Arlington Road (1999) Sinhala Subtitles
Arlington Road (1999) Sinhala Subtitles
7.2
63
84

Arlington Road (1999) Sinhala Subtitles | “මයිකල් ෆැඩ්රේ” | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් කියලා පිලිගන්නවා තවත් English මාස්ටර් පීස් එකක් බලන්න ආපු ඔයාලව..මේක නම් අපේ ගොඩක් අය සබ් එකක් දෙනකම් බලන් හිටපු 90 දශකයේ බිහිවුන තවත් සුපිරි කතාවක් කියලා කියන්න පුලුවන්.. මම ම පුද්ගලිකව තැන් තුන හතරකම දැක්කා අපේ Web සයිට් එකේ සහ වෙනත් උපසිරැසි ලබාදෙන Web සයිට් වල මේක ගොඩක් අය ඉල්ලලා තියනවා.. ඉතින් ඔන්න එයාලටයි , Thriller /Mystery / Crime  පිස්සන්ටයි තමයි මේක මේ විදිහට අද ⁣අරන් එන්නේ..

ඒ අතරම IMDB අගය 7.2 කුත් / Rotten Tomatoes 63% කුත් ගූගල් පරිශිලක අගය 84% කුත් ලබාගත්ත මේ 1999දි තිරගත වුන මේ Arlington Road කියන  ෆිල්ම් එක අන්තිම වෙනකම් හිතන්න වත් බැරි විදිහට කරලා තියනවා කිව්වොත් හරි.. අන්තිම විනාඩි 5 වගේ ගොඩක් හොදට අවධානේන බලන්න.. 🥲😁 නැත්තං කතාවේ හරියටම වුන දේ ගැන අදහසක් එන එකක් නෑ….ඇත්තටම මේ කතාවට එක පදනමක් කරගෙන තියෙනවා 1995දි  ඇමරිකාවේ ශාන්ත ලුවී වල සිද්ද වුන සත්‍ය  සිද්ධියක්.. මම සිද්දිය මොකද්ද කියන්නෑ.. ඒක කිව්වොත් වැඩක් නෑ නේ.. කතාව බලලම ⁣ඉන්න.. අනික තමයි හිතන්න ඔයා කෙනෙක් ගැන විස්තර හොයනවා කියලා.. ඔයාට ලැබෙන විස්තර එක්ක ඒ මනුස්සයා මැරිලා.. හැබැයි ඒ මනුස්සයා ඔයාගේ ගේ ඉස්සරහා ඉන්නවා නම්……😯

කතාව පැත්තට ගියොත් අපේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි මයිකල් ෆැඩ්රේ. ඉතින් මෙයා ගෙදර යද්දි මෙයාට පාරේදි හම්බවෙනවා පාර මැද වැනි වැනි යන ලමයෙක් අත් තුවාල වෙලා ලේ පෙරාගත්ත.. මේ සිද්ධිය මෙයාගේ ජීවිතේම කනපිට පෙරලනවා කිව්වොත් මම හරි.. ඒ වගේම මෙයා ඇමරිකානු ත්‍රස්තවාදීන්ගේ ඉතිහාසය ගැන උගවන්වන් මහචාර්ය වරයෙක්..ඉතින් මේ ලමයා මෙයා හොස්පිටල් එකට එක්කන් යනවා.. එතනදි ලමයගේ දෙමව්පියෝ මෙයාට හම්බවෙනවා.. එතකොට බලද්දි මෙයාලා අසල්වැසියෝ..මයිකල්ගේ ගෙට ඉස්සරහා ගෙදර… හැබැයි මයිකල් ඒක දන්නෑ.. අමුතුයි නේ.. මුල් විනාඩි 2 -3 තමයි මම ඔය කිව්වේ.. අපි බලමු කවුද මේ අසල්වැසියා , මෙයා මොනවද කරන්නේ , කවුද පාරේ හිටපු ලමයා , කවුද මැරැන මිනිහා…. කතාව බලලම ඉමු..😍

තවත් මේ වගේ සුපිරියක් අරන් එනකම් ජය වේවා..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |970|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරක ලහිරු මධුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරක ලහිරු මධුශාන්

July 7, 2023


9
Total Subtitles

7 comments

  1. Journey of Love 18 plus film eka sub dennako

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තාරක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Maka suppa…aub akata thnkz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *