The title of the page
The Haunting of Bly Manor (2020) E01 Sinhala Subtitles
The Haunting of Bly Manor (2020) E01 Sinhala Subtitles
7.4
87
87

The Haunting of Bly Manor (2020) E01 Sinhala Subtitles | යහපත් වූ සුන්දර තැනක් | සිංහල උපසිරැසි සමග

(The Haunting of Bly Manor (2020) E01 Sinhala Subtitles) ඔන්න තවත් කතා මාළාවකට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම.ගොඩක් අයට මේක හුරු පුරුදු ඇති මොකද මීට කලින් ඒ කියන්නේ 2018 වසරේ නිකුත් උන haunting of hill house කියන කතා මාළාව නිසා.ඒ වගේම මේ කතාව, ඒ හා සමාන වෙනත් විශ්වයක කතාවක් විදිහටයි දිගහැරෙන්නේ.ඒ වගේම පෙර කතාවේ රංගනයෙන් දායක උන රංගන ශිල්පීන්,ශිල්පිනියන් කීපදෙනෙක්ම මේ කතා මාළාවෙත් දැකගන්න පුලුවන්.මේ කතාවත් hill house කතා මාළාවත් අතර කිසිම සම්බන්දයක් දකින්න නං ලැබෙන්නේ නැහැ.පෙර කතාවට වඩා මේ කතා මාළාව horror පැත්තට වඩා romance පැත්තට බර කරලා නිර්මාණය කරලා තියෙනවා.ඒත් කුතුහලය දනවන අතින් නම් ඉහල මට්ටමක පවතිනවා වගේම කිසිම කම්මැලි කමක් නැතුව දිගටම බලාගෙන යන්න පුලුවන් කතාවක්.

මේ කතා මාළාව NETFLIX අයතනය වෙනුවෙන් Henry james ගේ නිර්මාණ පාදක කරගෙන Mike Flanagan අතින් තමයි නිර්මාණය වෙන්නෙ.ඒ වගේම NETFLIX ආයතනය විසින් සම්පුර්ණ කතා මාළාවම මේ වසරේ ඔක්තෝබර් 9 වෙනිදා එකවර නිකුත් කරලා තියෙනවා.ප්‍රේක්ෂක ප්‍රතිචාර පැත්තෙන් බලනකොට, මේකට 7.4 Imdb අගයක් වගේම 87%ක rotten tomatoes සහ 87%ක ගූගල් පරිශීලක කැමැත්ත ලබාගන්න සමත්වෙලා තියෙනවා.ඒ වගේම කතාව පැත්තට ගියොත්,1987 වර්ෂයේ තමයි මේ කතාව සිද්දවෙන්නේ.ලන්ඩන් නගරයේ ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙන් වෙන හෙන්රි වින්ග්‍රේව්(Henry Thomas) කියන පුදගලයා විසින් තමන්ගේ සහෝදරයගේ දුව සහ පුතාව රැකබලාගන්න නැනී කෙනෙක් එහෙමත් නැත්තං ආයා කෙනෙක් හොයනවා.මේ පිළිබඳව දැන්වීමක් දැකපු ඩැනියල් (Victoria Pedretti)කියන කාන්තාව මේ රැකියාව බලාපොරොත්තුවෙන් එනවා.

මෙයා ඇමරිකාවේ ඉඳලා එංගලන්තයට ආව කෙනෙක් වගේම ඇමරිකාවේ ගුරුවරියක් විදිහට කටයුතු කරපු කෙනෙක්.මෙයාට මේ රැකියාව කරන්න ලැබෙන්නේ මේ වින්ග්‍රේව් මහත්මයාගේ පවුලට අයත් නිවසේ.ඒක පිහිටලා තියෙන්නේ ලන්ඩන් නගරයට දුරින් පිහිටපු මැනර් කියන ගමේ.ඒ නිවස පිහිටලා තියෙන්නේ බ්ලයි කියන වතු යායේ.මේ ගෙදර මෙහෙකාරිය වෙන හැනා ග්‍රෝස්(T’Nia Miller)කියන කාන්තාව වගේම ඔවන්(Rahul Kohli)කියන කෝකියෙක් සහ ජේමි(Amelia Eve) කියන ගෙවත්ත බලාගන්න කෙනෙක් ඉන්නවා.තවත් සෙසු චරිත කීපයක්ම ඉන්නවා ඒ අය ගැන කතාව අතර තුර දැනගන්න ලැබෙයි.

ඒ චරිත වලට Oliver Jackson-Cohen,Tahira Sharif,Amelie Bea Smith,Benjamin Evan Ainsworth,යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා.මේ ඩැනියල්ට මේ නිවසට ගියාට පස්සේ තමයි මෙයාට ගොඩක් ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙන්නේ,ඒ වගේම මෙයාට කලිනුත් ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න උන නිසා තමයි එයා එංගලන්තෙට එන්නේ.ඒ ගැන වෙනම කොටසකින් බලාගන්න පුලුවන් වෙයි.කතාවේ කොටස් ටික ඉක්මනටම අරන් එන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ඔයාලගේ අදහස් උදහස් අපිට ගොඩක් වටිනවා ඒ නිසා පහලින් අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.එහෙනං ඊළග කොටසින් හමුවෙමු……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

19 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    sahoo fatta

  2. අම්මෝ බොහොම ස්තුතියි සහෝ.ඊළග එපියත් ඉක්මනට අරන් එමු💓

  3. ගොඩක් බලාපොරොත්තුවෙන් හිටිය සිරීස් එකක්…ගොඩක් ස්තුතියි..දිගටම මේ වගෙ සුපිරි ඉංග්‍රීසි සීරිස් වලට සබ් කරනවනම් ගොඩක් කැමතියි …

  4. Supiri wadak saho
    Ithuru tikath ikmanta demu

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචෝ

  6. බාගයක් දීල නවත්තපං

  7. thanx broooo……

  8. thnx bro,,,,,,

  9. thanks sub ekata

  10. MEGA ekai uptobox ekei dekema thiyenne ekama neda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login