The title of the page
8.4
93
93

Falcon and the Winter Soldier (2021) E05 Sinhala Subtitles | සත්‍යය | සිංහල උපසිරැසි සමඟ

සුපිරි සොල්දාදුවන්ගේ සීරම් එකෙන් ඇත්තටම මොකක්ද වෙන්නෙ කියන එක ගැන හරියටම විස්තර කරේ රොබර්ට් අර්ස්කින් විතරයි. Captain America: The First Avenger (2011) Film එක​ බැලුවනම් ඔයාලට මතක ඇති ඔහු තමයි ස්ටීව් රොජර්ස්ට එන්නත් කරපු සීරම් එක නිර්මාණය කරේ. ස්ටීව් රොජර්ස්ට විතරක් නෙවෙයි ඔහු තමයි පළවෙනියටම​ සුපිරි සොල්දාදුවන්ගේ සීරම් එකක් නිර්මාණය කරේ. ඔහු ඒ Film එකේදි ස්ටීව්ට සීරම් එක ගැන විස්තර කරන ගමන් කිව්වේ,

“ඒකෙන් පුද්ගලයෙකුගේ ගුණාංග වර්ධනය කරනවා. හොඳ පුද්ගලයෙක් තවත් හොඳ බවටත්, නරක පුද්ගලයෙක් තවත් නරක බවටත් පත් කරව​නවා.”

ඒ Film එකේදිම ඔයාලා දකින්න ඇතිනේ Red Skull සීරම් එක ගනිපු එකෙන් පත්වුණු තත්වේ. ඔහු නරක පුද්ගලයෙක් නිසා ඔහුගේ තත්වය තවත් දරුණු අතට හැරුණා. ඒ සීරම් එක අර්ස්කින්ගේ සීරම් එක කොපි කරලා හදපු සීරම් එකක් නිසා, ඒකෙ අතුරු ප්‍රතිඵලත් නොතිබුණාම නෙවෙයි. ඒ නිසයි Red Skull ගේ ස්වරූපය වෙනස් වුණේ. Red Skull කියන නම ඔහු ආරුඬ කරගන්නේ ඒකෙන් පස්සෙයි. ඒ විදිහට සුපිරි සොල්දාදුවන්ගේ සීරම් එක නිසා විකෘති වුණු තවත් කෙනෙක් තමයි The Incredible Hulk (2008) Film එකේ හිටපු ඇබෝමිනේෂන් කියන්නෙ. ඒකත් අර්ස්කින්ගේ සීරම් එක ආපහු හදන්න කරපු පරික්ෂණවලින්  තවත් සීරම් එකක්.

හැබැයි මේ කතාමාලාවේදි නේගල් හදපු සීරම් එක​ අර්ස්කින්ගේ සීරම් එකටත් වඩා හොඳට වැඩි දියුණු කරපු එකක්. ඒ හින්දා විකෘතිවීම් නම් සිදු වුණේ නැහැ. ඒත් අර්ස්කින් කියපු කතාව තවමත් සීරම් එකට අදාළ වෙනවා. ඒක තමයි සීරම් එක ගත්තට පස්සෙ වෝකර්ටත් සිද්ධ වුණේ. ඔහු ඒ තරම් නරක පුද්ගලයෙක් නොවුණත් හොඳ නරක ගැන ඔහුට කිසිම තැකීමක් තිබුණේ නැහැ. ඔහුට ඕන කරේ කොහොම හරි වැඩේ ඉවර කරගන්නයි. ඒ හින්දයි ඔහු අතින් කෙනෙක් මිය යන්නෙත්. කැප්ටන් ඇමෙරිකා ගැන විශ්වාස කරගෙන හිටපු කැප්ටන් ඇමෙරිකාගේ ෆෑන් කෙනෙක් අන්තිමේදි ෂීල්ඩ් එකෙන්ම මරණයට පත් වෙනවා.

මේ හින්දාම වෙන්න ඇති Captain America: The First Avenger (2011) Film එකේදි අර්ස්කින් කැමති වෙන්න නැතුව ඇත්තෙ සොල්දාදුවෙක්ට මේ සීරම් එක දෙන්න​. ඔහු ඒක නිසා වෙන්න ඇති ස්ටීව්ට මෙහෙම කියන්නත් ඇත්තෙ,
“හෙට මොන දේ සිද්ධ වුණත් ඔයා මට එක දෙයක් පොරොන්දු වෙන්න​. ඔයා හැමදාමත් ඔයා විදිහටම ඉන්න​. හොඳ සොල්දාදුවෙක් වෙන්න එපා, හොඳ මිනිහෙක් වෙන්න​.”
කොහොම හරි අන්තිමේදි සීරම් එක නිසා වෝකර්ට පාලනයක් නැතුව යනවා. එතන ඉඳලා මොකක්ද වෙන්නෙ කියලා මේ කොටසෙන් බලමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ස්තූතියි මල්ලී සබ් එකට. ලිපියත් ඉතින් සුපිරිම සුපිරි බං. මාර සතුටුයි ඔයා වගේ කෙනෙක් එක්ක සබ් කරන්න ලැබුන එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login