The title of the page
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles
6.8
100
84

The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles | “උසස් පාසල් ශිෂ්‍යාවක්” | සිංහල උපසිරැසි සමඟ

ආයුබොවන් හැමෝටම,

ඔන්න එහෙනම් දෙවෙනි උපසිරැසි විදිහට ඇනිමේ චිත්‍රපටියකට උපසිරැසි හැදුවා. මේ චිත්‍රපටියට 6.7 IMDb අගයකුත් MyAnimeList තුළ 7.9 අගයකුත් හිමිවෙලා තියනවා. චිත්‍රපටියේ නම තමයි The Tunnel to Summer, The Exit of Goodbye.

Mei Hachimoku විසින් 夏へのトンネル、さよならの出口 (Natsu e no tonneru, Sayonara no Deguchi) කියන නවකතාවක් රචනා කර තිබෙනවා. එසේම The Tunnel to Summer, The Exit of Goodbye: Ultramarine නමින් මංගා පිටපතකුත් Mei Hachimoku මහතා විසින් රචනා කරලා තියනවා. එය Shogakukan’s Seinen Manga සඟරාවේ 2020 ජුලි මස සිට 2021 නොවැම්බර් මස දක්වා වෙළුම් හතරක් ඔත්සේ පල කරා. අන්න ඒ නවකතාව සහ මංගා ඇසුරෙන් CLAP Studio විසින් සජීවීකරණ චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරමින් 2022 වසරේ සැප්තැම්බර් 09 වන දින The Tunnel to Summer, The Exit of Goodbye නමින් තිරගත කළේ. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ tomohisa Taguchi මහතා, චරිත නිර්මාණය සහ සජීවීකරණ අධ්‍යක්ෂක ලෙස කටයුකු කර තිබෙන්නේ Tomomi Yubuki මහතය

කතාව දිහා බැලුවොත්,

තෝනො කඔරු කියන උසස් පාසල් සිසුවෙක් සහ හනෂිරො අන්සු කියන උසස් පාසල් ශිෂ්‍යාවක් වටා තමයි කතාව ගලාගෙන යන්නේ. කඔරුගේ සහොදරිය වන කරෙන් මියගිය පසු ඔහුගේ මුළු පවුලම කැඩිලා බිදිලා යනවා. කොහොම හරි කඔරුගේ තත්තයි කඔරුයි අතර වුණු රණ්ඩුවක් හින්දා කඔරු ගෙදරින් පැනලා දුවනවා. ඔහු දුවලා අවසානයේ නතර වෙන්නේ කෑලෑව ඇතුලේ තියන අද්භූත උමගක් ගාව. ඔහු එක ඇතුලට ගියාම දැකපු දෙයින් ගොඩක් කලබල වෙනවා. එතකොටම එයාගේ පැත්තට කුරුල්ලෙකුත් පියාබගෙන ඇවිල්ලා අතේ වහනවා. මේ කුරුල්ලා කඔරු ඉස්සර ඇතිකරපු ඒත් මේ වෙනකොට මියගිහිල්ලා ඉන්න එයාගේ පරණ සුරතලා.මේ නිසා ඔහු බය වෙලා කුරුල්ලවත් අරගෙන උමගෙන් එළියට එනවා.ඊටපස්සේ එයාට තේරෙනවා උමග ඇතුලේ ඉදියේ මිනිත්තු ටිකක් වුණාට ඒ වෙනකොට පිටත ලොකයෙන් සතියක්ම ගෙවිලා ගිහිල්ලා කියලා.මේක කඔරුට ලොකු ප්‍රශ්නයක් ඒ වගේම අපිටත් ප්‍රශ්නයක්…

එහෙනම් බලන්න කියලා ආරාධනා කරලා මමත් සමුගන්නවා. තවත් හොඳ ඇනිමේ එකකින් හම්බවෙමු!
またね。

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
යොහාන් රණවීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
යොහාන් රණවීර

June 20, 2023


2
Total Subtitles

11 comments

  1. Record of Ragnarok aluthen aapu tika oonee

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Resident Evil Death Island එකට සබ් නැද්ද? 😕

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි යොහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Film serious vala anith eposide dannakoo heartbeat , i see you on 19th life evala ithuru eposide tika ikmamanata dannako ❤️

  6. Amila Chathuranga

    resident evil death island sinhala sub one

  7. බොහෝම ස්තූතියි…

  8. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login