The title of the page
8.7
97

The Veil (2021) E10 Sinhala Subtitle | ” සැබෑ ඝාතකයා ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම. !
කොරියානු කතා මාලා වලට ප්‍රිය කරන අපේ යාලුවො වෙනුවෙන් අදත් මං අරන් ආවේ Spy / Action / Thriller කාණ්ඩයේ සුපිරිම කොරියන් ඩ්‍රාම එකක්.පොඩ්ඩක් පරක්කු වුනා මොකද අවුල් ගොඩක් එක්ක තමා මේ ඩ්‍රාම එක ආවේ.ඒව පස්සෙ කියන්නම්.

The Veil ලෙසින් ඉංග්‍රීසි නම් ලබපු මෙය කොරියානු බසින් ( 검은 태양 ) Geom-eun Taeyang එනම් Black Sun කියන අර්තය තමා ලබා දීල තියෙන්නෙ.MBC නාලිකාව හරහා විකාශනය වන මේ ඩ්‍රාම එක එපිසෝඩ් 12 කින් සමන්විත එකක්.ඉතින් Vagabond , K2 , Kill it වගේ සුපිරි ඇක්ෂන් ඒව බලපු අයට කාලෙකින් ආව ආසාවෙන් බලන්න පුලුවන් ඩ්‍රාම එකක් තමා මේක.විකාශනය ආරම්භ කලේ පසුගිය සිකුරාදා.ඒ වගේම සෙනසුරාදාත් විකාශනය වෙනවා.මේක අධ්‍යක්ෂණය කරන්නේ Kim Sung-yong විසින්.ඒවගේම කියන්න ඕන මේක හයි බජට් ඩ්‍රාම එකක්.ඇමරිකානු ඩොලර් මිලියන 13.7 ක් පමන වියදම් කරල තමා මේ ඩ්‍රාම එක නිපදවෙන්නෙ.ඉතින් ඔයාලට හිතාගන්න පුලුවන් නෙහ් තරම එතකොට.

ඩ්‍රාම එකේ Cast එක ගැන කතා කරනකොට ප්‍රධාන චරිත තුනක් දැකගන්න පුලුවන්.

• Namgoong Min – හන් ජි හ්යුක් ලෙස
• Park Ha Sun       – සේ සෝ යොන් ලෙස
• Kim Ji Eun          – යූ ජේ ඊ ලෙස

ප්‍රධාන නලුව විදියට මේ Namgoong Min මේ මෑතක ආව Awaken ඩ්‍රාම එකෙත් හිටියනෙ.බලන්නකො ඔහු කොයි වගේ වෙනසක් මේ ඩ්‍රාම එක වෙනුවෙන්ම කැපවෙලා ඇති කරගෙනද කියලත්.

හරි මම කතාව පොඩියට මතක් කරන්නම්.කට්ටියටම ෆ්‍රෙෂ් එකේ බලන්න තියෙන්න එපෑ.පටන් ගැන්මෙම වෙරලාරක්ෂක බලකායෙන් නැවක් වටලනව.ඒ නැවපුරාම ලේ පාරවල්.මිනිස්සු සී සී කඩ වැටිලා.ඇග හැමතැනම ලේ තැවරුනු කොන්ඩෙ වවාගත්ත හාදයෙක් එලියට එනවා.ඉතින් ඔහොම මුල් පොඩ්ඩ පටන් ගන්නව එක්කම සුපිරි ඇක්ෂන් ටිකක් එහෙම බලාගන්න පුලුවන්.තව ස්ටෝරිය කියෝල කුතුහලය නැති කරන්නෙ මොකටද.අර එලියට ආව පොරගෙ හැමදේම ටිකෙන් ටික ඔයාට හෙලි වෙයි.ඒක හෙලි කරගන්න නම් අද ඉදන් අපි එක්ක ඉන්න වෙයි.

හරි එතකොට මොනවද මං කිව්වෙ අව්ල් වගයක් හින්දා පරක්කු වුනා කියලා.ඒවා තමා මේවා.සාමාන්‍යයෙන් සුපිරිම ඩ්‍රාම අපි WEB DL / HDTV-RIP කොපි දෙකටම දෙනව කියල දන්නවනේ.ඉතින් අපි එහෙම හිතං හිටියට WEB කොපිවල කොලිටියෙ අව්ල් වගේම ඉංග්‍රීසි සබ් එකේ අඩුපාඩුත් තිබ්බ.පොඩ්ඩක් විතර ධාවන කාලයත් වැඩී.නමුත් සබ් එක එහෙම ලයින් අඩුයි.අනිත් දේ තමා මේ ඩ්‍රාම එකේ ටිකක් ධාවන කාලය වැඩිකරපු uncensored වර්ශන් එකකුත් එනවලු.ඉතින් අපි බැලුව ඕකට සබ් දෙන්න.බැලින්නම් ඒකත් එන්නෙ සම්පූර්ණ ඩ්‍රාම එක ඉවර වෙලාලු.ඉතින් මොනා කරන්න ද අවසානෙ තීරනේකට ආව HDTV-RIP වලට කරල දෙන්න.හැබැයි අපි අර Uncensored වර්ශන් එක ගැනත් විමසිල්ලෙන් ඉන්නම් අන්තිමෙ.

හරි එහෙනම් දැන් ඉතින් හැමෝටම තියෙන්නෙ සබ් එකත් දාගෙන බලන්න තමයි.මේකෙ දෙවනි කොටසත් අපේ ප්‍රියශාන් මලයා ඉක්මනට ගෙනෙයි.පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න.එහෙනම් අද ඉදන් මේ සුපිරි ඩ්‍රාම එක බලන්න අපි එක්ක අත්වැල් බැදගන්න ඒ වගේම අපේ අනිත් ඩ්‍රාමත් බලන්න Lovers of the Red Sky , Hometown Cha Cha Cha , ඔන්ගොයින්ග් ඩ්‍රාම වගේම Squad Game මේ ලගදි ආව Netflix එකත් දෙනව එකත් සුපිරි කියල තමා ආරංචිය.අනිත් ඔන්ගොයින්ග් නොවෙන ඒවත් බලන්න

ඉතින් ඩ්‍රාම එක බලන්න කලින් කාටහරි Trailer එක බලන්න ඕනනම් ඒකත් සිංහල උපසිරැසි එක්ක පහලින් දාන්නම්.පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න.

ඔබට ජය !

The Veil (2021) Trailer With Sinhala Subtitle

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

7 comments

  1. Thank You Saho!👍👌

  2. elama

    1 1 / 12 th oni kollo

  3. ගොඩක් ස්තූතියි.
    ” Secret Royal Inspector Joy ” එකේත් ongoing සිංහල උපරැසි දෙන්න.
    මම බලාගෙන ඉන්නවා.😊😊😊

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Shehan Sachintha
    Cineru Family Member

    තෑන්ක්ස් මදුවෝ සබට💪😍🤩

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login