The title of the page
WandaVision (2021) E09 (END) Sinhala Subtitles
WandaVision (2021) E09 (END) Sinhala Subtitles
8.7
94
89

WandaVision (2021) E09 (END) Sinhala Subtitles | අලුත් විශ්වයේ සුපිරි ඇරඹුම | සිංහල උපසිරැසි සමඟ

මේ සබ් එක කරන්න මට අවස්තාව දුන්නේ අපේ ලොකු බොස් සමිත රමේශ් මල්ලී. මාර්වල් අලුත් විශ්වයේ පළමු කතා මාලාවේ එපි කීපයක්ම මට කරන්න ලැබුන එක ගැන මාර සතුටුයි. මොකද මේ කතාවෙදී මට මතක් වෙනවා වොන්ඩා සහ පියෙට්‍රෝ ගැන “ස්ට්‍රයිකර්” කියන කතාවක්. එයා කියනවා “මේක තව දුරටත් විද්‍යාවේ කාලය නෙවෙයි, දැන් හාස්කම්වල කාලයයි” කියලා. එතෙන්දී තමයි මුලින්ම අපිට වොන්ඩව සහ පියෙට්‍රෝව දකින්න ලැබෙන්නේ. අනික ඩීසී අය එක්ක ගත්තම මාර්වල් වීරයෝ හරි විද්‍යාත්මක ගතියක් තිබ්බා. එහෙම නොවුනු අය තමයි මාර්වල් ලා “එක්ස්මෙන්” කියලා වෙන් කරේ. ඒත් අපිට දැන් පැහැදිලියිනේ, මේ අලුත් විෂ්වයේ එක්ස්මෙන්ලා ඉන්නවා. බොහෝවිට ෆැන්ටෑස්ටික් ෆෝ කණ්ඩායමත් මේ අලුත් විශ්වයේ ඉඳීවි. එක්ස්මෙන් චාල්ස් ඉඳීවි. මැගින්ටෝ ඉන්නවා කියලා කියවෙනවා. ඉතින් ඔන්න අඳුරු මායාවේ මායාකාරියනුත් මේකේ ඉන්නවා. ඒ වගේම අඳුරේ සහ ආලෝකයේ දෙකේම සුපිරිම මායාකාරී වොන්ඩට ලොකු තැනක් දේවි. ඒ නිසා ඉතින් මේ වගේ අති විශිෂ්ට නිර්මාණයක මුල්ම අදියරේ ලොකු කොටසක් මටත් සම්බන්ධවෙන්න ඉඩ දීපු සමිතේ බොස් ට ගොඩක්ම ස්තූතියි. මගේ ආදරණීය ලක්ෂ්මී නෝනා, මගේ රත්තරං සදහම් ඉතින් වදයක් නොවී ලොකු තල්ලුවක් දෙනවා. ඒකටත් ස්තූතියි වගේම ආදරෙයි 💖💖💖 ගොඩක් ඔය දෙන්නට මං.

මේ කතාවේ වැදගත්ම දේ තමයි අපිට නොසිතූ ආරම්භයක් වගේම, පුදුමාකාර අවසානයක් දීලා තියෙයි. මං හිතන්නේ නම් “මාර්වල් අලුත් ෆිලුමේ” ෆිලුමේ බලන්න ලොකු දෙයක් තියේවි අපිට. කොහොමින් හරි මතකයිනේ ගිය සතියේ අපි දැනගත්තා දේවල් කීපයක්,

01) වොන්ඩා තමයි ජීවය ඇති නැති කරන්න තරම් ලොකු බලයක් තියෙන “ස්කාර්ලට්” කියන මායාකාරී.
02) සාලෙම්වල මායාකාරියන් අතුරෙන් තහනම් කරලා තියෙන අඳුරු මායාව ඉගෙනගත්ත දරුණු කෙනෙක් තමයි ඇග්නස්
03) සාමාන්‍ය ලෝකයට දැන් විශන් කෙනෙක්ව ආයේ හදන්න තරම් දැනුමකුත් ලැබිලා, ඒක කරලත් පෙන්නුවා
04) වොන්ඩගේ ලෝකේ සමහරදේවල් මිත්‍යාව උනාට සමහරදේවල් ඇත්තම දේවල් විදිහටත් අපිට දැකගන්න ලැබුනා
05) එක්ස්මෙන් පිරිස නිල වශයෙන්ම අලුත් මාර්වල් විශ්වයට එනවා කියලාඔප්පු උනා වගේම ඒ සමහරු ආවා
06) අපි දැක්ක පියෙට්‍රෝ බොරුවක් වගේම ඇත්ත කෙනාගේ මියගිය ශරීරය සොකෝවියාවේ තියෙයි කියලා කියවුනා
07) වොන්ඩට පුලුවන් උනාට කෙනෙක්ට ජීවය දෙන්න, ඇග්නස්ට පුලුවන් ජීවියෙක්ව වෙනත් ජීවියෙක්ව කරවන්න විතරයි කියලා පෙනුනා

පසුගිය කොටසේදී අපි දැක්කා වගේම වොන්ඩා මේ තමන්ගේම ලෝකයක් හදන් ඉන්නේ එයා පොඩි කාලේ බලපු එයා ආසම කතාවක විදිහටයි. ඒ කතාව බලන වෙලාවක තමා ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ බෝම්බයක් වැටිලා එයාලා ඇවෙන්ජර්ස් ලාට වෛර කරන්න පටන් ගන්නේ. ඒකෙන් තමයි ස්ට්‍රයිකර් හෙවත් හයිඩ්‍රා එකේ අය මේ වොන්ඩව සහ පියෙට්‍රෝව බලයන් සහිත අය කරන්නේ. ඉතින් එහෙම තියෙද්දී ලොකීගේ අපරිමිත පාෂානයේ බලයෙන් තමයි වොන්ඩා මායාකාරියක් වෙන්නේ. ඇත්තටම වොන්ඩා සහ විශන් දෙන්නම අපරිමිත පාෂාන එක්ක හිටියට බලවත් වොන්ඩා තමයි. කැප්ටන් මාර්වල්ට පවා වොන්ඩව යටත් කරගන්න බැරි තරම්. කොටින්ම කිව්වොත් තානෝස්ට වඩා බලවත් වොන්ඩා. හරි පුහුණුවක් තිබ්බා නම් තානෝස් කියන්නේ පොඩි ගෙම්බෙක් විතරයි වොන්ඩට. ඉතින් මේ අලුත් විශ්වයේ අලුත් හතුරා තානෝස්ට වඩා දහස් ගුණයක් බලවත් කියලා හිතාගන්න පුලුවන්. මොකද ඇවේන්ජර්ස්ලයි, එක්ස්මෙන්ලයි, ෆැන්ටෑස්ටික් සෙට් එකයි, ගාඩියන්ස් ඔෆ් ගැලැක්සි සෙට් එකයි වගේ තව ගොඩක් අය එකතුවෙනවා කියන්නේ ලොක්කෙක් වෙන්න එපැයි හතුරා. ඒ වගේම වොන්ඩා සහ ස්පයිඩී ලොකු වගකීමක් ගනීවී මේ අලුත් විශ්වයේ. බලමුකෝ නේ? 🤔

ඉතින් මේ රසවත් විහිලු, ත්‍රාසය වගේම කුතුහලය පිරිච්ච සුපිරි කතා මාලාවෙන් අදින් සමු ගන්නවා. ඊලඟ “ෆැල්කන් ඇන්ඩ් වින්ටර් සෝල්ජර්” එකෙත් එපියක් හෝ අරන් එනවමයි.  එහෙනම් දිගටම සිනෙරූ අපි එක්කම ඉන්න වගේම “බාගෙන යද්දී කමෙන්ටුවක් ලියන්න” කියලත් ආදරෙන් ඉල්ලා ඉන්නවා. ආ අමතක උනා, නිපුන මල්ලි, සොමේ මල්ලි ස්තූතියි මුල් එපි ටිකට ලොකු ගේමක් ගැහුවට. අලුත් සීරීස් එකක අපි 3න් දෙනාම ආයේ සබ් එකක් දෙමුකෝ. එහෙනම් බුදු සරණින්, සදහම් සරණින්, සඟ සරණින් හැමෝම පරිස්සමින් ඉන්න .මං කලිනුත් කිව්ව් වගේ “කමෙන්ටුවක් ලියන් යන්න ඈ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

16 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ ඔයා සබ් දීල තියන salem සීරීස් එකත් බලන්න හැදුවෙ ඉතුරු ටිකටත් සබ් දෙන්න පුලුවන් නම්

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා සහෝ මට සතියක් කල් දෙන්න. සාලෙම් පටන් අරන් දෙන්නම්. ඒක තමයි මගේ ආසම කතා මාලාව.

  2. බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනකම් අරගෙන ආවාට.

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා සහෝ, ඊලඟ සීරීස් එකත් අපිදෙනවා. ලෑස්තිවෙලා ඉන්න 🚬

  3. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    සබ් එකට ස්තුතියි!

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි මල්ලී

  4. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි අයියෙ 😍

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අඩො ස්තුතියි බොක්ක

  5. Supun Sadeepa
    Cineru Family Member

    තෑන්ක්ස් අයියා 😍

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි මල්ලී

    • බොහොම ස්තූතී සබට…ඔබට ජය..! බුදු සරනයි.!

      • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
        Cineru Family Member

        ස්තූතියි සහෝ කමෙන්ටුවට 🌻

  6. බොහොම ස්තුතියි සබ් එකට සහෝදරයා
    සිනෙරු එකට පට්ට ආදරෙයි ❤❤❤❤

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බැට්මෑන් සහෝ, ස්නයිඩර් කට් එකයි, බැට්මෑන් 2022 අපෙන්ම අරන් බලන්න ඈ. මුලින්ම සබ අපෙන් තමයි ඉතින්

  7. චානක තිලංක

    ඒ ඒ මේක නම් මාරයි හොදේ මං කැමතිම චරිත දෙකක් මේකේ ඉන්නේ කියන්න නම් වචන නෑ ඇත්තටම බොහොම ස්තූතියි මේකට සබ් හැදුවට සුපිරිම සුපිරියි.👍👍👍👍👍👌👌👌👌👌👊👊👊👊👊👊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  8. හැම සබ් එකටම බොහොම ස්තුති සිනෙරූ LK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login