The title of the page
8.4
93
93

Falcon and the Winter Soldier (2021) E06 END Sinhala Subtitles | “අවසානයේදී සිදු වූ නිවැරදි තේරීම” | සිංහල උපසිරැසි සමඟ

(The Falcon and the Winter Soldier 2021 Sinhala Subtitles)
ඉතිං යාලුවනේ හරිම ආඩම්බරෙන් මේ උපසිරැසිය අරන් එන්නේ. මාර්වල් අයගේ අලුත් විශ්වයේ මුල්ම සීරීස් එකත් එක්කත් මම හිටියා. ඒකේ අවසානය කරෙත් මම මයි. දැන් ඔන්න දෙවනි සීරීස් එකෙත් අවසාන එපිය කිරීමේ වාසනාව මට ලැබිලා. මොකෝ හිතන්නෙ ඉතින්? මම කලින් කරපු එපියකදී මගේ අතින් ගොඩක් ටයිපින් මිස්ටේක් හෙවත් වැරදි සිද්ධ උනා. මොකද ඒ වෙලාවේ අධික අසනීප තත්වයකයි මම හිටියේ. ඔන්න ඉතින් අද එහෙම නෑ, උපසිරැසිය සෑහෙන්න සාර්ථකව කරගන්න ලැබුනා. 
මේ විදිහේ අති විශිෂ්ඨ නිර්මාණවට උපසිරැසි කරන්න නිර්ලෝභීව අවස්තාව ලබාදෙන “සමිත රමේශ්” මල්ලීට ගොඩක්ම ස්තූතියි. ඒ වගේම අසේන් කොලුවා සහ මේකේ අනිත් එපි කරපු උදිත දිල්ශාන් කොල්ලාවත් මතක් නොකරම බෑ. 
මොකද කියන කියන වෙලාවට සබ් දාන්න ඔය අසේන් කියන හාදයා ලොකු සපෝර්ට් එකක් දෙනවා. ඒ වගේම මේකේ උපසිරැසි ගහන්න අපි බාරගත්තේ උදිත මල්ලී 1, 3, 5 කියන එපි ටික සහ මම 2, 4, 6 කියන විදිහට. ඒත් මොනවා කරන්නද, මට කරන්න ලැබුනේ 2 සහ මේ අවසාන එපිය විතරයි. ඉතින් එහෙම මට සබ් දෙන්න බැරි වෙච්ච වෙලාවලදී උදිත කොලුවා බෑ නොකියා දීපු සහයෝගෙට ගොඩක්ම ස්තූතියි. දිගටම කොල්ලා එක්ක සබ් කරන්න බලාපොරොත්තුවකුත් තියෙනවා මගේ හිතේ නම්! ඌ කැමති වෙයිද දන්නේ නෑ?😂😂😂
හරි මෙහෙමයි, අපිට කියන්න ලොකු දෙයක් නෑ, ඉස්සර ඉඳන්ම අපි දන්නවනේ අපේ කැප්ටන් ඇමරිකා ඔරිජිනල් හාදයා ගත්තේ හරි තීරණම විතරයි කියලා. මිනිහා ඉවසීමෙන්, නීතියට පිටින් උනත් ගත්තේ හරි තීරන විතරයි. අර CIVIL WAR එකේ සීන් එක මතකනේ? අන්න ඒ වගේම එන්ඩ්ගේම් එකේදී එයා අපේ ෆැල්කන් ලොක්කට දෙනවා කැප්ගේ පලිහ. ඒක එවේලේ අපිට පෙන්නේ කැප් ඒක හිතලා දුන්නා වගේ. මේ එපිය බලද්දී මට හිතුනා කැප් අනාගතේට ගිහින් බලලා මේක දුන්නද කියලත්! වැඩිය කියවන්න දෙයක් නෑ, අපේ යකඩ අතා සහ ශෙරෝන් කෙල්ලත් මාරම සහයෝගයක් දෙනවා අලුත් කැප් ට. අලුත් කැප් කවුරු කියලද හිතන්නේ?? අර පිස්සු හාදයමද? කාලය තරණය කරලා පරණ කැප් එනවද? නැත්නම් ෆැල්කන් ද? බැලූ බැල්මට ගැලපෙන සුපිරි සොල්දාදුවා බකී ද? ඔයාලම බලලා තීරණය කරන්න. අවසානේ පොඩි ඉඟියකුත් තියෙයි. ඉවරවෙනකල්ම බලන්න. එහෙනම් සති හයක් පුරාවට ඔයාලා එක්ක හිටිය අපේ වීරයෝ තුන්දෙනෙක් ඔන්න අදින් පොඩ්ඩක් දුරස් වෙනවා. ටික කාලෙකට විතරයි. 
අද තියෙන්නේ අර වෙනදා කියනව වගේම “ඔයාලා අදවත් කමෙන්ටුවක් ලිව්වොත් ඒක අපිට හයියක් ඈ!” එ වගේම මගේ උපසිරැසි ගමනේ හෙවනැලි දෙක, මගේ බිරිඳ සහ මගේ පුතා – ලක්ෂ්මී සහ සදහම් ට ගොඩක් පිං මට හයියක් උනාට. 
ඉතින් එහෙනම් ලොකී ගේ විකාර එක්ක හමුවෙමු අපි. ඒ වගේම මගේ ඊලඟ සබ තමා සුපර් මෑන් සහ ලොයිස් එපිසෝඩ් 04.ඒකත් එක්කත් ආදරෙන් එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. සුපිරි ඇ…..දිගටම sub දෙන්න කියල සුබ පතනවා !!!!

  3. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 නියමයි දර්ශන අයියේ, ඉක්මණටම දාලා.
    අනිවා, තව සීරීස් එකක් කරමු.

  4. Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

  5. චානක තිලංක

    නියමයි මාර්වල්ලගේ ෂෝ එකකට සබ් ගෙනාවා මරු හොදේ සබ නම් පට්ට.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login