරි.. මේක documentary series එකක් නිසා වැටෙන comment ප්‍රමාණයයි downloads ප්‍රමාණයයි අඩුවෙන්න පුළුවන් බ්‍රෝ සත පහකට ගනන් ගන්න එපා වටිනාකම දන්න අය download කරගනී 👊👊.. දැන් ගොඩ දෙනෙක් පොත් කියවන්න අකමැතියි ඒ වගේ අයට මේ වගේ documentary series එකක් බලල සාමාන්‍යයෙන් සෑහෙන දැනුමක් ලබා ගන්න පුළුවන්

  2. samitha
    Cineru Family Member

    එක පට්ට සහෝ බලන්න පටන් ගන්නවා

  3. මගෙත් favorite ම සීරීස් ඔක්කොම documentary තමා
    සුපිරී දිගටම දෙමු

  4. සබ් එක වැඩ කිරීමේ අවුලක් නම් ඊමේල් කරන්න
    [email protected]

  5. niyamai saho.digatama documentary denna

  6. මේකෙන් පස්සේ එනවා ඩයිනසෝරයෝ ටිකක්! ඔහොම යමුකෝ. මේකේ එපි තුනක් විතර එක දිගට දෙන්නයි අදහස

  7. චානක තිලංක

    නියමයි ආ මේ ෂෝ එකට සබ් හොය හොය හිටියේ සබ දුන්නට ස්තූතියි, හැමෝම අරන් බලන්න, බලන්න වටින ෂෝ එකක් සබත් මරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login