The title of the page
6.5
67

The School Nurse Files (2020) E04 Sinhala Subtitles | “අරුම පුදුම ජෙලි භූතයෝ (ගුල්ලෝ කන්නා) “​ | සිංහල උපසිරැසි සමඟ

අරුම පුදුම ජෙලි භූතයෝ (ගුල්ලෝ කන්නා)”

  • IMDb – 6.5/10
  • My Drama List – 7.5/10
  • Google User’s Rate – 90%
  • Genre – Fantasy / Comedy
  • Language – South Korean
  • Original Netflix Series.

👩‍⚕️2020 සැප්තැම්බර් 25 වනදා Netflix හරහා නිකුත් වුණු , මමත් බලන්න ආසාවෙන් හිටපු, Teasers & Trailers තුලින්ම විශාල ජනප්‍රියත්වයක් ලබාගත් තවත් කොරියානු කතා මාලාවක්‌ තමයි The School Nurse Files කියන්නේ. කොටස් (Episodes) 6කින් සමන්විත මෙම කතා මාලාවට පාදක වෙන්නේ, 2015දි Chung Serang විසින් රචිත සම්මානලාභී “The School Nurse Ahn Eun

Young” නවකතාවයි.කතා මාලාව අධ්‍යක්ෂණය වන්නේ Lee Kyoung Mi විසිනි.

🗡🧪Cast & Crew🔫😷

  • Ahn Eun Young ලෙස Jung Yu Mi
  • Hong In Pyo ලෙස Nam Joo Hyuk
  • Han Ah Reum ලෙස Lee Joo Young
  • Hwang Ga Young ලෙස Kim Mi Soo
  • Mackenzie ලෙස Tae Yoo
  • Choi Yoo Jin ලෙස Go Yoon Jung

🥼🧤🔦 Storyline 🦠🐌🐙🐡

අහ්න් ඉයුන් යොන්ග් කියන්නේ පාසලක හෙදියක් ලෙස කටයුතු කරන, කුඩා කල සිටම මනුෂ්‍යයන්ගේ බලයන්, ආශාවන් හා ආත්ම යනාදිය ජෙලි ආශ්‍රිත ස්වරුප වලින් දැකීමේ හැකියාවක් ඇති කාන්තාවක්. මේ ජෙලි අතරින් සමහරක්‌ හට භයානක වීමේ

හැකියාවක් තිබෙන නිසා ඔවුන් හා සටන් කිරීමට ඉයුන් යොන්ග් උපක්‍රම සොයාගන්නවා.. මේ අතර පාසලේ අභිරහස් සිදුවීම් රාශියක් පැන නගිනවා,ජෙලි භූතයන්ගෙන් ආරක්ෂා වීමට සැකසුනු පුදුම සහගත ආරක්ෂක වළල්ලක්‌ සහිත ඉන් ප්යෝ නම් පාසලේ Hanja අක්ෂර එනම් චීනාක්ෂර උගන්වන ගුරුවරයා සමග ඉයුන් යොන්ග් මෙම අභිරහසේ සුලමුල සොයා යන ආකාරය තමයි කතාවට පාදක වෙන්නේ. 👨‍🏫

(මේක අපි නිතරම දකින සුරදුතයෝ,සොම්බියෝ,දියකිදුරියෝ,ගූමි හෝලා ඉන්න ෆැන්ටසියක් නෙමේ..මේක වෙනම ස්ටෝරි ලයින් එකක්.)

මැකෙන්සි සර්ට බේස්මන්ට් එකට යන්න අවශ්‍යතාවයක් තියෙන විත්තිය දැනගන්න නිසා,මිස් අහ්න් සහ ඉන් ප්යෝ සර් දෙන්නා තේරුම් ගන්නවා එයා මොකක් හරි දෙයක් දන්න බව. ඒ වගේම අලුත් චරිත ද්විත්වයක්ම අද කොටසෙදි හමුවෙනවා.මුලින්ම ගා යොන්ග්,එයා ඉන් ප්යෝ(හොන්ග්)සර්ගේ පොඩි කාලේ යෙහෙලියක්,මිස් අහ්න්ට එන අලුත් අභියෝගේ තමයි ඒ. මිස් අහ්න් නිතරම කටු චිකිත්සාව කරගන්න යන තැනක් තියෙනවා නේ?එතන ඉන්න කෙනා සුවකරන්නෙක් කියලාත්,මිස් අහ්න් කියන්නේ සොල්දාදුවෙක් කියලත් දෙබසක කියවෙනවා,කොහොමත් එතන ඉන්න මිස් ඉයුන් යොන්ග්(මිස් අහ්න්)ගේ යාලුවානේ නිතරම අනාවැකි වගේ ඉන් ප්යෝ සර්ගෙයි ඉයුන් යොන්ග් ගෙයි මැද්දට එන තරගකාරයෝ ගැන කියන්නේ.

අනිත් අමුත්තා තමයි හ්යේ මින් කියන ස්කෝලෙට එන අලුත් ගැහුණු ළමයා,එයා සාමාන්‍ය කෙනෙක් නෙමේ,ගුල්ලෝ වගේ පුංචි මයිටාවෝ කන්නෙක්.

අපි බලමු මේ දේවල් ඉස්සරහට කොහොම වෙයිද කියලා.

තේරුම් ගන්න අමාරු කතාවක් නිසා ගොඩක් අය මේ සීරිස් එක අතහැරලා තියෙනවා කියලා ආරංචියි..ඒත් මටනම් මේක අමුතුම ආතල් එකක්.

=විසූ රාජපක්ෂ (🍊ක්ලෙමන්ටයින්🍊)=

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

8 comments

  1. කියන්න වචන නැහැ නියම වැඩක් .

  2. Run on කියන ඩ්‍රාමා එකට සබ් දෙන එක නතර කරලද අනේ ඒ ඩ්‍රාම එකට සබ් දෙන්නකෝ දැනට සබ් දීල තියෙන්නෙ එපි තුනකට විතරයි සබ් දීල තියෙන්නෙ

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට මරු කතාව

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. බොහොම ස්තූතියි

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login