The title of the page
8.6
92

The King’s Affection (2021) E09-10 Sinhala Subtitles |”රජුගේ මවාපෑම”| සිංහල උපසිරැසි සමඟ

(The King’s Affection 2021 Sinhala Subtitles)

The King’s Affection E03-E04

අද මම අරගෙන එන්නේ The King’s Affection කොරියානු කතා මාලාවේ හත්වන හා අටවන කොටස් දෙක.

Information

 English Title – The King’s Affection

 Also Known As – Attachment, Yeonmo

 Type – Drama

 Episodes – 20

 Aired – oct 11 -Dec 14, 2021

 Original Network- KBS2, Netflix Main

Cast

01. Park Eun-Bin(Lee Hwi ලෙස)

02. Ro Woon (Jung Ji-Un ලෙස)

09 වැනි කථාංගය

         දැන් නම් ජුන් ජි උන් ඉන්නේ කුමාරයාට හරිම ආදරෙන්.බීලා වැඩිවෙලා කුමාරයාව සිපගත්ත හැටිත් කලින් කතාංගයෙන් ඔයලා දකින්න ඇතිනේ.මේ අතරේ කුමාරයාගේ සීයාගේ රහස් සැලැස්මත් රජතුමාට එළිවෙනවා.අපිට ඉස්සරහට ඒ ප්‍රශ්නේ කොහොම වෙයිද කියලත් බලාගන්න පුළුවන් වෙයි.මෙහෙම දේවල් වෙන අතරෙදිම තමා රජතුමාගේ අම්මා,ඒ කියන්නේ දෝවගර් රැජිණයි සවොන්ගුන් අමාත්‍යයි කිරුල හිමි කුමාරයාගේ විවාහ මංගල්‍ය ගැන කතා කරන්නේ.හැබැයි ඒකට රජතුමා විරුද්ධයි.අද කතාංගයෙන් අපේ මේ කතාවට තවත් අළුත් ප්‍රධාන චරිතයක් එකතුවෙනවා,ඒ තමයි යුධ අමාත්‍යගේ දුව වෙන හා-ගියොන්ග්.මේ අතරේ ලී හියුන්,ඒ කියන්නෙ ජෙයුන් කුමාරයා ලොකුම ලොකු රහසක් මේ කතාංගයෙන් හොයාගන්නවා.ඒ තමයි තමන්ගේ මිත්‍රයා වෙන ජුන්ග් ජි-උන් ගෙයි කුමාරයා විදිහට ඉන්න කුමාරයාගේ නිවුන් සහෝදරියගෙයි අතීත කතාව.එයා දැනගන්නවා ජී උන් කිව්ව තමන්ගේ පලවෙනි ආදරේ,ඒ කියන්නේ ඩෑම් -යී කියන්නේ කුමාරයාගේ නිවුන් සහෝදරිය කියලා.

10 වැනි කථාංගය

           ජුන්ග් ජි-උන් ටත් ආරංචි වෙනවා කුමාරයා විවාහ වෙනවා කියලා.ඒකෙන් එයා ගොඩක් දුක් වෙනවා.මේ අතරේදිම තමයි කුමාරයාව මුලින්ම මරන්න හදපු ඝාතකයා මැරිලා නෑ කියලා අණදෙන නිළධාරී යූන්ට තහවුරු වෙන්නේ.කට්ටිය දන්නවනේ මුල ඉඳන්ම එයා කුමාරයාගේ ආරක්ෂාවට ඉන්න කිම් ගා ඔන්ව සැකකරනවා කියලා.අද කතාංගයෙන් එයාගේ සැකය වඩාත් තහවුරු වෙන සිද්ධි කීපෙකුත් වෙනවා.කුමාරයාට සුදුසු බිසවක් තේරීමේ කටයුතුත් මේ අතරේ සිද්ද වෙනවා.සෝ යුන්ටත් අකමැත්තෙන් වුණත් මේ තේරීම් කටයුතුවලට යන්න වෙනවා තමන්ගේ පියාගේ අණ නිසා.මොකද සෝ-යූන් කැමති කෙනෙක් ඉන්නවා කියලා ඔයාලා දන්නවනේ.ඒ තමයි ජුන්ග් ජි-උන්.මේ දේවල් වෙන අතරේ අන්තිමේදි කුමාරිකාව(කුමාරයා) තීරණය කරනවා තමන්ගේ තරුණ අවදියේ පෙම්වතා වෙන කථිකාචාර්ය ජි-උන්ව තනතුරෙන් මාරු කරන්න.මේ දේවල් ගැන දන්න ජි-උන්ත් අන්තිමේදේ කුමාරයාට සමුදීලා මාළිගාවෙන් පිටවෙලා යනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

15 comments

  1. ගොඩක් ස්තූතියි සහෝ.
    ඉතුරු සබ් ටිකත් ඉක්මනටම දෙන්න.
    වැඩෙ අතාරින්න එපා.😊

  2. THANKS BRO…..

  3. Thank You Bro🤜🤛

  4. Maru Maru..
    Digatama demu..
    Thank You..

  5. video link eka dennakooooooooo

  6. Sub ekata thanx

  7. Can you give now we are breaking up drama subtitles too!

  8. Thankyou for the subtitles!

  9. Thank you

  10. E 7,8 subtitles dunne nadda?Site eke pennanne na.

  11. dan ok….Thank YOU..

  12. Meke ituru sub tykth dennko

  13. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login