The title of the page
The School Nurse Files (2020) E05 Sinhala Sub
The School Nurse Files (2020) E05 Sinhala Sub
6.5
67

The School Nurse Files (2020) E05 Sinhala Subtitles | “මේ අපි ලබා උපන් හැටි “​ | සිංහල උපසිරැසි සමඟ

මෙතෙක් කතාව.. තේරුනේ නැති තැන් පැහැදිලි කරගමු.. The school nurse files කතා මාලාවේ සදහන් විදියට අප අවට පරිසරය පුරාම මිනිසුන්ගේ ආශාවන්, හැගීම් ජෙලි ආකාරයේ ස්වරුප ලෙස සදහටම පවතිනවා.. මේ ජෙලිස් ලා ස්වරුප කිහිපයක් ඉන්නවා.. සුදු පාට ඇදෙන සුළු ජෙලි මගින් රාගය තමා පෙන්නුම් කරන්නේ. උදා : පළමු කොටසේ අහ්න් ඉයුන් යොන්ග්ගේ තාත්තායි, දොස්තර නෝනායි අතට අත දෙන තැනදී ඒ විදියේ ජෙලි වගයක් පේනවා..ඒ දෙන්නා අතර අනියම් සම්බන්දයක් ඇති වෙලා කියලා හිතන්න පුළුවන්. ආයේ ජනේලේ ගාව ඉස්කෝලේ ළමයි දෙන්නෙක් කිස් කරන කොටස.. හැබැයි මේ අතර සමහර අහිතකර ජෙලි ආකාරයේ රාක්ෂයෝ ඉන්නවා..

අහ්න් ඉයුන් යොන්ග්ගේ උපතින්ම ලද හැකියාව වුණු ජෙලි ස්වරුපය සහ මියගිය ආත්ම වල ජෙලි ස්වරුප දැකීමේ හැකියාව නිසා එයා නපුරු ජෙලි රාක්ෂයන්ව විනාශ කරලා මිනිස්සුන්ව ආරක්ෂා කරනවා.. මේ කතාවේ ඉන්නවා දුෂ්ටයෝ වර්ග 2ක්‌.එක කට්ටියක්‌ තමයි සේෆ් හැපිනස් (HSP) සංවිදානයෙන් පාසලට ආපු ගුරුවරු..මැකෙන්සී, විද්යාව ටීචර්, හෝන්ග් ඉන් ප්යෝගේ පොඩි කාලේ යාළුවා මේ හැමෝමත් ජෙලිස්ලව දකින්න පුළුවන් ඒත් නරක අභිපප්රායක් තියෙන කට්ටියක්‌(හොදට බැලුවනම් එයාලා හැමෝටම HSP අකුරු මුද්රණය කරපු මුද්දක්‌ තියෙනවා දකින්න ඇති)..අනිත් අය කවුද කියන එක හෙළිවෙන්නේ අන්තිම කොටසේදි..ඒ නිසා ඒ ගැන මං කියන්නේ නෑ.

එතකොට මේ මොන්ග් ලියොන් උසස් පාසල ඉදි කරලා තියෙන්නේ විශාල ශක්තියක්‌ ගැබ් වෙලා තියෙන කුහරයක් උඩ..ඒ ශක්තිය මගින් ජෙලිස්ලාගේ බලපෑම ගොඩාක් වැඩි වෙනවා.ඒත් පාසැල පටන් ගත්තු හොන්ග් මහත්තයා (හොන්ග් ඉන් ප්යෝගේ සීයා) මේ කුහරය ගැන ගොඩාක් උනන්දු වුණා..පුරවෘතයට අනුව ඒ කුහරයෙන් ලැබෙන බලයෙන් මුළු ලෝකයේම පාලනය වුණත් අතට ගන්න පුළුවන්..ඒ බලය තමන්ගේ ප්රයෝජනයට ගන්න පුළුවන්. නමුත් ඒ බලය ගොඩාක් ප්රබලයි, සාමාන්ය කෙනෙක්ට දරන්න බෑ..ඉතිං මේකේ බලපෑම් නිසා පාසලේ ලමයිට වෙන අනතුරු නිසා අප්ජී පාෂාණයෙන් කුහරය වහලා දානවා..

මේ පාෂාණය තියෙන බේසමන්ට එකට යන්නත් එතන නඩත්තු කරන්නත් පුළුවන් ඉල්ග්වාන් වන්ධ්ය කරුවන්ට විතරයි..මුළු බේසමන්ට් එකේම කුහරය නිසා ජිවය ලබන ජෙලිස්ලා පිරිලා..ඒත් මේ ඉල්ග්වාන් සමාගම සේෆ් හැපිනස් සංවිදානයෙන් නෙරපලා දානවා..ඉතිං නඩත්තුවක්‌ වෙන් නෑ. ඒත් මං කියපු දුෂ්ටයෝ දෙගොල්ලෝටම අනිත් අයගේ ආරක්ෂාවෙන් වැඩක් නෑ එයාලාට ඕනේ කුහරයෙන් ලැබෙන ශක්තිය දරාගන්න පුළුවන් පුද්ගලයා පාවිච්චි කරලා එයාලට ඒ බලය අරගන්නයි, පාලනය කරන්නයි..(සරලවම බළලුන් ලවා කොස් ඇට බාවනවා වගේ)මේ බලය දරන්න පුළුවන් එකම එක්කෙනා…කවුද කියලා..ඔයාලට පැහැදිලි වෙයි..ඔයාලගේ චින්තන ශක්තිය යොදවල බලන්නකෝ.

(අන්තර්ජාලය ඇසුරෙන් සහ මගේ අවබෝධයෙන් සාරංෂ ගතයි)

  • IMDb – 6.5/10
  • My Drama List – 7.5/10
  • Google User’s Rate – 90%
  • Genre – Fantasy / Comedy
  • Language – South Korean
  • Original Netflix Series.

2020 සැප්තැම්බර් 25 වනදා Netflix හරහා නිකුත් වුණු , මමත් බලන්න ආසාවෙන් හිටපු, Teasers & Trailers තුලින්ම විශාල ජනප්‍රියත්වයක් ලබාගත් තවත් කොරියානු කතා මාලාවක්‌ තමයි The School Nurse Files කියන්නේ. කොටස් (Episodes) 6කින් සමන්විත මෙම කතා මාලාවට පාදක වෙන්නේ, 2015දි Chung Serang විසින් රචිත සම්මානලාභී “The School Nurse Ahn EunYoung” නවකතාවයි.කතා මාලාව අධ්‍යක්ෂණය වන්නේ Lee Kyoung Mi විසිනි.

🗡🧪Cast & Crew🔫😷

Ahn Eun Young ලෙස Jung Yu Mi
Hong In Pyo ලෙස Nam Joo Hyuk
Han Ah Reum ලෙස Lee Joo Young
Hwang Ga Young ලෙස Kim Mi Soo
Mr.Mackenzie ලෙස Tae Yoo
Choi Yoo Jin ලෙස Go Yoon Jung

🥼🧤🔦 Storyline 🦠🐌🐙🐡

අහ්න් ඉයුන් යොන්ග් කියන්නේ පාසලක හෙදියක් ලෙස කටයුතු කරන, කුඩා කල සිටම මනුෂ්‍යයන්ගේ බලයන්, ආශාවන් හා ආත්ම යනාදිය ජෙලි ආශ්‍රිත ස්වරුප වලින් දැකීමේ හැකියාවක් ඇති කාන්තාවක්. මේ ජෙලි අතරින් සමහරක්‌ හට භයානක වීමේ

හැකියාවක් තිබෙන නිසා ඔවුන් හා සටන් කිරීමට ඉයුන් යොන්ග් උපක්‍රම සොයාගන්නවා.. මේ අතර පාසලේ අභිරහස් සිදුවීම් රාශියක් පැන නගිනවා,ජෙලි භූතයන්ගෙන් ආරක්ෂා වීමට සැකසුනු පුදුම සහගත ආරක්ෂක වළල්ලක්‌ සහිත ඉන් ප්යෝ නම් පාසලේ Hanja අක්ෂර එනම් චීනාක්ෂර උගන්වන ගුරුවරයා සමග ඉයුන් යොන්ග් මෙම අභිරහසේ සුලමුල සොයා යන ආකාරය තමයි කතාවට පාදක වෙන්නේ. 👨‍🏫

(මේක අපි නිතරම දකින සුරදුතයෝ,සොම්බියෝ,දියකිදුරියෝ,ගූමි හෝලා ඉන්න ෆැන්ටසියක් නෙමේ..මේක වෙනම ස්ටෝරි ලයින් එකක්.)

මොක්කුද මේ ජෙලීස්ලා?
මේ ජෙලීස්ලා දකින්න පුලුවන්කම තියෙන්නේ සීමිත දෙනෙක්ට පමණයි,ඒ වගේ කෙනෙක් තමයි මෙහි එන ප්‍රධාන චරිතය අහ්න් ඉයුන් යොන්ග්. මියගිය අයගේ ආත්ම සහ ජීවත්ව සිටින අයගේ සිතුවිලි,හැගීම් සහ සම්බන්ධතා ජෙලි ස්වරූපයෙන් අප අවට සැරිසරමින් සිටින බව තමයි මේ කතා මාලාවේදී සැලකෙන්නේ,ඒ වගේම මෙහි එන උසස් පාසල ඉදි කර ඇති භූමිය මෙවැනි ජෙලීස්ලාගෙන් පිරී තියෙනවා.(වෙනත් සත්ත්ව ස්වරූප වලින්ද මොවුන් හමුවෙනවා,උදා: මයිටාවෝ(ගුල්ලෝ),ජලජ ජීවින්,මිනිස් ස්වරූප..
ලොකුම හේතුව උසස් පාසල් භූමියේ රහස පළවෙනි කොටස් 2න් බලන්න ලැබෙනවා.

ඉතිං හොන්ග් ඉන් ප්යෝ කියන ගුරුවරයාට මේ ජෙලීස්ලාගේ බලපෑමෙන් මිදෙන්න පුලුවන් ආරක්ෂක වළල්ලක් ලැබිලා තියෙනවා,මිස් අහ්න් මේ ජෙලීස්ලාගෙන් මිනිස්සුන්ව බේරගන්න සටන් කරනවා,හ්යේ මින් කියල මයිටාවෝ කන ගෑනු ළමයත් එහෙමයි.එයා මනුස්සයෙක් නෙමේ,මිත්‍යා සත්ත්වයෙක් වගේ කෙනෙක්. එවැනි චරිත රාශියක් මෙහි හමුවෙනවා.

අද කොටසේ මිස් අහ්න් හ්යේ මින්ගේ ජීවිත කාලය තවත් වැඩි කරගෙන සාමන්‍ය මනුස්සයෙක් වෙන්න ක්‍රමයක් හොයාගන්න උත්සහ කරනවා,ඒ වගේම අද මිස් අහ්න්ට එයාගේ යාලුවෝ 2න්නෙක්ම හම්බවෙනවා,ඒ දෙන්නම ජීවත් වෙන අය නෙමේ.මිස් අහ්න් ප්‍රාර්ථනා කරන්නෙත් තමන්ට සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න ලැබෙනවන්ම් කියලා,ඒත් එයාගේ දෛවය මේ වගේ අමුතු හැකියාවක් එයාට දෙන්න ඇත්තේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව…

තේරුම් ගන්න අමාරු කතාවක් නිසා ගොඩක් අය මේ සීරිස් එක අතහැරලා තියෙනවා කියලා ආරංචියි..ඒත් මටනම් මේක අමුතුම ආතල් එකක්.

සීසන් 1හි අවසාන කොටසින් හමුවෙමු..

=විසූ රාජපක්ෂ (🍊ක්ලෙමන්ටයින්🍊)=

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

11 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට අනියම් වචනෙ නම් මේ දවස් ටිකේ දැකලම එපා වෙලා තියෙන්නෙ 😅

  2. Thank you❤ අනේ මේ කතා මාලාවෙන් පස්සේවත් To All the Boys: Always and Forever කතාවට සිංහල සබ් දෙන්නකෝ.

  3. Amilani darshika

    Love alarm season 01, 02 සබ් දෙන්නකො 😥

  4. අයියො සමහාර එපිසොඩිවල විඩියොස් නෑනෙ ආය
    download කරන්න හොද website ekaka ලින්ක් එකක් හරි නමක් හරි කියන්නකො

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. බොහොම ස්තූතියි

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login