The title of the page
6.5
67

The School Nurse Files (2020) E03 Sinhala Subtitles | “අරුම පුදුම ජෙලි භූතයෝ (මිස්ටර් මැකෙන්සි)”​ | සිංහල උපසිරැසි සමඟ

“The School Nurse Files (2020)” S01E03 
“අරුම පුදුම ජෙලි භූතයෝ (මිස්ටර් මැකෙන්සි)”

Ÿ IMDb – 6.5/10
Ÿ My Drama List – 7.5/10
Ÿ Google User’s Rate – 90%
Ÿ Genre – Fantasy / Comedy
Ÿ Language – South Korean
Ÿ Original Netflix Series.

👩‍⚕‍2020 සැප්තැම්බර් 25 වනදා Netflix හරහා නිකුත් වුණු , මමත් බලන්න ආසාවෙන් හිටපු, Teasers & Trailers තුලින්ම විශාල ජනප්‍රියත්වයක් ලබාගත් තවත් කොරියානු කතා මාලාවක්‌ තමයි The School Nurse Files කියන්නේ. කොටස් (Episodes) 6කින් සමන්විත මෙම කතා මාලාවට පාදක වෙන්නේ, 2015දි Chung Serang විසින් රචිත සම්මානලාභී “The School Nurse Ahn Eun

Young” නවකතාවයි.කතා මාලාව අධ්‍යක්ෂණය වන්නේ Lee Kyoung Mi විසිනි.

🗡🧪Cast & Crew🔫😷

Ÿ Ahn Eun Young ලෙස Jung Yu Mi
Ÿ Hong In Pyo ලෙස Nam Joo Hyuk
Ÿ Han Ah Reum ලෙස Lee Joo Young
Ÿ Hwang Ga Young ලෙස Kim Mi Soo
Ÿ Mr.Mackenzie ලෙස Tae Yoo
Ÿ Choi Yoo Jin ලෙස Go Yoon Jung

🥼🧤🔦 Storyline 🦠🐌🐙🐡

අහ්න් ඉයුන් යොන්ග් කියන්නේ පාසලක හෙදියක් ලෙස කටයුතු කරන, කුඩා කල සිටම මනුෂ්‍යයන්ගේ බලයන්, ආශාවන් හා ආත්ම යනාදිය ජෙලි ආශ්‍රිත ස්වරුප වලින් දැකීමේ හැකියාවක් ඇති කාන්තාවක්. මේ ජෙලි අතරින් සමහරක්‌ හට භයානක වීමේ

හැකියාවක් තිබෙන නිසා ඔවුන් හා සටන් කිරීමට ඉයුන් යොන්ග් උපක්‍රම සොයාගන්නවා.. මේ අතර පාසලේ අභිරහස් සිදුවීම් රාශියක් පැන නගිනවා,ජෙලි භූතයන්ගෙන් ආරක්ෂා වීමට සැකසුනු පුදුම සහගත ආරක්ෂක වළල්ලක්‌ සහිත ඉන් ප්යෝ නම් පාසලේ Hanja අක්ෂර එනම් චීනාක්ෂර උගන්වන ගුරුවරයා සමග ඉයුන් යොන්ග් මෙම අභිරහසේ සුලමුල සොයා යන ආකාරය තමයි කතාවට පාදක වෙන්නේ. 👨‍🏫

මිස් අහ්න්ගෙයි හොන්ග් සර්ගෙයි ආදරේ මැද්දට එන අලුත් තරග කාරයා ගැන අද බලාගන්න පුලුවන්,ඒ තමයි ඉංග්‍රීසි සර් කාරයා.හැබැයි ඒ ඩයල් එකත් එසේ මෙසේ කෙනෙක් නෙමේ වගේ..ඒ මොකද කියලා අන්තිම ටිකේ තේරුම් ගන්න පුලුවන්.මීට අමතරව බාස්කට්බෝල් තරගයක්,තව කලින් කොටසේ කුෂන් හොරකම් කරපු කට්ටියට වෙන දේත්,මින් යූගෙයි වන් සූගෙයි ජෙලි කනෙක්ෂන් එක නවත්තන්න කරන අලුත් ප්‍රයත්නය හරි යයිදත් බලලා එමු..

=විසූ රාජපක්ෂ (🍊ක්ලෙමන්ටයින්🍊)=

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

9 comments

  1. බොහොම ස්තුතියි මේ නියම වැඩක්

  2. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 🙂

  3. තෑන්ක්ස් ක්ලෙමේ සබට

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Run on කියන ඩ්‍රාමා එකට සබ් දෙන එක නතර කරලද අනේ ඒ ඩ්‍රාම එකට සබ් දෙන්නකෝ දැනට සබ් දීල තියෙන්නෙ එපි තුනකට විතරයි සබ් දීල තියෙන්නෙ 😊

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. බොහොම ස්තූතියි

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login