8
100
91

Green Lantern The Animated Series E01-E06 (2012) Sinhala Subtitles | විශ්ව ආරක්ෂක ග්‍රීන් ලැන්ටර් බලකාය | සිංහල උපසිරැසි සමග

( Green Lantern The Animated Series (2012) Sinhala Subtitles ) කාලෙකට පස්සේ, ඔන්න ඉතින් යාළුවනේ ඇනිමේශන් ෆිල්ම්ස් වලට ආස අයට මං මේ පාර DC ලගේ සුපිරි වීර චරිතයක් වන ග්‍රීන් ලැන්ටර්ලගේ Tv Series කතා මාලාවකට මේ පාර මං සබ් අරගෙන ආවා. එහෙනම් ඔන්න ඉතින් යාළුවනේ මේ කතා මාලාවේ පළවෙනි කොටස් පහට එකපාර සබ් අරගෙන ආවේ, ඇත්තම කිව්වොත් ඔයාලට ෆිල්ම් එක ගන්නකොට හිතෙයි එපිසෝඩ් හයකටම සබ් දීලා කියලා මේ කතා මාලාවේ පළවෙනි එපිසෝඩ් එකයි දෙවෙනි එපිසෝඩ් එකයි දෙකම එකට කරලා එක එපිසෝඩ් එකක් විදිහටයි දීලා තියෙන්නේ ඒකයි එපිසෝඩ් වල නමේ හයවෙනි එපිය කියලා තියෙන්නේ මං එකපාර සබ් පහක් දෙන නිසා මේ දෙය විශේෂයෙන්ම මගේ යාළුවන්ට දැනගන්න ඕනේ නිසයි මේ විදිහට මතක් කලේ. මං මේ කියන්න යන දෙය නම් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මොකද කියනවා නම් මගේ සබ් ගුරුතුමා ඒ කියන්නේ දර්ශන හෙට්ටිවත්ත අයියගේ ඉල්ලීමක් මත තමයි මං මේකට සබ් කලේ. ඇත්තම කිව්වොත් එයාගේ සපෝට් එක නිසා තමයි අද මං මේ තරම් දුරක් ආවේ. මං සබ් හදන ෆිල්ම් වල ට්‍රේලර් හදන්නෙත් එයා තමයි ගොඩක් ස්තූතියි මං වෙනුවෙන් මේ තරම් දේවල් කරනවට. සමහර අය කියයි මං දර්ශන හෙට්ටිවත්ත අයියා ගැන ඕනවට වැඩිය දේවල් කියනවා කියලා ඒත් අද කාලේ මුල අමතක වෙන අයට මතක් කරලා දෙන්න ඕනේ තමන් අද මේ ඉන්න තැනට එන්න ගොඩක් දෙනෙක් තමන්ගේ සහයට හිටියා කියලා.

හරි එහෙනම් මං කතා මාලාව පැත්තට හැරෙන්නම්කෝ, ඇත්තෙන්ම මේ කතා මාලාව හැල් ජෝර්දන් සහා කිලොවොග් කියන ග්‍රීන් ලැන්ටර් චරිත දෙක වටා ගෙතුනු කතා මාලාවක්. මෙය මුල් වරට 2011 වසරේදී තමයි විකාශය වෙලා තියෙන්නේ. මේ කතා මාලාවට 8 / 10 IMDb අගයක් ලැබිලා තියෙනවා. බෘස් ටිම්, ජියැන්කාර්ලෝ වොල්පේ, ජිම් ක්‍රිග් අයගේ දායකත්වය මත මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නේ. මේක ඩීසී නේෂන් රූපවාහිනී කොටසෙහි කොටසක් විදිහට මේ කතා මාලාව කාටූන් ජාලයේ විකාශය වෙලා තියෙනවා. ඒ වගේම මේක පළමු ග්‍රීන් ලැන්ටර් රූපවාහිනී කතා මාලාවක් විදිහටත් පළමු CGI DC / WB මාලාවක් විදිහටත් හදුන්වන්න පුළුවන්. ග්‍රීන් ලැන්ටර් කතා මාලාවේ දැනට පළවෙනි සීසන් එක විතරයි නිකුත් වෙලා තියෙන්නේ ඒ සීසන් එකෙත් එපිසෝඩ් 26 ක් නිකුත් වෙලා තියෙනවා. අවාසනාවට වගේ මේ කතා මාලාව අඩු ආදායමක් ලැබීම නිසා එක් සීසන් එකකට මෙය සීමා කරලා තියෙනවා. මේ කතා මාලාවේ පාදක වෙලා තියෙන්නේ හැල් ජෝර්දන්, කිලොවොග්, ආයා, රේසර්, මෝගෝ වගේ බල මුදු වල ආරක්ෂකයින් රෙඩ් ලැන්ටර්ලගේ ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම මත පදනම්ව නිර්මාණය කරලයි තියෙන්නේ. මීට වඩා දෙයක් මං මේ ගැන කියන්න යන්නේ නෑ මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න.හැමෝටම අරගෙන බලන්න කියලා මං ආරාධනා කරනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අපේ මේ සබ් පළ කරන ලොකු බොස් සමිත සහෝවත්, ඒ වගේම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මාව මේකට යොමු කරපු දර්ශන හෙට්ටිවත්ත අයියවත්, අපේ පොඩි බොස් අංජුල සහෝවත්, අපේ සිනෙරු පවුලේ හැම දෙනාමත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ හැමදෙනාටම ගොඩක් ස්තූතියි. පුංචි ඉල්ලීමක් තියෙනවා, පුළුවන් නම් පහළින් කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |350|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

24 comments

  1. Godak sthuthi

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සබ දීලා විනාඩි 31යි. ඔන්න මගේ කමෙන්ටුව. මචං ආයේ සබ් ගේමේ ඉන්න එක ගැන සතුටුයි.උඹ ජීවත්වෙන්න කන කට්ට දන්නවා. ඒත් සිනෙරූ පවුලෙන් හැලෙන්න එපා. මේ වගේ සෙට් එකක් කිසිම සයිට් එකක නෑ බං. සුපිරි ඈ. අද ඉඳන් බලනවා.ඊලඟ ටික ඉක්මනින්ම ඕනේ. මේ කමෙන්ට් එකේ රිප්ලයි එකට ලියන්න දෙන දවස ඊලඟටික. හැමෝම වෙනුවෙන් ඉල්ලුවේ

    • Thank you… Welcome back
      Van healsing 😪

      • චානක තිලංක
        Cineru Family Member

        Thanks Ayan comment ekata ilagata man sab denne man nathara karala thibba Van Helsing katha malawata

    • චානක තිලංක
      Cineru Family Member

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට දැන් දිගටම මං සිනෙරු එකට සබ් දෙනවා, මට ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔයා නිසයි අපේ සිනෙරු ටීම් එකයි සිනෙරු පවුලත් එක්ක ඉන්න හැමෝම නිසා තමයි.

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සබ් එකට

    • චානක තිලංක
      Cineru Family Member

      බොහොම ස්තූතියි, SUPUN KAUSHALYA කමෙන්ට් එකට

  4. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela patta bro

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මං කිව්වනේ සහෝ මේකේ ඩවුන්ලෝඩ් හොඳ වේවි කියලා. ඊලඟට 10වෙනකල් එපි ටිකත් ඉක්මනින් දෙන්න.

    • චානක තිලංක
      Cineru Family Member

      ඒ ටික දෙන්න කලින් මං වෑන් හෙල්සිං එකේ නතර කරපූ එපි තුන දෙනවා. මං දැනුත් ඒ එක එපියක් සමිත සහෝට යැව්වා.

  6. චානක තිලංක
    Cineru Family Member

    සබ් එක ඩවුන්ලෝඩ් කරන හැමකෙනෙක්ගෙන්ම ඉල්ලන්න තියෙන්නේ සබ ඩවුන්ලෝඩ් කරන ගමන් කමෙන්ට් එකක් දාන්න කියලයි. ඒ වගේම සබේ මොකක් හරි අවුලක් තිබ්බොත් ඒකත් කමෙන්ට් කරන්න. 👍👍👍👏👏👊

  7. Broooo sub ekata thanks.puluwan nam download link ekakuth danna.

    • චානක තිලංක
      Cineru Family Member

      අම්මෝ මෙන්න සීනියර් කෙනෙක්ගෙන් කමෙන්ට් එකක් බොහොම ස්තූතියි කමෙන්ට් එකට.

  8. Patta bn thanks
    Puluwan nam download karanna site akak kiyanko
    kiyanko

  9. චානක තිලංක
    Cineru Family Member

    ස්තූතියි සහෝ අපේ සිනෙරු සයිට් එකේ ඩවුන්ලෝඩ් ලිස්ට් එකට දාලා තියෙන්නේ සහෝ එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

  10. meke ithuru epi tika ko? okkotama sub denne nethnam ai apiwa atharamaga hira karanne? me dhipu sub tika lassanai. ane kohomahari ithurutika denna. schl patan gattama mewa balanna amarui. ita kalin ithuru epi 20 denawada? plz admin sub karana aiyagen ahanna. me series eka nisa site ekath udata ewi. wena kawuruth dila ne ne. ane plzzzzzz.

  11. චානක තිලංක
    Cineru Family Member

    හරි සහෝ මගේ ෆෝන් එකේ අවුලක් ඇති උනා ඒක නිසා තමයි පරක්කු උනේ 50 වෙනි සබත් දෙන්න ඕනේ ඉක්මනට, අනික මේ දවස් වල මං පටන් ගත්ත කෝස් එකේ වැඩ ගොඩකට හිර වෙලා ඉන්න ගමන් මේ විදිහට ඔයාලා වෙනුවෙන් සබ් කරන්නේ සහෝ, ඒක නිසා සබ් පරක්කු උනාට සමාවෙන්න සහෝ.

  12. මේ සීරීස් එකේ ඉතුරු සබ් දෙන්නේ නැද්ද? අනේඑ කරුණාකරලා ඒ ටිකත් දෙන්නකෝ. මේකේ එපි හතර පහක්වත් දුන්නා නම් ඉතුරු ටික දෙනකන් බලන්න තිබ්බා. අනේ ඇඩ්මින් කෙනෙක් මේ ගැන පොඩ්ඩක් බලනවද? හරිම ආසාවෙන් ඩීසී හෝ මාර්වල් කොමික් බලන්නෙ. ඉතින් නවත්තන්න එපා. උපසිරැසිකරුවව දිරිමත් කරලා දිගටම සබ් ටික දෙනවා නම් ගොඩක්ම පිං. බොහෝම ස්‍තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *