The title of the page
7
48
85

The Nevers (2021) EO2 Sinhala Subtitles | “හෙලිදරව්ව” | සිංහල උපසිරැසි සමඟ

(The Nevers Sinhala Subtitles)

ඔන්න එහෙනං අද දෙවෙනි කොටසත් අරගෙනයි ආවේ.පළමු කොටසෙන් කතාව ගැන පොඩි අදහසක් අරගන්න ඇති කියලා හිතනවා.ගිය කොටසේ මිසිස් ටෘ ඔපෙරාවට ගිහින් මේරිව බේරගන්න උත්සාහ කරාට එයාට මේරිව බේරගන්න උනේ නෑ.මැලඩි එයාවත් පැහැරගෙන කොහොම හරි පැනගත්තා.මේරිව මෙච්චරම වැදගත් මොකද කිවුවොත්.ඒ එයාගේ වෙනස්වීම, තමයි පහස ලද්දන්නට විතරක් ඇහෙන සින්දුවක් එයාට ගායනය කරන්න පුළුවන් එක.මිසිස් ටෘ සහ පෙනන්ස් කොහොම හරි එයාගේ ඒ සින්දුව උපකාරයෙන් අනිත් පහස ලද්දන්ව හොයාගෙන එයාලට උදවු කරන්නයි හදන්නෙ.

අද කොටසේ ගොඩක් දේවල් වෙනස් වෙනවා.මිසිස් ටෘ අද කොටසෙත් මැලඩිව හොයාගෙන.යනවා මේරිව බේරගන්න ඕන නිසා.ඒ වගේම මේ කොටසේ තවත් පහස ලද්දෝ කීප දෙනෙක්ම අලුතින් දැකගන්න පුළුවන්,වෙනස් වෙනස්වීම් ලැබුණු අය.ඒ වගේම ඔගස්ටස්ගේ වෙනස්වීම මොකද්ද කියලා බලාගන්නත් පුළුවන්.ඒ වගේම අර වෙස්මූණු දාගත්ත අයගේ ලොක්කා කවුද කියලා දැනගන්නත් පුළුවන් වෙයි.එහෙනං මිසිස් ටෘ මැලඩිව හොයාගත්තට පස්සේ මොකද්ද වෙන්නෙ කියලා අද කොටසින් බලන්න…

ඒ වගේම එක කණගාටුදායක සිදුවීමක් වෙලා තියෙනවා,අපේ වෙබ් අඩවියේ කලින් කොටසට දීපු උපසිරැසිය කාගෙවත් අවසරයකින් තොරව අරගෙන නම් සහ වෙබ් අඩවියේ අයිතීන් නැති කරලා වෙනත් වෙබ් අඩවියක පල කරලා තියෙනවා.ඒත් මේකෙන් උපසිරැසිකරුවන්ට නම් ලොකු අසාධාරණයක් වෙනවා වගේම මේක අලුත් දෙයකුත් නෙවෙයි.අනිත් අයට නම් මේක ලොකු දෙයක් නෙවෙයි ඒ නිසා මේ ගැන දැනගත්තත් ඒක එයාලට ප්‍රශ්නයක් නෙවෙයි කියලා ඒ වෙබ් අඩවියේ දාලා තිබුන කමෙන්ට් වලින් දැක්කා.ඇත්තටම මේ වගේ පහරන්නෝ නිසා මහන්සිවෙලා උපසිරැසි සපයන වෙබ් අඩවි වලට සහ උපසිරැසිකරුවන්ට ලොකු අසාධාරණයක් සිද්ද වෙන්නෙ.ඒ නිසා ඒ වගේ වෙබ් අඩවි වලට සහය නොදී මහන්සි වෙලා උපසිරැසියක් කරන ඕනම කෙනෙක් වෙනුවෙන් ඒ වගේ වැදගත් වෙබ් අඩවි වලට සහය දෙන්න කියලා මම ඔයාලාගෙන් ඉල්ලනවා.එහෙනං ලබන සතියේ ඊළඟ කොටස ආවහම ඒකටත් උපසිරැසිය අරගෙන එන්නම් ජයවේවා..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

10 comments

  1. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. ස්තූතියි සහෝ😍😍

  4. Shadow and bone eke sub dennako..

  5. Meka dena eka nawattuwda bro.

  6. අඩෝ ඊළඟ එකටත් දියන්කෝ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ

  7. download krnna bane

  8. ඩවුන්ලොඩ් කරන්න බෑ සහො එකක වත් සබ් එක… E03 විතරයි ඩවුන්ලොඩ් වෙන්නේ…ලින්ක් බ්ලොක් වෙලා

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login