The title of the page
Crimson Peak (2015) Sinhala Subtitles
Crimson Peak (2015) Sinhala Subtitles
6.5
73
79

Crimson Peak (2015) Sinhala Subtitles | “මම ඉස්සෙල්ලම හොල්මනක් දකින කොට මට වයස අවුරුදු 10යි ” | සිංහල උපසිරැසි සමඟ

  “මම ඉස්සෙල්ලම හොල්මනක් දකින  කොට  මට වයස අවුරුදු 10යි “

“ඒ මගේ අම්මා”

සුභ දවසක් වේවා හැමෝටම.. මගේ දෙවෙනි උපසිරැසියත් ඔන්න අරන් ආවා. සුපුරුදු විදිහට ඉතින් හොල්මන් සීන් එකේ ඉන්න අයට තමයි මම ඉතින් Sub කරන්නේ.. මොනාම හරි SUB ඇවිත් නැති හොරර් හොද ෆිල්ම් එකක් තිබ්බොත් කමෙන්ට් කරගෙන යන්න තියන වෙලාවත් එක්ක බලලා ඒකටත් SUB එකක් කරමු.

ඉතින් ෆිල්ම් එක ගත්තොත් Crimson Peak 2015 ඇවිත් ටිකක් කාලයක් වුනත් Subtitles මේ වෙනකම් ම නොතිබුන ෆිල්ම් එකක් තමයි මේක.මේක ඇත්තටම මට අහම්බෙන් තමයි හම්බවුනේ. බැලුවම මේ වගේ පට්ට ෆිල්ම් එකක් Sinhala Sub වලින් මිස් වෙලා තියෙන්නේ ඇයි කියලත් හිතුවා. කතාවේ කැටගරි එක ගත්තොත්⁣ මේක Horror /Romance  යන කැටගරි එකට තමයි අයත් වෙන්නේ. ඉතින් 2015 රිලීස්වුන මේ Horror ෆිල්ම් එකට මේ වෙද්දි IMDB 6.5ක අගයක් ලැබිලා තියනවා. මේ මෑතකදි රිලීස් වුන Evil Dead Rise එකටත් තියෙන්නේ දැන් IMDB අගය 6.6ක්. ඒකෙන් ඔයාලට අදහසක් එයි මේ ෆිල්ම් එකත් කොච්චර හොද මට්ටමක තියනවද කියලා. ඒ වගේම තත්කාලි අගය ගත්තොත් 73%ක් සහ ගූගල් වලින් 79%ක හොද රේටින් එකක් බලාගන්න පුලුවන්..

කතාව පැත්තට ගියොත් මේකතාවන් අපිට බලාගන්න පුලුවන් වෙන්නේ 1800 දශකයේ සිදුවන යම් සිද්ධි දාමයක්. පුරා පැය දෙකක් පුරාවට කතාව ගලාගෙන යනවා.. අපේ කතා නායිකාව වන කුෂින් ධනවත් පවුලකින් පැවතගෙන එම පවුලේ එකම දියණියයි. ඇයට විටින් විට යම් හොල්මන් අවතාරය පේන්න ඇවිල්ලා ඇයට කියනවා ” ක්‍රිම්සන් පීක් වලින් ප්‍රවේශම් වෙන්න” කියලා..කාලය ඔහොම ගලන් යද්දි කුෂින්ගේ තාත්තාට එනවා තෝමස් කියලා පුද්ගලයෙක් මැටි ඉහලට ඇදීමට භාවිතා කරන මැෂින් එකක් විකුණන්න.. ඔය අතරතුරේ කුෂින්ගේ තාත්තටත් යම් දෙයක් සිද්ද වෙනවා… ඒ ඇයි , ඒ කවුද කියලා ඔයාලාම බලාගන්න , තෝමස්ට මේ මැටි කපන යන්ත්‍රය විකුණන එක සාර්ථක කර ගන්න බැරි වුනත්  ඔහුට හැකි වෙනවා මේ ධනවත් පවුලේ එකම දියණිය කුෂින් විවාහ කරගන්න..  නමුත් මේක විවාහයක්ම පමණක් වෙන්නේ නෑ .. මේ විවාහය ඇතුලේ තියනවා යම් දේවල්… මොවුන් විවාහවෙලා යන ගෙදර ඉතාම ගරා වැටුන මන්දිරයක් වගේ.. ඒ ගැන ඇහුවම තෝමස් මෙයාට එක එක දේවල් කියනවා.. එතකොට මොකද්ද මේ ඇත්තටම ක්‍රිම්සන් පීක් කියන්නේ? කවුද මෙයාට සැරින් සැරේ පේන , ඇහෙන මේ හොල්මන.. මොකද්ද මේ ගෙදර සහ තෝමස් එක්ක තියන සම්බන්ධය.. මේවට උත්තර හොයාගන්න මේ රසවත් ආදරණියත්වයෙන් හා හොල්මන් වලින් පරිපූර්ණ වුන කතාව බලන්න කියලා හැම දෙනාටම මම ආරාධනා කරනවා..

 

එහෙනම් තවත් උපසිරැසිකින් නැවත හමුවෙනකම් හැම දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරක ලහිරු මධුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරක ලහිරු මධුශාන්

July 7, 2023


20
Total Subtitles

10 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තාරක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Man on the Moon 1999 ත් පුළුවන් නම් දාන්න

  4. තැන්ක්ස්,මිස්වෙච්චි එවා අන්න එහෙම බලලා සුපිරිනම් සබ් දෙන එක ,අපිටත් ලෙසියි//බාන්න දැම්මා

  5. බොහෝම ස්තූතියි…
    පුළුවන්නම් found footage horror movies වලටත් උපසිරැසි දෙන්න,
    ජය වේවා..!

  6. thanks………

  7. Into the Black Abyss: Deathstream(2022) movie sub puluwnnam denna…hoyaganna nh kohewathma

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login