The title of the page
Hunting Season (2010) Sinhala Subtitles
Hunting Season (2010) Sinhala Subtitles
7.4
91

Hunting Season (2010) Sinhala Subtitles | “අභිරහස් හස්තය” | සිංහල උපසිරැසි සමඟ

එහෙනම් සුභදවසක් කියලා පිලිගන්නවා!

තවත් තුර්කි මාස්ටර් පීස් එකක් ඔයාලා වෙනුවෙන් දිග අරින්න තමයි මේ ලෑස්තිය…

සුපුරුදු විදිහටම ඉතින් IMDB 7.4 ක අගයකුත්, Rotten Tomatos 66% කුත් , ගූගල් පරිශිලක අගය 91% කුත් අරන් තියනවා  ඒ වගේම 2011 තුර්කියේ ජාතික චිත්‍රපට උළල “Yesilcam Award”හි දී හොදම නලුවා , හොදම සහය නලුවා ,වසරේ හොදම චිත්‍රපටය වගේ සම්මාන කිහිපයකුත් අරන් තියනවා..  මගේ භාශාවෙන් ඉතින් මේකත් සුපිරි චීස් කෑල්ලක් තමයි..😍

තව දෙයක් තමයි අපි English / Indian / Korean TV සීරිස් වලටයි ෆිල්ම් වලටයි එක රාමුවක කොටු වෙලා තියන නිසා මේ අනික් භශාවන්ගෙන් නිකුත් වුන මේ වගේ අති සුපිරි ෆිල්ම් ,සීරිස් මග ඇරෙනවා.. විශේශයෙන්ම මේ තුර්කිය , ස්පාඤ්ඤය , ජර්මනිය , ඉතාලිය වගේ රටවල් ගත්තොත් විශාල ප්‍රමාණයක් හොද තත්වයේ කතා අපිට බලාගන්න පුලුවන්.. ඉතින් මගේ උත්සහය මේ සබ් මෙතෙක් ඇවිත් නැති ඔයාලට රසවිදින්න බැරි වුන ෆිල්ම් ටිකකට ඉදිරිකාලයේ උපසිරැසි ගේන්න…

කලින් දුන්න මගේ ස්පාඤ්ඤ කතාවට හොද සහ ඉහලම ප්‍රතිචාර තිබ්බා Mystery/ Thriller බලන අපේ පිස්සන්ගෙන්..ඉතින් ඒ ප්‍රතිචාර වලටත් බොහෝම ස්තූතියි..😎💙 

ඒක බැලුවේ නැත්තං මෙතන ඔබන්න..!   

ඉතින් මේකෙත් ලෑන්වේජ් එක ටිකක් අමාරැ සහ සබ් එකේ වචන හොයාගන්න ලේසි නම් වුනේ නෑ..  English Sub එකේ වුනත් තේරැම් ගන්න පුලුවන් තත්වෙකට තිබ්බ නැති නිසා මේක දෙන්න දවසක් දෙකක් පරක්කු වුනා..කොහොම වුනත් අන්තිම වෙනකං නියපොතු කාගෙන ඇහැක් නොපියා බලන්න පුලුවන් එකක් කියලා 100% ක් වගකීමෙන් කියනවා..

කතාව පැත්තට ගියොත් කතාවේ මුලින්ම ඔයාලට බලාගන්න පුලුවන් ගඟක තිබිලා හම්බවෙන මනුස්සයෙක්ගේ අතක්.. මේ අතේ අයිති කාරයා හොයගෙන් යද්දි අපිට හම්බවෙන එක සැකකාරයෙක්… මේ සැකකාරයත් වැඩි දවසක් ජීවත් වෙන්නේ නෑ… ඉතික් කාගෙද මේ අත, ඇයි සැකකාරයාව මරන්නේ, මේකට සම්බන්ධ කවුද, ඇයි අතක් විතරක් තිබ්බේ කෝ අනික් කෑලි… මේ සේරටම මොකද වුනේ කියලා උත්තර හොයන්න මේ පැය 2යි විනාඩි 25ක් පුරා දිවෙන මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.. ඉතින් මේ හම්බවෙන මිනිස් අත පිටිපස්සේ තියෙන්නේ ඇත්තටම අහස පොලව නොඋසුලන ඛේදවාචකයක් කිව්වොත් ඒ වචනේට සාධාරණත්වයක් එනවා..මේ කවුද කියලා මේ රහස් පරීක්ෂකයින් හොයන් යන ගමනේ අපිට බලාගන්න පුලුවන් වෙනවා එක් එක් පවුල් තමන්ගේ ලමයින්ටත් වඩා දෙවියන්ගේ ගෞරවය හා පවුල ගෞරවය ගැන සැලකිලිමත් වෙන කතාත්..ඇත්තටම මේ තුර්කිය කියන්නේ මුස්ලිම් රටක්.. මේ රටේ තියන සමහර සමාජීය හා පවුල් ප්‍රශ්න ගැනත් අපිට මේකේ බලාගන්න පුලුවන්.. 

ඉතින් කතාව බලලා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න.. ඊලග පාරත් මේ වගේ අති සුපිරියක් අරන් එන්නම්..

ජයවේවා හැමෝටම!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරක ලහිරු මධුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරක ලහිරු මධුශාන්

July 7, 2023


20
Total Subtitles

8 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තාරක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. සුපිරියක්……

  4. Thanks Brother…😍😍😍

  5. Thank bro … ❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login