The title of the page
Nimona (2023) Sinhala Subtitles
Nimona (2023) Sinhala Subtitles
7.7
94
88

Nimona (2023) Sinhala Subtitles | “අවාසනාවන්ත කතාවේ දුශ්ටයා” | සිංහල උපසිරැසි සමඟ



Rating: 7.7/10 IMDb
Genre: Action, Adventure, Animation, LGBTQ+, Comedy
Original Language: English
Director: Nick Bruno, Troy Quane
Producer: Roy Lee, Karen Ryan, Julie Zackary
Writer: Robert L. Baird, Lloyd Taylor
Runtime: 1h 41m
Distributor: Netflix
Production Co: Double Negative (DNEG), Toei Animation, Sony Pictures Animation, Vertigo Entertainment, Annapurna Pictures, DAMN! Show Productions
Sound Mix: Dolby Atmos, Dolby Digital

ඇමරිකානු කාටූන් ශිල්පියෙක් වෙන N D Stevenson විසින්, 2015 දි ප්‍රකාශයට පත් කරපු Sci-fantasy ග්‍රැෆික් නවකතාව පදනම් කරගෙන නිර්මාණය වෙච්ච මේ නිමෝනා චිත්‍රපටය, මධ්‍යතන යුගයේ බලපෑමට ලක් වුනු මනඃකල්පිත ලෝකයක් ඇතුලේ ගෙතුනු කතාවක්. මුලින්ම Blue Sky Studios අතින් මේකේ සජීවීකරණය ආරම්භ වුනත්, එහි නිෂ්පාදනය 2021 පෙබරවාරි මාසයේදී නිල වශයෙන් අවලංගු වුනා. ඒත් 2022 අප්‍රේල් 11 වෙනිදා, චිත්‍රපටිය ආයෙත් ලබා ගත් බවත්, Annapurna Animation විසින් නිෂ්පාදන කටයුතු කරන බවත්, DNEG විසින් සජීවීකරණය වගේම Netflix විසින් බෙදා හැරීම සිදු කරන බවට නිවේදනය කිරීමත් එක්ක, මේ චිත්‍රපටය 2023 ජූනි 14 වෙනිදා, ප්‍රංශයේ Theatre Bonlieu වල පැවත්වුනු Annecy International Animation Film Festival හිදී තිරගත වුනා. පස්සෙ, 2023 ජුනි 23 වෙනිදා ඉඳන් තෝරාගත් සිනමාහල්වලටත්, ජුනි 30 වෙනිදා ඉඳන් Netflix හි ප්‍රවාහය සඳහාත් මේ චිත්‍රපටිය නිකුත් වුනා.

හඬකැවීම් ශිල්පීන්

නිමෝනා ලෙස Chloë Grace Moretz

බැලිස්ටර් බෝල්ඩ්හාට් ලෙස Riz Ahmed

ඇම්බ්‍රෝසියස් ගෝල්ඩන්ලොයින් ලෙස Eugene Lee Yang

අධිකාරිතුමිය ලෙස Frances Conroy

වැලරින් රැජිණ ලෙස Lorraine Toussaint

තෝඩියස් ෂුවබ්ලේඩ් ලෙස Beck Bennett

ප්‍රවෘත්ති නිවේදක නේට් නයිට් ලෙස RuPaul

ප්‍රවෘත්ති නිවේදිකා ඇලැම්ස(z)පෑම් ඩේවිස් ලෙස Indya Moore

චිත්‍රපටිය පැත්තට හැරුනොත්, මේ කතාව පටන් ගන්නේ, මේ මනඃකල්පිත මධ්‍යකාලීන-අනාගත රාජධානියේ, අවුරුදු දාහකට කලින් සිද්ධ වෙච්ච අතීත කතාවකින්. රාජධානියට හදිස්සියේම පහර දෙන රාක්ශයෙක් පරාද කරලා, රාජධානියේ අනාගත පරපුරේ ආරක්ෂාවට නයිට්වරුන්ගේ බලකායක් පිහිටවන වීරවරිය; ග්ලෝරත් තමයි මේ කතාවට මුලපුරන්නෙ. ග්ලෝරත් නිර්මාණය කරන ඒ අලුත් රාජධානියත්, ඒ නයිට් සංකල්පයත්, සම්ප්‍රදායක් විදිහට පරම්පරා ගානක් තිස්සේ පැවතගෙන ඇවිත් වර්තමානයෙදි එක වීදි කොල්ලෙක් නිසා වෙනස් වෙනවා. ඒ තමයි, බැලිස්ටර් බෝල්ඩ්හාට්. වීදි දරුවෙක් වුණත් නයිට්කෙනෙක් වෙන්න තිබ්බ දැඩි ආශාවයි උනන්දුවයි, කැපවීමයි හින්දා බැලිස්ටර්ට අවසානෙදි අවස්තාවක් හම්බවෙනවා රාජධානියේ රැජිණ අතින්ම නයිට් පදවිය හිමිකරගන්න. ඒත් අවාසනාවන්ත විදිහට කතාවේ දුශ්ටයා මේක අවස්තාවක් කරගන්නවා බැලිස්ටර්ව දුශ්ටයා කරලා, නොකරපු දේකට රාජධානියම එයාට විරුද්ධව අමනාප කරවන්න. රාජධානියම තමන්ව සැක කරන මේ වෙලාවේ එයාගේ නිවැරදිබව ඔප්පු කරන්න බැලිස්ටර්ට උදව් කරන්නෙ නිමෝනා; ඕනම කෙනෙක් හෝ දෙයක් විදිහට තමන්ගේ ස්වරූපය මාරු කරන්න පුලුවන් පොඩි කෙල්ලෙක්. හැබැයි මෙතන ප්‍රශ්නෙ වෙන්නේ, නිමෝනාගෙ මේ අමුතු හැකියාව නිසා මිනිස්සු එයාව දකින්නෙ රාක්ශයෙක් විදිහට.

ඉතින් කාලෙකට කලින් රාක්ශයෙක්ව විනාශ කරලා, රාක්ශයන්ව විනාශ කරන්නම වෙනමම බලකායක් ගොඩනගපු වීරවරියක් ඉන්න රාජධානියක, ඒ වීරවරියගේ ලේ වලින්ම පැවත එන නිර්භීත පුරුකක්, ඇය ගොඩනගපු ඒ නයිට් බලකායට නායකත්වය දෙන මාලිගාවක, නිමෝනා කියන මේ රාක්ශයාට යහතින් ඉන්න පුලුවන් වෙයිද… රාක්ශයෙක්ගෙන් උදව් අරගෙන බැලිස්ටර්ට තමන්ගේ නිර්දෝශි බව ඔප්පු කරන්න පුලුවන් වෙයිද… හොඳ මූණ පෙන්නගෙන හැංගිලා ඉන්න ඇත්තම දුශ්ටයට කොච්චර කාලෙකට හැංගිලා ඉඳගෙන බැලිස්ටර්ව වට්ටන්න පුලුවන් වේවිද… ඔක්කොම දැනගන්න වෙන්නෙ ඉතින් කතාව බලලම තමයි.

ප.ලි.

මේ මම සිනෙරු උපසිරැසි අංශය වෙනුවෙන් කරන පලවෙනි උපසිරැසි ගැන්වීම. සබ් එකේ කොතනක හරි අඩුපාඩුවක් හෝ වැරදීම් මොනවාම හරි තියනවා නම් ඒ හැමදේටමත්, ඒ නිසා ඔයාලට සිද්ධ වෙන අපහසුතාවයටත් මම හදවතින්ම සමාව ඉල්ලනවා. ඒවගේම ඊළඟ සබ් එකෙන් ඒ හැමදෙයක්ම හරිගස්සගෙන ඔයාලට ලස්සන අත්දැකීමක් ලබාදෙන්න මම උපරිම උත්සහ කරනවා. ඔයාලට රසවිඳින්න පුලුවන් තවත් ලස්සන ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙනකම් ඔයාලා හැමෝටම ආයුබෝවන්! පරිස්සමින් ඉන්න!

මම නෙත්සඳූ… 🌙❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්සඳූ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්සඳූ

July 13, 2023


8
Total Subtitles

5 comments

  1. Shan Sasanga
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුභ පැතුම් ❤️🥳 දිගටම සබ් දෙමු ගැම්මට ❤️❤️ ජයම වේවා ❤️❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි නෙත්සඳූ සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    පළවෙනි සබට සුබ පැතුම්…
    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Lochana
    Cineru_users

    Thank you.

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login