The title of the page
8.6
92

The King’s Affection (2021) E07-08 Sinhala Subtitles |”රජුගේ මවාපෑම”| සිංහල උපසිරැසි සමඟ

(The King’s Affection 2021 Sinhala Subtitles)

The King’s Affection E03-E04

අද මම අරගෙන එන්නේ The King’s Affection කොරියානු කතා මාලාවේ හත්වන හා අටවන කොටස් දෙක.

Information

 English Title – The King’s Affection

 Also Known As – Attachment, Yeonmo

 Type – Drama

 Episodes – 20

 Aired – oct 11 -Dec 14, 2021

 Original Network- KBS2, Netflix Main

Cast

01. Park Eun-Bin(Lee Hwi ලෙස)

02. Ro Woon (Jung Ji-Un ලෙස)

07 කථාංගය

කලින් කතාවේ අන්තිමේට මතක ඇතිනේ ඔයාලට ජුන්ග් කතිකාචාර්‍යගේ රහසක් එලිවෙලා ලොකු අකරතැබ්බයක් වෙනවා.ඒත් ජුන්ග් ජි උන්ට ලොකු දඬුවමක් නියම වුණත් ඒ හැමදේම එයා කලේ තමන්ගේ අතිජාත සගයෝ දෙන්න බේරගන්න කියලා දැනගෙන කොහොමහරි කුමාරයා දඬුවමෙන් එයාව බේරගන්නවා.මේ වෙනකොට කුමාරයාට,ඒ කියන්නෙ අපේ නිවුන් කුමාරිකාවට තේරිලා ඉවරයි මේ ඉන්න ජුන්ග් ජි උන් තමන් පොඩිකාලේ දන්න හොඳ අවංක කෙනාමයි කියලා.මේ අතරේදි තමයි මින්ග් රාජ්‍යයෙන් දූත පිරිසකුත් ජෝසනයට එන්නෙ.පිරිසේ ප්‍රධානියා තමා මින්ග් අධිරාජයාගේ ප්‍රධාන නපුංසකයා.එයත් ජෝසනයේ උපන්නත් පොඩි කාලයේම වහල් සේවයට මින්ග් රටට යවපු කෙනෙක්.ඒ නිසා එයාගේ යටිහිතේ වෛරයකුත් තියෙනවා කියලා ඔයාලට මේ කතාංගයෙන් දකින්න පුළුවන්.ඒ වගේම දූත පිරිස පිළිගන්නේ කුමාරයා.නපුංසකගේ මේ තරහව දෙන්නා අතරේ ලොකු ගැටුමකටත් මුල් වෙනවා.

08 කථාංගය

ලොකු ප්‍රශ්නයක් වුණා කියලා ඔයාලා දැක්කනේ.පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ අම්මා වගේ තමන්ව බලාගත්ත පාලිකාවගේ කොණ්ඩේ නපුංසකයා කැපුවහම ආපු දරාගන්න බැරි තරහට කුමාරයා එයාට නහයින් කටින් ලේ වැටෙන්නම ගහනවා.ඒත් කුමාරයා කලේ ලොකු වරදක්,රාජ්‍ය තාන්ත්‍රික අර්බුද ගොඩකට මගපාදන වැඩක්.කුමාරයා වැටෙන ඒ හැමතැනකම ජුන්ග් ජි උන් කුමාරයාට හයියක් වෙන්න එයා ළඟින්ම ඉන්නවා.ඒ අතරේ ප්‍රධාන නපුංසකයා තමන්ට වුන නින්දාවට වාඩුව ගත්තේ කුමාරයාගේ ආරක්ෂක කිම් ගා ඔන්ට තමන්ගේ ආරක්ෂකයා ලවා නොහිතපු විදිහට සටන් කරන්න ඉඩ දීලා ඒකෙනුත් කිම් ගා ඕන්ට ලොකු තුවාලයක් වෙනවා.මේ කතාංගයෙන් අපිට බලාගන්න පුළුවන් මේ කිම් ගා ඔන් කියන්නෙ ඇත්තටම කවුද කියලා.මෙහෙම වෙනකොට ප්‍රධාන නපුංසකයා මුණගැහෙන්න කෙනෙක් හොරෙන්ම එනවා.ඒ කවුද,මොකටද එන්නේ,මොකක්ද හේතුව,කුමාරයා මොනවද ප්‍රධාන නපුංසකයා ගැන හොයාගන්නේ,කොහොමද ප්‍රශ්නය විසඳාගන්නේ කියලා දැනගන්න මේ කතාංගයත් බලලම ඉන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

10 comments

  1. Maru Maru Niyamayi..
    Digatama demu..
    Thank You..

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Thank You Bro ❤️

  4. 09,10th ikmanata one

  5. කියන්න වචන නෑ මේ කරන වැඩේ ගැන. ගොඩක් ස්තූතියි

  6. බොහොම ස්තුතියි නියම වැඩක් .

  7. උපසිරැසියට ස්තූතියි

  8. Video link wada na

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login