The title of the page
Shang Chi Sinhala Sub
Shang Chi Sinhala Sub
7.9
92
94

Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitle | “ටා ලෝ පුරාවෘතය” | සිංහල උපසිරැසි සමඟ

(Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitle) (Shang-Chi 2021 Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම…ඔන්න අදත් උණු උණු වෙන්ම සුපිරි ෆිල්ම් එකකට සිංහල උපසිරැසියක් අරගෙන ආවා..මේකත් මේ විදියට ගොඩක් ඉක්මනින් ඔයාලා ළඟට අරගෙන එන්න පුලුවන් වුණේ ෆිල්ම් එකට නිකුත් වුණු කැම් පිටපතට කලින් උපසිරැසිය නිර්මාණය කරගෙන හිටපු නිසා…එහෙනම් අපි යමු අද අරගෙන ආව ෆිල්ම් එක පැත්තට..

        Welcome to the MCU Shang-Chi 🔥

Shang-Chi කියන්නෙ MCU එකේ Best Martial Artist නැත්තන් Master of Kung Fu. ඒ වගේම තමයි Shang-Chi කියන්නෙ MCU Phase 04 එකේදි අලුතෙන්ම අඳුන්වලා දෙන චරිතයක්. චිත්‍රපටියෙ නම “Shang-Chi and the Legend of the Ten Rings” හැබැයි ඉතින් “Shang-Chi” චරිතය MCU එකට අලුත් උනාට “Ten Rings” ලා නම් MCU එකට අලුත් නෑ. MCU ලගෙ Iron Man (2008) චිත්‍රපටියෙ Opening scene එකේදි ටෝනි ස්ටාර්ක්ව පැහැරගන යන්නෙ Ten Rings සංවිධානය. ඔව් ඔව් මුලටම Connected 💯 “Ten Rings” ලා කියන්නෙ කවුද? මෙයාලට මොනවද කරන්න පුළුවන්? කියන දේවල් මේකෙන් බලාගන්න පුළුවන්. 

මේ චිත්‍රපටිය ගැන කතා කරනකොට Simu Liu ගැනත් අනිවාරෙන්ම කියන්න ඕන. ඒ මොකද කියනවා නම් Simu Liu ට මේ Shang-Chi චරිතය ලැබෙන්නෙ ඔහු මීට කලින් Stan Lee ජීවතුන් අතර ඉන්න කාලෙ twitter වලින් පෝස්ට් එකක් දාලා තිබුණා එයාව Superhero කෙනෙක් කරන්න කියලා. ඉතින් කාලයක් ගිහින් කොහොමෙන් කොහොම හරි Simu Liu ව මේ චරිතයට කාස්ට් කරනවා. ඒ ලැබුණු අවස්ථාවෙන් Simu Liu උපරිම ප්‍රයෝජනයක් අරගෙන තියෙනවා වගේම Shang-Chi චරිතයටත් උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා චිත්‍රපටිය බැලුවහම තේරෙනවා. 

කවුද මේ Shang-Chi?

Shang-Chi ව අපිට මුලින්ම කොමික් වලදි දකින්න ලැබෙන්නෙ 1973 වසරෙ දෙසැම්බර් මාසයේ නිකුත්වෙන Special Marvel Editions #15 කියන කොමික් කලාපයෙන්

Special Marvel Editions #15

ඉතින් මේ Shang-Chi ව නිර්මාණය කරන්නෙ Steve Englehart සහ Jim Starlin කියන අය විසින්. මේ කතා මාලාවට එකතු වුණු කුංෆු සංකල්පය නිසාම මේක ලෝකය පුරාණ හුඟක් ප්‍රසිද්ධ වෙනවා. Shang-Chi ගෙ ආරම්භය ගැන කතා කරනකොට ඔයටික තමයි කියන්න තියෙන්නෙ.

ඊළඟට කතා කරමු මේ චිත්‍රපටියේ Main Villain එහෙමත් නැත්තන් ප්‍රධාන හතුරා ගැන. ඒ තමයි මැන්ඩරීන්… ඔව් ඔව් අපිට Iron Man (2008) චිත්‍රපටියෙදිත් මැන්ඩරීන්ව බලාගන්න පුළුවන්කම තිබුණා. ඒත් අපිට ඒකෙදි බලාගන්න පුළුවන් උනේ යම්කිසි විදිහකින් විහිළුවකට ලක්වුණු මැන්ඩරීන් කෙනෙක්ව. ඒ වගේම ඒ චිත්‍රපටියේ අවසානයේදි අපිට පෙන්නලා දෙනවා ඒ නියම මැන්ඩරීන් නෙවෙයි කියලා. ඉතින් ඒ නියම මැන්ඩරීන්ව අපිට මේකෙදි බලාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ කොයි කවුරුත් දන්න “Tony Leung Chiu-wai”. ඇක්ටින් ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

ඒ වගේම තමයි “Ten Ringsගැනත් කතා නොකරම බෑ. මෙන්න මේ Ten Rings සංවිධානය නම් මම මුලින් කිව්වා වගේම MCU එකේ මුල ඉඳලම අපිට පෙන්නලා දෙනවා. මෙන්න මේ Ten Rings සංවිධානය නිර්මාණය කරන්නෙ චිත්‍රපටියේ හැටියට Xu Wenwu විසින්. Ten Rings කියනකොට හැමෝටම තේරෙන දෙයක් තමයි “මුදු දහයක්” කියන දේ. මේ මුදු දහයෙ එකිනෙකට වෙනස් බලයන් දහයක් තියෙනවා. ඒ මොනවද කියලා චිත්‍රපටිය බලනකොට ඔයාලට තේරෙයි. Comic පිස්සො ටිකයි අනිත් Movies පිස්සො ටිකයි Korean Community එකයි මේක බලන්න ප්‍රධාන හේතුවක් වෙන්නෙ Tony Leung Chiu-wai” නැත්තන් “Mandarin” නිසා

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙDestin Daniel Crettonවිසින්. Music කරලා තියෙන්නෙJoel P. West.ඇ.ඩො. මිලියන 150 – 200 ත් අතර වියදමකින් නිර්මාණය කරපු මේ චිත්‍රපටිය මේ වෙනකොට ඇ.ඩො. මිලියන 429 ක් දැවැන්ත ආදායමක් ලබාගෙන තියෙනවා. ඒ වගේම මේ වෙනකොට IMDb 7.9ක් වගේමRotten Tomatoes මීටරේ 92% ක අගයකුත් ලබාගෙන තියෙනවා.

අන්තිමට කියන්න තියෙන්නෙ මේ ක Full Action & Entertainment Pack එකක්. Combat Scene එහෙම බලාගෙන ඉන්න ආසයි. ඒ වගේම ෆිල්ම් එකේ Black Panther Vibe එකක් තියෙනව... Marvel Fan කෙනෙක් නම් අනිවාරෙන් ඒක තේරෙයි. CGI & VFX එහෙම Next Level. BGM ටිකත් මරු. ඒ වගේම Post Credit Scene දෙකක් තියෙනවා. 

#HAILMARVEL

(Shang Chi Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

33 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    තෑන්ක්ස් සුපුනා සබට👌💕💕

  2. Ammatasiriii neda 😍 Thnx Mcn

  3. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    වැඩේ සුපිරියි, සහෝ! සබ් එකට ස්තුතියි!

  4. Shan Shenow
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 😻🔥

  5. Tnx Saho Sub eka mechchara ikmanata dunnata

  6. sub එකට ස්තූති සහෝ…❤️

    • Thanks machan sub ekata… aapu gaman kalin indala sub hadaagena ubala windina dukak.. Ubalata geweemak wage deyak wenawa Nam godak watinawa.

  7. Thank you bn..උබල අපි වෙනුවෙන් උබලගෙ වටිනා කාලය වැය කරමින් අපිට උපසිරසි ලබා දෙන එක ගැන.❤

  8. Tnx sub ekata

  9. Thanks sub ekata.

  10. Thank you sago ❤

  11. ado tnx bn godak

  12. හපොයී..😳😳ආපු ගමන්ම දීල..බොහෝම ස්තූතියි..
    ලංකාවෙ මුලින්ම මේකට සබ් දුන්නෙත් Cineru තමා..
    ජයවේවා…ඊලහ උපසිරැසියෙම් හමුවෙමු..❤️✌️❤️

  13. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  14. ගැම්මක් තමයි සබ් එක

  15. Love you Cineru

  16. තෑන්ක්ස් සගෝ..❤

  17. dan mee page1 thamayi ikmaninma sub denne. maru. download site ekakuth thibba nam maru.

    • අමුතුවෙන් ඩවුන්ලෝඩ් සයිට් එකක් මොකටද මචං…මේකෙන්ම ඔයාට වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්…ඔයා පිට රටක ඉන්න කෙනෙක් නෙවෙයිනම්,VPN on කරගෙන සයිට් එකට එන්නේ නැත්තන් වීඩියෝ පිටපත් කියලා බට්න් එකක් ඔයාට පෙන්වයි..එතනින් කැමති සයිස් එකකින් වීඩියෝ කොපි බාගන්න..එහෙම නැත්තන් සයිට් එකේ පහළින් තියන පික් එක ටච් කරලා අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට ජොයින් වෙලා එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්..

  18. ammo supiriyak thanks bro sinhala sube ekata {Aaradugula Bullet (2021) Telugu film ekatath sube dannako /../

  19. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  20. SUB ekt tnx sahoo

  21. පට්ට බ්‍රෝ ෆිල්ම එකයි සබ් එකයි දෙකම එක තැනින් ගන්න පුලුවන් අපි වෙනුවෙන් කරන සේවයට බොහොම ස්තූතී,, ❤️

  22. Thank you soo much

  23. balagena hitiye enkal meka… thnxx bro

  24. patta site ekakne…lagadi ahu une

  25. Supun Sadeepa
    Cineru Family Member

    හැමෝටම ස්තූතියි 😍

  26. Thanks Subtitle එකට ❤

  27. TNX of this Sub… Thank you so much!!!..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login