The title of the page
Raya and the Last Dragon (2021) Sinhala Sub
Raya and the Last Dragon (2021) Sinhala Sub
7.7
96
79

Raya and the Last Dragon (2021) Sinhala Subtitle | රායා සහ අවසන් මකරා | සිංහල උපසිරැසි සමඟ

(Raya and the Last Dragon (2021) Sinhala Sub) හැමෝටම සුබ දවසක්! හැමදාමත් වගේ අදත් මේ අරගෙන තවත් ලස්සන චිත්‍රපටියක සිංහල උපසිඇසියක්. මේ මාසෙ 05 වෙනිදා Disney+ හරහා විකාශය වුණු සුපිරි ඇනිමේ චිත්‍රපටියක් වෙන “Raya and the Last Dragon 2021” චිත්‍රපටිය තමයි මේ විදිහට උපසිරැසි ගන්වලා අරගෙන එන්නෙ. මේක කියවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම පහළට ගිහින් ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරලා උපසිරැසිය බාගෙන යන්න කිසිම තරහක් නෑ 🙂 තව වීඩියෝ පිටපත් වගේම HC වීඩියෝ පිටපත් එහෙමත් දැන් දෙනවා. කැමති නම් ඒවත් බාගෙන නිකම්ම යන්න කිසිම තරහක් නෑ 🤝

මේ අරගෙන එන උපසිරැසිය ඔයාලට නිකම්ම නිකන් උපසිරැසියක් වුණාට මට හුඟක් විශේෂ උපසිරැසියක්. මොකද කිව්වොත් මේක මගේ 100 වෙනි උපසිරැසි ගැන්වීම. 100 ක් නම් මොකක්ද නේද? 😐 එහෙම තමයි හැමෝම හිතන්නෙ. උපසිරැසි කරන අය ඇරුණම අනිත් හැමෝම හිතන්නෙ මේ වැඩේ මාර ලේසියි කියලා 😆 ඒ විතරක් නෙවෙයි සම(හරක්) හිතාගෙන ඉන්නවා උපසිරැසි කරලා මේ විදිහට වෙබ් අඩවියට දැම්මම එයාලට සල්ලි හම්බවෙනවා කියලා. එහෙම කිසිම විදිහක දෙයක් උපසිරැසි කරන කෙනෙකුට ලැබෙන්නෙ නෑ. උපසිරැසි කරන කොයි කවුරුත් ඒවා කරන්නෙ ආසාවට වගේම හිතේ සතුටට… කොටින්ම කිව්වොත් දාර ඉත්තෑවෙක් ඉන්න අය තමයි පැය ගාණක් එක තැනක ඉඳගෙන මොනිටරේ දිහා බලාගෙන උපසිරැසියක් කරන්නෙ. ඒකෙ එයාලට ලැබෙන්නෙ සතුට විතරක් මිසක් වෙන මොකුත් ලැබෙන්නෙ නෑ. ඒවා කිව්වට වැඩක් නෑ, ඒක තේරෙන්නෙ උපසිරැසියක් කරලම බලන්න ඕන. මම කියනවට නිකන් ඉන්න දවසක උපසිරැසියක් කරලා බලන්න ඔයාලටම ඒක තේරෙයි 🙂

මම මුලින්ම උපසිරැසි කරන්න පටන් ගත්තෙ “Arthdal Chronicles” කියන කොරියානු කතා මාලාවෙන්. මුල ඉඳලම ඉතින් සිනෙරූ එකේ තමා ඉන්නෙ 😎 ඒකෙනම් වෙනසක් වෙන්නෙ නෑ, මොකද කිව්වොත් ඔය කෝකටත් වඩා එකමුතුවෙන් ඉන්න සුපිරි ටීම් එකක් අපිට ඉන්නවා. “සිංහල උපසිරැසිකරණයේ නවමු රැල්ල” කියලා කියන්නෙත් නිකන් නෙවෙයිනෙ. මුලින්ම කරපු උපසිරැසි දිහා දැන් බලකොට නම් ඒවගෙ හුඟක් අඩුපාඩු තියෙනවා කියලා තේරෙනවා. ඒත් ඉතින් ඒ අඩුපාඩු හදාගෙන අද වෙනකොට හොඳ ගුණාත්මක උපසිරැසියක් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න පුළුවන් වුණා. මේ විදිහට අරගෙන එන උපසිරැසියක් ගාණෙ මීළඟ උපසිරැසිය කරන්න හයියක් වුණේ පහළින් වැටෙන කනෙන්ට් එක වගේම ලබාදුන්න උපසිරැසිය ඩවුන්ලෝඩ් සංඛ්යාව. සමහර අයනම් හැමදාමත් කමෙන්ට් එකක් දාලා යනවා. ඒවගේම කමෙන්ට් නොදා යන අයත් හුඟක් ඉන්නවා ඒ දෙගොල්ලම ආදරෙන් මතක් කරනවා. එහෙනම් මගේ කතාව කිව්වා ඇති දැන් මේ කතාව ගැන පොඩ්ඩක් බලමු.

අවුරුදු 500 කට කලින් කුමන්ඩ්රා කියලා දේශයක් තියෙනවා. මුල් කාලෙදි මේ දෙශයේ මිනිස්සු හුඟක් සමගියෙන් එකමුතුව ජීවත් වුණා. ඒ වගේම තමයි මේ දේශයේ විවිධ මායා බලයන්ගෙන් සමන්විත මකුරු එක්ක තමයි මිනිස්සු ජීවත් වුණේ. මේ කුමන්ඩ්‍රා දේශය මකරෙකුගෙ හැඩේට තමයි තියෙන්නේ. මේක නිර්මාණය වුණු විදිහ ගැන එහෙම නම් සඳහනක් නෑ. පහළ මම දාලා තියන පොටෝ එකේ කුමන්ඩ්‍රා දේශය වගේම යම් සිදුවීමකින් පස්සෙ ඒ දේශය බෙදුන භූමි පහත් පැහැදිලි කරකා දීලා තියෙනවා

මුල් කුමන්ඩ්‍රා දේශය සහ සිදුවීමෙන් පසුව වෙන් වූ භූමි පහ

ඒ විදිහට සාමයෙන් සමගියෙන් ජීවත්වෙලා ඉන්නකොට එක පාරටම ඩෲන් කියලා ජීවීන් වගයක් මේ දේශයට එනවා. මෙන්න මේ ජීවීන් ආවට පස්සෙ එයාලා අළු සහ ගල් විතරක් ඉතුරුවෙන්න අනිත් හැම ජීවී දෙයක්ම ආහාරයට ගන්න පටන් ගත්තා. මිනිස්සුත් ඇතුළුව. ආහාරයට ගන්නවා කිව්වට මේකෙදි වෙන්නෙ ඒ ජීවීන් ස්පර්ශ කරන හැම ජීවී දෙයක්ම ගල් පිළිම බවට පත්වෙනවා 😯💥 මේ විදිහට ඩෲන්ලා එක මනුස්සයෙක්ට මේ දේ කරහම ඩෲන්ලා දෙගුණ වෙනවා. එයාලා වසංගතයක් වගේ හුඟක් ඉක්මන්ට පැතිරුණා. මේ ඩෲන්ලට එරෙහිව මකුරු පුළුවන් උපරිමයෙන් මිනිස් වර්ගයාව බේරගන්න සටන් කරා. ඒත් ඒක ප්‍රමාණවත් වුණේ නෑ. හැබැයි අන්තිමේදි “සිසුඩාටු” කියන බලවත් මකරා අන්තිමට ඉතුරුවෙලා හිටපු මකරුන්ගෙ බලය අරගෙන “මකර මැණිකක්” නිර්මාණය කරලා ඩෲන්ලගෙ ලෝකය බේරගන්නවා. හැබැයි එතනින් පස්සෙ මේ “කුමන්ඩ්‍රා දේශය” කොටස් පහකට බෙදෙනවා. බෙදෙනවා කියන්නෙ මිනිස්සුන්ගෙ තියන බල තණ්හාව බෙදාගන්නවා.

ඒ බෙදාගන්න කොටස් පහ තමයි “Heart, Talon, Tail, Spine සහ Fang” කියන නම් වලින් හඳුන්වන්නෙ. මේ නම්වල තේරුම් එන්නෙ මකරගෙ විවිධ තැන්වල පිහිටීම අනූව මේ භූමි පිහිටලා තියන නිසා. ‍මේ බෙදාගැනීමෙන් පස්සෙ අර “මකර මැණික” හාර්ට් කියන දේශයේ ප්‍රධානියා සඟවගෙන ආරක්ෂා කරනවා. ඔන්න ඔතනදි අන්තිම භූමි හතරෙ ප්‍රධානීන් හිතන්නෙ මේ මැණික නිසා සරුසාරබව ලැබෙනවා කියලා. ඒ නිසා ඒ මැණික අරගන්න තමයි හැම භූමි ප්‍රධානියෙක්ම වගේ බලාගෙන ඉන්න. ඒත් ඉතින් ඒ මැණික නිසා තමයි අර ඩෲන්ලා කියන සත්තුන්ගෙන් මිනිස්සු බේරිලා ඉන්නෙ. දවස යම් සිදුවීමක් නිසා මේ මකර මැණික බිම වැටිලා කෑලි පහකට කැඩෙනවා. ඒ වෙලාවෙදි ආයෙමත් අර ඩෲන්ලා කියන ජීවීන් මේ දේශයට එන්න පටන් ගන්නවා. මැණිකෙ කෑලි පහ භූමීන් පහේ ප්‍රධානීන් අරගෙන යනවා.

Heart/හාර්ට් කියන්නෙ මකරගෙ හදවත තියන තැන පිහිටලා තියන භූමිය. Spine/ස්පයින් කියන්නෙ මකරගෙ කොඳු ඇටපෙළ පිහිටලා තියන තැන තියන භූමිය

ඔන්න ඔය වගේ අනිත් ඒවටත් ඔහොම තේරුම් තියෙනවා. මම පහළ ඒ පොටෝ එකක් දාන්නම් ඒ ඒ භූමිවල මේ වෙනකොට ඉන්න ප්‍රධානීන්ගෙ ජායාරූප තියන එකක්. එතකොට ඔයාලට තව ලේසි වෙයි. 

භූමි පහේ ප්‍රධානීන් පස්දෙනා

මම උඩ කියපු සිදුවීමෙන් පස්සෙ ඒ දේශය ආයෙත් එකමුතු කරන්න “රායා” දරණ උත්සහය තමයි මේ චිත්‍රපටියෙදි අපිට බලාගන්න තියෙන්නෙ. රායට ආයෙත් මේ කුමන්ඩ්‍රා දේශය ඩෲන්ලගෙන් බේරගන්න ඕනි නම් ආයෙත් අර මැණිකෙ කෑලි එකතු කරලා ඒක හදන්න ඕන. හැබැයි ඒක කරන්න මකරෙකුත් ඕන. මෙයා ඒක කොහොම කරයිද? ඒක කරන්න පුළුවන් වෙයිද? කියලා ඔයාලම චිත්‍රපටිය බලලා දැනගන්න. 🤗 මේ චිත්‍රපටියෙ අනිත් තොරතුරු පැත්තට ගියොත් IMDb 7.1 ක අගයක් වගේම Rotten Tomatoes හී 96% ක අගයකුත් මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා. ඒ වගේම 78% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් මේ චිත්‍රපටිය හිමිකරගෙන තියෙනවා 🎬💥 ඇත්තටන කිව්වොත් Disney ලා කාලෙකින් කරපු සුපිරි චිත්‍රපටියක් තමයි මේක. මාරම විදිහට Enjoy කරන්න පුළුවන්. පොඩි කොමඩි ගතියකුත් පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම ෆයිට් එහෙමත් සුපිරියට තියෙනවා.

එහෙනම් මේ සුපිරිය ඇනිමේ එකත් බලලම ඉන්න. තවත් උපසිරැසියකින් මුණගැහහෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /HDRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

40 comments

  1. 100 සබ් එකට සුභ පැතුම් මල්ලි .. සබ දෙනකන් හිටියේ ෆිල්ම් එක බලන්න තෑන්ක්ස්

  2. Shehan
    Cineru Family Member

    සීයට සුභ පැතුම් මචන්❤️

  3. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    බොහෝම ලස්සන ලිපියක් බං. සබ් ගහන එකේ කට්ට දන්නේ ඉතින් සබ් ගහන අයම තමයි. මේ ෆිලුම එනකන් බලන් හිටියේ. ඇනිමේශන් නම් ඉතින් බලනවාමයි. සබ් 100 ගහනවා කියන්නේ පට්ටම අමාරු වැඩක්. ඉතින් එහෙනම් මචෝ 150ට ඉක්මනින්ම යන්න හැකි වේවා! කියලා ප්‍රාර්තනා කරනවා.
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  4. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    100 වෙනි සබ් එකට සුබ පැතුම්, සහෝ. ඉස්සරහටත් සබ් ගහන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 👍

  5. Sandeepa Malshan
    Cineru Family Member

    උඹම දෙනකන් බැලුවේ නෑ.ටැන්කූ සබට ඒ වගේම සුභ පැතුම් 100ට 😘

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ 100ට සුබ පැතුම්

  7. 100 සුභ පැතුම් සොමේ..

  8. Thanks for the sub.. & congratulations on your 100th sub.. 🙂

    • Priyashan Jayarathna
      Cineru Family Member

      බොහොම ස්තූතියි සහෝ ❤️

    • Download krgne khmda film eka

      • samitha
        Cineru Family Member

        සබ් එක ගන්න තැන යට වීඩියෝ පිටපත් කියලා බටන් එකක් තියෙනවා එකෙන් ඩවුන්ලෝඩ් ලින්ක් ගන්න පුළුවන් එතනම යටින් ඕනේ නම් HC කරපු වීඩියෝ ෆයිල් එක ගන්නත් පුළුවන්

  9. Supun Sadeepa
    Cineru Family Member

    100 වෙනි උපසිරැසියට සුබපැතුම් සෝමේ 😍
    තෑන්ක්ස් දෙනකල් හිටියේ..

  10. congratulations……

  11. Congratulations…

  12. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. 100 වැනි උපසිරැසියට සුභ පැතුම් සහෝදරයා!!
    දිගටම උපසිරැසි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!! ජය වේවා!! බුදු සරණයි!!

  14. Thank you…!! Congratulations on your 100 subS…..Keep It Up……..

  15. Thank Macho මහන්සියට ස්තුතී

  16. Thank you bro, 🙏 congratulations… keep it up….!!!

  17. Priyashan Jayarathna
    Cineru Family Member

    🙂❤️

  18. 100 ට සුභ පැතුම්.. එවගේම ස්තූතියි සබ් එකට 💚

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login