The title of the page
7.8
96

Mughizh (2021) Sinhala Subtitles | “සියල්ල අනිත්‍යයි..!! ” | සිංහල උපසිරැසි සමඟ

(Mughizh 2021 Sinhala Subtitles)

සුභ දවසක් වේවා හැමෝටම ..!!!

ඔන්න ඉතිං දවස් කීපයක නිවාඩුවකට පස්සේ ආයෙත් මම ආවා සුපුරුදු පරිදි තවත් අලුත්ම අලුත් දමිල චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන. වැඩි විස්තර ඕනා නෑ අපි යමු චිත්‍රපටිය පැත්තට.

2021 වසරේ ඔක්තොම්බර් මස 7 වෙනිදා අන්තර්ජාලයට නිකුත් වන මෙම චිත්‍රපටියේ නම Mughizh ( 2021) . ඉතිං මේ චිත්‍රපටියේ ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වෙන්නේ ඔබ අප හැමෝම දන්න දමිල සිනමාවේ දක්ෂ නලුවෙක් වන Vijay Sethupathi විසින් වන අතර මෙහි ප්‍රධාන නිලියගේ චරිතයට පන පොවන්නෙත් දමිල සිනමාවේ දක්ෂ රංගන ශිල්පිනියක් වන Regina Cassandra විසිනි . ඒ වගේම මේකේ ඉන්නවා තවත් චරිතයක් එයත් ටිකක් විශේශයි ඒකට හේතුව ඒ සේදුපතිගේ දියණිය වීම ඇය නමින් Sreeja Sethupathi

Karthik Swaminathan මහතා විසින් අධ්‍යක්ෂනය කර තිර රචනය කර ඇති මෙහි නිෂ්පාදනය යන බැනරය යටතේ විජේ සේදුපති විසින් සිදු කර ඇත. පැය 1 කුත් විනාඩි 2 ක් පුරාවට දමිල බසින් ගලාගෙන යන මෙම කතාව මේ වන විට IMDb තුල 7.4/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබ ගන්න සමත් වෙලා තියෙනවා..

කතාව ගැන මම කෙටියෙන් කියන්නම්.

ආදරයෙන් පවුල ගෙවාගෙන යන මවක් පියෙක් සහ එක් දියණියක් ඉතිං මේ දෙන්නගෙ මේ දුව බල්ලන්ට හරිම බයයි , හැබැයි මෙයාගෙ අම්මා තාත්තාහරිම ආසයි බල්ලන්ට පාරක ගියත් දැක්කොත් හුරතල් කරනවා . ඉතිං ඔන්න ඔය අතරේ තමා තමන්ගේ දියණියගේ බය නැති කරන්න කියලා හිතාගෙන ගෙදරට බල්ලෙක් ගේන්නේ . කොහොම උනත් මේ බලු පැටියා ගේනවත් එක්ක මෙයාලගෙ කතාව එහෙම් පිටින්ම අනිත් පැත්ත හැරුවුනා…

ඉතිං මේ කතාවේ ඉතුරු ටික මම කියන්න යන්නේ නෑ මොකද ඔක්කොම කිව්වොත් අපරාදෙනේ මේක ශෝට් ෆිල්ම් එකක් නිසා , හැබැයි අනිවාරෙන්ම බලන්නම ඕනා කතාවක් ජීවිතේට පාඩමක් ලැබෙන කතාවක්..

තවත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරනයි.

 

මම අශේන් මධුරංග ( චූටියා ) 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

7 comments

  1. ado thq ahh .puluvnm Casualties of War (1989) mekta sub dipan supiriyak

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. THANKS ASHEN MADURANGA

  5. meka download wenne na ne

  6. Sub ekata thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login