The title of the page
The Unknown Woman (2006) Sinhala Subtitles
The Unknown Woman (2006) Sinhala Subtitles
6.4
68
89

The Unknown Woman (2006) Sinhala Subtitles | “යුක්රේන ජාතික කාන්තාවක්” | සිංහල උපසිරැසි සමඟ (18+)

                                  “ෆිල්ම් එකක් කවදාවත් පිටකවරෙන් මනින්න එපා”

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ම මගේ 6 වෙනි උපසිරැසිය මේ විදිහට ඔයාලට අරන් ආවා.. හැමදාමත් අපේ උපසිරැසි බොහෝදුරට  ඉංග්‍රීසි , ඉන්දියානු , කොරියානු ඒකාධිකාරයට යට වෙලා තිබ්බ නිසා අපිට මඟහැරැන යුරෝපයේ,  මැදපෙරදිගින් හා අප්‍රිකානු රටවල් වලින්  බිහිවූ අති විශිෂ්ඨ Mystery / Thriller ගණයට අයත් වෙන නමුත් තවමත් බහුතරයක් දෙනා සැලකිල්ලක් නොදක්වන හා සිංහල උපසිරැසියක් මේ ⁣වනතුරැ නිකුත් නොවිච්ච  සිනමා කෘතීන් ටිකක් ගෙන්නයි මම වැඩියම උත්සහ කරන්නේ.ඉතින්  ඒකේ තවත් ප්‍රථිපලයක් විදිහට තමයි අද අපි ටිකක් යුරෝපයේ ඉතාලිය පැත්තට යන්න හිතුවේ..🌍

ඉතින් අද අරන් ආවේ ඉතාලියේ බිහිවූ 2006 ඔක්තොම්බර් 20 වෙනිදා තිරගත වුන  යුරෝපයේ මෙන්ම ලොව පුරා පෙරලියක් ඇති කරපු තවත් අති විශිෂ්ඨ සිනමාවක්.. ඉතින් මේක ගැන කිව්වොත් මේක අපිට Drama/ Thriller /Mystery කියන ගණයන්ට වලට තමයි අයත් වෙන්නේ..තව දෙයක් ඔයාලා දන්නවා නේ  ඉතාලි ෆිල්ම් වල ඉතින් අමුවෙන්ම සේරම කැත නැතුව පෙන්නන නිසා මේකත් 18+ කැටගරි එකට තමයි වැටෙන්නේ.. දරැවොත් එක්ක බලන්න පුලුවන් කතාවක් නෙමෙයි..  ඒ වගේම මේක IMDB 7.4 කුත් / Rotten Tomatoes 68% කුත් / Google පරිශිලක 88% කුත් ගත්ත සුපිරි ෆිල්ම් එකක් කිව්වොත් හරි..  ඒ වගේම මේක ඉතාලියේ / යුරෝපා සංගමේ / නෝර්වේ / රුසියාවේ  වගේ රටවල් වල සහ සංගම් වල සම්මාන 26කට නාමයෝජනා දීලා ඒකෙන් සම්මාන 21 ක් ම ලබාගන්න සමත් වෙලත් තියනවා.  මේක ටිකක් ඇත්තටම  අනුවේදනීය කතාවක් කිව්වොත් නම් හරි… මටත් මුලදි නම් මේකේ ගතියක් තේරුණේ නෑ .. හැබැයි විනාඩි 30 විතර යද්දි අමුතුම කතාවක් මේකේ එලියට එන්න ගත්තා.. අවසානය වෙනකම් බැලුවට කිසිම පාඩුවක් වුනේ නැහැ.. වෙන්නෙත් නෑ කියලා වගකීමෙන් කියනවා..😍😍

වැදගත් :

ඒ වගේම සබ් එක ගැන ගත්තොත් මේකේ English Sub සිංහලට පරිවර්තනය කරන එක නම් මෙලෝ තේරැමක් තිබ්බේ නෑ.. මොකද English Sub එකේ තිබ්බෙම බයිලා , කියන දේ නෙමෙයි English එකේ තියෙන්නේ.. ඉතින් මට ලාවට විතර  ඉතාලි භාශාව පුලුවන් නිසා ඒ දැනුමත් එකතු කරලා අඩු වැඩිය දාලා Original ඉතාලි Sub එකයි English එකයි Mix කරලා තමා හැදුවේ..Sub එකේ ප්‍රශ්නයක් තිබ්බොත් කොතනක හරි ඒකටත් සමාවෙන්න.. මේකත් කලින් ස්පාඤ්ඤ එක වගේ ටිකක් දරුණු සබක් වුනා..😁

කතාව පැත්තට ගියොත් අපිට බලාගන්න පුලුවන් යුක්රේන ජාතික කාන්තාවක් රස්සාවක් බලාපොරොත්තුවෙන් ඉතාලියට එනවා.. මෙයා රෝමයේ හොද ගෙවල් කොච්චර තිබ්බත් මෙයා ගන්නේ ගොඩක් පරණ , වාහනයක් ගියත් හෙල්ලෙන බිල්ඩිමක තියන පරන එපාර්මන්ට් එකක් මයි.. ඒකට හේතුව මොකද්ද කියලා බලන්න ඔයාලම..ඒ වගේම මුලදිම වගේ ඔයාලට පෙනෙයි යුරෝ ලක්ෂ ගානක් සිවිලිමක් උඩ තිබිලා වැටෙනවා, කුණු ගොඩක් හාරද්දි දෙයක් හම්බවෙනවා, ගණිකාවන්ට වද දෙන දර්ශන කිහිපයක්… ඔය වගේ ලොකු ප්‍රෙහෙලිකාවක් මුලදි අපිට පෙන්නනවා.. මේ කතාව තේරැම් ගන්න පුලුවන් වෙන්නේ අපිට අවසාන විනාඩි 20 වගේ ඇතුලත.. වැඩිය මම කියන්න යන්නෑ.. අරගෙනම බලන්න කොහොමද කියලා.. මගේ කලින් සබ් එක වුන Hunting season 2010 එක බලපු කෙනෙක් නම් ඒ විශ්වසය තියලා මේකත් අරන් බලන්න..😎😎💚

එහෙනම් ආයමත් මේ වගේම වෙනස්ම චීස් කෑල්ලකට සබ් එකක් අරන් ආය හම්බවෙනකම් ජයෙන් ජයම වේවා!! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරක ලහිරු මධුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරක ලහිරු මධුශාන්

July 7, 2023


20
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තාරක ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Godak sthuthiiii…hoda film walata sub dena ekata….

  3. ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  4. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Thanks jayawewa….!

  6. Thanks a Lot Lahiru

  7. Filuma ganne kohenda?

    • මේ සයිට් එකේම ඩවුන්ලෝඩ් කරගන්න දීලා තියෙන්නේ.

  8. හැමෝගෙම සියලුම අදහස් වලට බොහොම ස්තුති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login