The title of the page
God's Crooked Lines (2023) Sinhala Subtitles
God's Crooked Lines (2023) Sinhala Subtitles
7
69
90

God’s Crooked Lines (2022) Sinhala Subtitles | “මට ඇත්ත කියන්න, කවුද ඔයා?” | සිංහල උපසිරැසි සමඟ (18+)

“මට ඇත්ත කියන්න, කවුද ඔයා?”

“ඔයා විශ්වාස කරන ඕනම දෙයක් ඇත්ත තමයි”

සුභ දවසක් කියලා පිළිගන්නවා හැමෝටම!!

ඔන්න එහෙනම් සතිඅන්තේ චිල් එකේ ගෙවන ගමන් මොලේට සමනල් ගැටේ වැටිලා බලන අපිත් මොංගල් වෙන Drama /Mystery /Thriller කාණ්ඩයට අයත් වෙන ස්පාඤ්ඤ චිත්‍රපටියක්  අරන් තමා මේ පාරත් මම ආවේ.. ස්පාඤ්ඤ  තිර රචකයෙක් වෙන ඔරියෝල් පාවුලෝ ගේ තවත් අභිරහස් , මාස්ටර් පීස් එකක් තමා මේ විදිහට අද ඔයාලා වෙනුවෙන් මම දිගහරින්නේ.…

ඉතින් අපි කතාවට යන්න කලින් මේ ස්ක්‍රීන් රයිටර් ගැන එහෙමත් නැත්තං තිර රචකයා ගැන කතා කරොත් Thriller / Mystery කැටගරි පිස්සන්ට නම් කෙනා කවුද කියලා නොදැන ඉන්න විදිහක් නෑ. . නොදන්න කෙනෙක්ට මතක් වෙන්නත් එක්ක එයාගේ ෆිල්ම් , සීරිස් ටිකක් පහලින් දාන්නම්… 

Julia’s Eyes – 2010
The body – 2012
Boy Missing – 2016
The invisible Guest – 2016
Mirage – 2018
The Innocent (Tv Mini) -2012

බලන්න දැන් මතක් වෙයි ද කියලා කෙනාව..

උඩ මම සඳහන් කරපු ෆිල්ම් එකක් හෝ TV සීරිස් එකක් ඔයා බලලා තියනවා නම් මෙතනින් එහාට ඔයා පොස්ට් එකක් කියවන්නෙත් නෑ දැනටමත් අරන් බලන ගමන් කියලා මම දන්නවා..

කොහොම හරි ඉතින්  මේ අපි ඒ දවස් වල බලපු මාස්ටර් පීස් කතා ලියපු කෙනාගේ අලුත්ම කතාව වුන 2022 දී Netflix හරහා නිකුත් වුන ෆිල්ම් එක තමයි මේ අද මම අරන් ආවේ..තාම මේකට Sinhala Subtitles කරලා තිබ්බේ නැති නිසා මම තීරණය කලා මේකට Sub එකක් කරන්න.. කරන්න ගත්තම තමයි ඉතින් මේකේ තියන අමාරැව සුළුපටු නෑ කියලා තේරෙන්න පටන් ගන්නේ….මොකද ස්පාඤ්ඤ කතාවකට ස්පාඤ්ඤ මානසික වෛද්‍ය විද්‍යාවේ තියන දේවලුයි , මේ කතාවේ ඉන්න මිනිස්සු ඉන්නේ පිස්සන් කොටුවකයි නිසා උන් කියන ඒවායි පැය 2කුත් විනාඩි 35ක් තියන දෙබස් 2700කට වැඩිය Translate කරන්න ගියාම කතාවේ ඉන්න උන්ට වගේම මටත් අන්තිමට  පිස්සු හැදෙයි කියලා හිතුවේ.. ඒ තරමට මේකට වැඩි කාලයක් කැප කරන්න වුනා අනික් ෆිල්ම් වලට සාපේක්ෂව…ඉතින් ඔයාලට මේකේ තියන වචන පවා තේරැම් ගන්න පුලුවන් විදිහට ඒ අදාල දෙබස් යටින් මම දාලා ඇති.. හොද කල්පනාවෙන් මේක බලන්න..දවස් තුනක් තිස්සේ ගූගල් පීර පීර් , ස්පාඤ්ඤ වචන හොය හොය කරපු සබක් තමයි මේ ඔයාලා වෙනුවෙන් දෙන්නේ.. කමෙන්ට් එකකුත් දාගෙන යන්න ෆිල්ම් එක බලලම කොහොමද කියලා…

100%ක් වගකීමෙන් කියනවා මේකේ අන්තිම වාක්‍ය දෙක වෙනකම් ඔයාට මේ කතාව ගැන සහ වෙන්නේ මොකද්ද කියලා  එක මොහොතකට වත් හිතාගන්න බෑ කියලා.. මේ කතාව සෙට් එක පිටින් ඩ්‍රින්ක් එකක් එහෙම දාන ගමන් බලන්න යන්න එපා.. බලලා වාද කරගන්න නම් යන්නත් එපා.. හෙන වලියකින් නතර වෙයි ඈ..😄  තව මං ගානේ Free Bottle එකක් ගැහුවා වගේ තියෙයි 😂😄 

ඉතින් සුපුරැදු විදිහට ම IMDB 7 ක අගයකුත් Rotten Tomatoes 69% කුත් , Google පරිශිලක දත්තවල 90% කුත් අරන් තියන මුලින් කිව්වා වගේම අති සුපිරි චීස් කෑල්ලක් තමයි මේක.. 

ඉතින් මේ අපේ ඔරියෝල් පාවුලෝ මහත්තයගේ කතා වලට අලුත් අයට මම කියන්නේ.. ගන්න අරන් බලන්න මම අර උඩ කියලා තිබ්බ සේරම ෆිල්ම්, TV සීරිස්. ඒවා බලලා අන්තිමට ඔයා තුශ්නීම්භූත නොවුනොත් මම ආය ඉතින් සබ් කරන්නෙත් නෑ..😄😎 මාව විශ්වාස කරලා මම කලින් දීපු  චක්‍රවි්‍යුහම් තෙලුගු සුපිරිය බැලුවා වගේම මේකත් මාව විශ්වාස කරලා බලන්න කියලා..😎

ඒක තාම බැලුවේ නැත්තම් මෙතන ඔබන්න

කතාව පැත්තට ගියොත් මේ කතාව ගැන මම කියන දෙයක් වත් ඔයා විශ්වාස කරන්න එපා..මම එහෙම කිව්වේ ඇයි කියලා මේ පැය දෙකහාමාර ඉවර වුනාම තේරෙයි.. මේ කතාව කොහෙන්ද පටන් ගන්නෙවත් කියලා මට තේරෙන්නෑ… කොහොම හරි අපේ කතා නායිකාව ඇලීෂියා, මෙයා පුද්ගලික රහස්පරීක්ෂක වරයෙක්.. මෙයාව ඩොක්ටර් කෙනෙක් කුලියට ගන්නවා එයාගේ පුතාගේ මරණය සැක සහිත නිසා ඒ ගැන  නැවත විමර්ශනයක් කරන්න.. හැබැයි මේ පුතා හිටපු තැන කිව්වොත් මේක මානසික රෝහලක්.. මේකේ විවිද වර්ගයේ මිනිස්සු ඉන්නවා.. ඇලිෂියාට මේ ගැන තොරතුරු හොයන්න යන්න වෙනවා මේ මානසික රෝහල ඇතුලට…. හැබැයි ඒකට එයාට නිකම්ම යන්න හම්බවෙන්නෙත් නෑ…ඇලිෂියා එකට බොරැවකුත් හදනවා නියමෙටම.. අපි කතාව බලලා ම බලමු මෙයා ඇතුලට යන විදිහ ඒ වගේම ඇලිෂියා මිනිමරැවා හොයා ගනියි ද , මෙයා මොකද්ද කියපු බොරැව… බලමු මෙයා මෙතනින් එලිය එයි ද කියලා ආපහු… එහෙමත් නැත්තං සේරම පැත්තකින් තියලා  බලන අපිටත් පිස්සු හැදෙයි ද කියලා..😄 

ඉතින් ආයමත් මේ වගේ සුපිරිම කතාවක් අරන් එනකම් ඔයාලට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරක ලහිරු මධුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරක ලහිරු මධුශාන්

July 7, 2023


20
Total Subtitles

28 comments

  1. හේමන්ත

    ස්තුතියි තාරක….
    ඔබගේ මහන්සියට කැපවීමට තමන් විඳපු රසයක් තව කෙනෙක් එක් බෙදාගන්න දර උත්සාහයට ගෞරව කරනවා.
    ස්ත්තුයි සිනෙරූ…

  2. Lokka 1080 p ndda

  3. Supiri❤️ tawa spanosh ewata sub one

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Denuwan M Kalansooriya

    Thank you❤❤❤❤❤❤❤❤

  6. thanks……….

  7. Thanks…… Jayawewa….!

  8. එතනින් එහාට කියෙව්වෙම නෑ 😍❤️‍🔥
    සුපිරි thank brother

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තාරක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  10. බොහෝම ස්තූතියි උපසිරැසියට…

  11. ස්තූතියි සියලුම දෙනාගෙම අදහස් වලට… ⁣
    💚💚💚💚💚💚

  12. mt terenn nee anee e awasneta mokada wennn kiyala

    • ඒක නම් සහෝ මෙහම තරුම් කරන්න අමාරු ඊ … වෙනම zoom මීටින් එකක් වත් තියන්න වෙනවා . බලමු ඉස්සරහට තරුම් කරලා පොස්ට් එකක් හදල Link එකක් කමන්ට් කරන්නම්

  13. කතාව තේරෙන්නේ නැති අය ඉන්නවා නම් මේකට රීප්ලේ එකක් දාගන යන්න. ආර්ටිකල් එකක් හරි හදලා Link එක දාන්නම්

  14. thanks supiri wadak

  15. ඔය වගේ කවුරුවත් අතගහපු නැති ඒවා නම් මරු ඉතින්..👌

  16. supiri wadaak

  17. Thanks for the sub!!!!!

  18. Thanks Brother…😍😍😍

  19. එකී නම් අම්මො ……..😁🙄
    සුපිරියක් …. ෆිල්ම් එකට නෙවෙ… මෙවගෙ සුපිරි ෆිල්ම් අදුනගෙන සබ් දෙන උපසිරැසි කරුවෙක් ඉන්න එක සතුටක්..
    Thank bro….. ෆිල්ම් එක පට්ට….. බොන්න ඔන ප්‍රස්නයක් ….සිහියෙන් නොබැලුවොත් නම්….. 😁

  20. මට නම් හොදටම තෙරුනා….. හැබැයි මෙතන කියන්න බැහැ……😁😁😁

  21. Thanks Brother…❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login